Pedicure එකක් නිවසේදීම කර ගන්නේ මෙහෙමයි.

තරුණියකගේ සුන්දරත්වය වගේම පිරිසිදුකම මනින සාධකයක් වන්නේ ඇගේ සුන්දර දෙපා. නමුත් අපේ කාර්යබහුල වීම සහ අතපසු කිරීම් නිසා දෙපා පැලීමට ලක් වෙනවා. ඒ වගේම මේ කාලයේ පවතින උෂ්ණාධික බව දෙපා පැලීමට සහ දුර්වර්ණ වීමට හේතුවක්.මේ දවස්වල ඔබ සැලෝන් යන්නත් ඒ තරම් මනාපයක් නැති නිසා ගෙදරදී ම Pedicure එකක් කර ගන්නා හැටි ඔබට කියන්න අපි හිතුවා.

අවශ්‍ය ද්‍රව්‍ය 

  • මඳ උණුසුම් වතුර භාජනයක්
  • ෂැම්පු ටිකක්
  • බ්‍රෂ් එකක්
  • ලුණු තේ හැදි හතරක්
  • වෙළඳ පොළේ ඇති ෆුට් ස්ක්‍රබ්  එකක්.
  • Dry skinner එකක්
  • Nail cutter එකක්

සත්කාරය කරන ආකාරය

  • මඳ උණුසුම් වතුර භාජනයට කකුල් දමා ටික වෙලාවක් ඉන්න
  • එයට ෂැම්පු එකතු කරන්න.
  • ඩෙටොල් ද එක් කරන්න.
  • විනාඩි දහයක් කකුල් පෙඟුණු පසු දෙපතුල් හොඳින් බ්‍රෂ් කර ගන්න.
  • හොඳින් කකුල් සෝදා ඒ වතුර භාජනය ඉවත් කරන්න
  • තව වතුර භාජනයක් ගෙන කකුල් හොඳින් සෝදා ගන්න

කකුල් ස්ක්‍රබ් කර ගැනීම 

  • ෆුට් ස්ක්‍රබ් එකට ලුණු මිශ්‍ර කර ගන්න.
  • එය හොඳින් දෙපතුලේ, ඇඟිලි කරු ගල්වා ගන්න.
  • මෙමඟින් මැරුණු හම ඉවත් වී යන බැවින් යටි පතුලේ දුර්වර්ණ තැන්වල හොඳින් ආලේප කරන්න.
  • විනාඩි දහයක් පමණ හොඳින් මසාජ් කරමින් ස්ක්‍රබ් කරන්න.
  • විනාඩි පහක් පමණ හිඳින්න. රළු සම ඉවත් කරන්න එය උපකාරී වෙනවා foot file එකක් භාවිතා කරමින් ස්ක්‍රබ් එක තිබියදීම දෙකකුලේ රළු තැන් මැද ගන්න.
  • විනාඩි දහයක් පමණ හිඳ කකුල් සෝදා ගන්න.

ස්ක්‍රබ් කර ගත් පසු.

  • නේල් කටර් එකකින් නියපොතු කපා ගන්න.
  • කියුටිකල් ක්‍රීම් එකක් නියපොතු වල ආලේප කර විනාඩි පහක් තබන්න.
  • ඊට පසු කියුටිකල් පිටුපසටඑන සේ Pusher එකකින් පුෂ් කරගන්න. ඉන්පසු නියපොතු මැද ගන්න
  • ඔබට හැකි නම් පමණක් කියුටිකල් ප්‍රවේසමෙන් කපා ගන්න.
  • Dry skin cutter එකකින් කකුලේ රළු සම ඉවත් කර ගන්න.

(වීඩියෝවේ සඳහන් පරිදි එය සිදු කර ගන්න)

දෙපතුල් සඳහා ස්වභාවික පැක් එකක්.

අවශ්‍ය දේ

  • සීනි තේ හැදි 2
  • ඔලිව් තෙල්
  • කෝපි කුඩු
  • දෙහි බෑයක යුෂ

සියල්ල හොඳින් මිශ්‍ර කර ගන්න. දෙපාවල උඩ කොටසේ හොඳින් ආලේප කර ගන්න.විනාඩි විස්සකට පසු ඇල් වතුරින් සෝදා හරින්න. මොයිස්චරයිස් ක්‍රීම් එකක් ආලේප කර ගන්න.අඳුරු පැහැ වූ දෙපතුලකට මෙය ඉතා සුදුසුයි.

මේ pedicure එක ගැන නිවැරදි අදහසක් මේ වීඩියෝ එකෙන් ඔබට ලබා ගන්න පුලුවන් 

තොරතුරු සැපයීම – රූපලාවණ්‍ය ශිල්පිනී මධූ ජයවීර

Related Articles

Don't Miss


Latest Articles