පිරිපුන් කෙස් කළඹකට ස්වභාවික ප්‍රෝටීන් සත්කාරයක්

කොණ්ඩය ඝනව සහ පිරිපුන්ව පවත්වාගෙන යන්න නම් ප්‍රෝටීන් සත්කාර හරිම වැදගත්. නිවසේදීම කොණ්ඩයට ස්වභාවික ප්‍රෝටීන් සත්කාරයක් කර ගන්නා ආකාරය තමයි මේ ලිපියෙන් ඔබට කියන්න අපි හිතුවේ.

අවශ්‍ය දේවල්

  • අලිගැටපේර ගෙඩියක්
  • මීකිරි මේස හැදි 5
  • බිත්තරයක සුදු මදය සහ කහ මදය
  • ඔලිව් තෙල් හෝ එඬරු තෙල් මේස හැදි 2
  • විටමින් E කැප්සියුල් 2

සත්කාරය කරන අන්දම

  • මුලින්ම හිස ෂැම්පු කර කන්ඩිෂනර් නොයොදා හොඳින් සෝදා ගන්න.
  • අමුද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කර පැය බාගයක් පමණ තබන්න.
  • ඉන්පසු හිස් කබලේ ආලේප කරන්න.
  • කොණ්ඩය තීරු වලට බෙදා හොඳින් මුළු කොණ්ඩයේම ආලේප කර ගන්න.
  • මිනිත්තු තිහක් පමණ ඇඟිලි තුඩුවලින් කොණ්ඩය හොඳින් මසාජ් කර ගන්න.
  • ෂවර් කැප් එකකින් කොණ්ඩය ආවරණය කර පැය එකහමාරක් පමණ තබන්න.
  • ඔබට බිත්තර ගඳ ගැන ගැටලුවක් නැතිනම් ෂැම්පු කිසිවක් නොයොදා හිස සෝදා ගන්න. නැතිනම් බේබි ෂැම්පු යොදා හිස සෝදා ගන්න.
  • කුණු දූවිලි ඉවත් කරන ගුණයෙන් යුතු ෂැම්පු හෝ කන්ඩිෂනර් යොදන්න එපා.
  • කන්ඩිෂනර් අනවශ්‍ය වන්නේ අලිගැටපේර සහ මීකිරි කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කරන නිසායි.
  • හෙයා ඩ්‍රයර් භාවිතා නොකර වියළි තුවායකින් පිසදමා ගන්න.

මේ දේවල් ද දැනගෙන සිටීම වැදගත්.

ඔබට තදබල ලෙස සෙම් රෝග තිබෙනවා නම් මෙය එතරම් සුදුසු සත්කාරයක් නෙවෙයි. ඒ වගේම තමයි දහවල් එකට පෙර මෙය සිදු කිරීම වැදගත්. ඩැමේජ් වූ කොණ්ඩයකට නම් සතියකට වතාවක්ද සාමාන්‍ය කොණ්ඩයකට මාසයකට වතාවක් ද මෙය සිදු කළ යුතු වෙනවා.හොඳටම ඩැමේජ් වී ඇති කොණ්ඩයක්නම් දින තුනකට වතාවක් ප්‍රතිකාරය සිදු කිරීම ගැටලුවක් නෙවෙයි.

තොරතුරු සැපයීම – රූපලාවණ්‍ය ශිල්පිනී මධූ ජයවීර

Related Articles

Don't Miss


Latest Articles