රසයෙන් ගුණයෙන් පිරිපුන් පලතුර කෙසෙල්

කෙසෙල් සියලුම දෙනා අතර ඉතා ජනප්‍රිය පළතුරක්සුලබ බව මෙන්ම ගුණයෙන්ද ඉහළ කෙසෙල් ලෝකයේ ඉපැරණි ආහාර භෝගයක් ලෙසට සැලකෙනවාකෙසෙල් වල නිජබිම ගිනිකොණ දිග ආසියාව බවට මතයක් තිබෙනවා.

ලොව වාර්ෂික කෙසෙල් නිෂ්පාදනය ටොන් මිලියන 100කට ආසන්න වන අතර දැනට කෙසෙල් ප්‍රභේද 1000කට වඩා සොයාගෙන තිබෙනවාඒවා පළතුරක් ලෙස ගන්නා කෙසෙල් සහ ඉවීමට ගන්නා කෙසෙල් ලෙස කොටස් දෙකකට අයත් වනවා.

පෝෂණය

ඉතා ඉහළ පෝෂණයකින් යුතු කෙසෙල් ග්‍රෑම් සියයක ශක්තිය කිලෝ කැලරි 116ක්ද,ජලය ග්‍රෑම් 70ක්ද අඩංගු වෙනවා.ඊට අමතරව පිෂ්ටයපොස්පරස්කැල්සියම්මේදයප්‍රෝටීන්අන්තර්ගත වනවාසෝඩියම් සහ අඩු මේද නිසා හදවත් රෝගීන්ට සහ අධික රුධිර පීඩනයෙන් පෙලෙන අයට ඉතාමත් ගුණ දායකයිආමාශයේ වණ ඇති රෝගීන්ට සහ හන්දි ප්‍රදාහයෙන් පෙලෙන්නන්ටද කෙසෙල් වඩාත් ගුණ දායක වනවාඒ වගේම බිලිඳු දරුවන්ට පහසුවෙන් දිරවන ආහාරයක් ලෙසටද කෙසෙල් ජනප්‍රියයි.

ලොව ප්‍රධාන කෙසෙල් වගාකරුවෝ

අප්‍රිකානු රටවල්ලතින් ඇමරිකානු රටවල්දකුණු අග්නිදිග ආසියානු රටවල් ලොව ප්‍රධාන කෙසෙල් වගාකරුවෝ වෙනවාඒ අතරින් පිලිපීනයඉක්වදෝරයකැරිබියන් දුපත්කොලොම්බියාව සහ කොස්ටාරිකාව විශාල වශයෙන් කෙසෙල් අපනයනය කරන රටවල් වනවා.

කෙසෙල් වගාව

සිටුවීමේදී සාර්ථක අස්වැන්නක් සඳහා හොඳ මොටෙයියන් තෝරාගත යුතු වනවාකඩුපත් මොටෙයියන්පත්‍ර මොටෙයියන් හා දියපත් මොටෙයියන් ලෙස මොටෙයියන් වර්ග 3 තිබෙනවා.

පැළ සිටුවීමේදී පඳුරේ ඇති විසල් පත්‍ර හා අමතර මුල් ඉවත් කර පඳුරේ මුලට හොඳින් හිරු එළිය වැදීමට සැලැස්විය යුතුයගලවාගත් පැලය සිටුවීමට පෙර දිලීර නාශකයක් තැවරීමෙන් හොඳ ප්‍රතිපල ලබා ගත ගන්න පුළුවන්ඒ සඳහා ලිපේ අළුද ගැමියන් විසින් යොදා ගන්නවා.

කෙසෙල් වල ගුණ

  • කෝලිකුට්ටු

වැඩි ප්‍රමාණයක් glucose සහ sucrose අඩංගු නිසා දියවැඩියා රෝගීන්ට ගුණ දායක නැහැනමුත් දරුවන්ට ඉතාමත් ගුණ දායක පළතුරක්කෙසෙල් මල බුරුල් කරන පළතුරක් වුවත් කෝලිකුට්ටු බඩ වෙලිමකට් ලක් කරනවා.

  • ඇම්බුන්ආනමාලුරත් කෙසෙල්පුවාලු

මෙම කෙසෙල් වර්ග දියවැඩියා රෝගීන් සඳහා ගුණදායක වන අතර මල බුරුල් කරන ගුණයෙන් යුතු වනවාරෝගීන් සඳහා ගුණදායකයිබඩ දැවිල්ල නැති කරන Antacid අඩංගු වී තිබෙනවා.

  • නෙත්‍රවාලු

අධි රුධිර පීඩනය සහිත රෝගීන්ටද හර්ද රෝගීන්ටද මෙය ඉතාමත් ගුණ දායක පළතුරක්ලිංගික අප්‍රාණිකත්වය නැති කරන ගුණයෙන් යුතු නිසා එම රෝගයට අවශ්‍ය ඖෂධ නිපදවීම සඳහා මෙම කෙසෙල් වර්ගය යොදා ගන්නවා.

කෙසෙල් රසයෙන් ගුණයෙන් පිරිපුන් බවට මීට වඩා උදාහරණ අවැසි නැහැ නේදඒ විතරක් නෙමේ පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා දරුවන්ගේ මතක ශක්තිය වැඩි කරන අපූරු හැකියාවක් කෙසෙල් සතු බව.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles