අහල තිබෙනවද මල් තේ ගැන?

Flowering tea හෙවත් blooming tea නැතිනම් මල් තේ යනු වියළි තේ කොළ (green or black tea leaves) වියළුණු මලක හෝ මල් කිහිපයක් එකට එක් කොට වියලෙන්නට තබණ අතර උණු වතුර දැමූ විට පිපුණු මලක ස්වභාවයක් ගනියි. චීනයේ Yunnan පළාතෙන් මෙය ඇරඹෙන්නට ඇතැයි සැලකේ. රෝස, රවුම් තම්පලා (globe amaranth), කපුරු මල් (chrysanthemum) , පිච්ච, ලිලී, සපත්තු මල්, and තේ ඔලිව් මල් (osmanthus) යනාදී මල් බොහෝ විට මේ සඳහා භාවිතා කෙරේ.

Flowering tea චීනයෙ නව සොයාගැනීමක්ද පැරණි සොයාගැනීමක්ද යන්න පැහැදිලි නොවූවත් විනිවිද පෙනෙන වීදුරු බඳුනක පිළිගන්වන මෙම පානය ඉතා රසවත් ගුණවත් මෙන්ම අලංකාරද වේ. මෙය රස වෙනස්වන්නට පෙර කිහිප වරක් භාවිතා කළ හැකියි. තේ රහිතව වියළුණු මල් පමණක් උණුවතුරේ පැය භාගයක් පමණ බහා තබා ද මල් තේ සාදනු ලබයි.

මල් තේ පානය කිරිම මගින් ඔබට බොහොමයක් වාසි ලබා ගන්නත් පුළුවන්…

  • ශක්තිය වර්ධනයට මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමටත් මෙම පානය කදිමයි.
  • එමෙන්ම රුධිරයේ සීනි පමාණය පාලනයද මෙමගින් කළ හැකියි.
  • සීනි එකතු නොකරන නිසා වැඩි පැණී රසට අකමැති අයට කදිම ආද්ශකයක්.
  • Flavonoids and catechins ආදී ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වලින් සමන්විත හෙයින් රෝගයන්ගෙන් සෛල ආරක්ෂාකර වයස්ගතවීම අඩාල කරයි.
  • මුඛයේ දුර්ගන්ධය දුරලීමට මෙන්ම ස්ථුලතාවය අඩුකිරීමද සිදුකරයි.

තවමත් ලංකාවේ එතරම් ප්‍රචලිත නොමැති නමුත් ලස්සන වෙන්නට චීන ජාතික කාන්තාවන් බොහොම විශ්වාසයෙන් භාවිතා කරන  මෙම පානය, ඔබටත් අවස්තාවක් ලැබුණොත් බොන්නට අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles