පහසුවෙන් පිළියෙල කරගත හැකි රසවත් සැන්ඩ්විච් රෙසිපි 3 ක්.

සැන්ඩ්විචස් කියන්නෙ කොයි කා අතරත් ජනප්‍රිය කෑමක්.ඉතාමත් ඉක්මනින් පහසුවෙන් පිළියෙල කරගත හැකි නිසා හදිසි අවස්ථාවකදී වගේම,කාර්යබහුල අවස්ථාවකදීත් පවුලේ පෝෂණ අවශ්‍යතාවන් සැපිරීමට සැන්ඩ්විචස් සමත් වෙනවා.

ඉතින් මේ රෙසිපි කිහිපය වෙනස් රසයකින් වගේම අලංකාර පෙනුමකින් යුතුව සැන්ඩ්විචස් සාදාගැනීමට ඔබට උපකාර වේවි.

බතල සැන්ඩ්විච්

අවශ්‍ය දේවල්

  • තම්බා පොඩි කරගත් බතල ග්‍රෑම් 100
  • වලලු ලෙස කපාගත් බී ලූණු
  • සැන්ඩ්විච් පාන් පෙති 4
  • චීස්
  • ගම්මිරිස් සහ ලුනු

සාදාගන්නා ආකාරය.

  • තම්බා පොඩිකරගත් බතල වලට ලුණු සහ ගම්මිරිස් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
  • ඊට පසු එයට චීස් එකතු කර අනාගන්න.
  • පාන් පෙති ගෙන එහි මිශ්‍රණය හොඳින් ආලේප කරන්න.
  • ලූණු වළලු උඩින් අතුරා ගන්න.
  • අවශ්‍ය නම් පමණක් චීස් පෙත්තක් තබන්න.
  • දැන් පාන් පෙත්තකින් වසාගන්න.

රේන්බෝ සැන්ඩ්විච්

අවශ්‍ය දේවල්

  • පාන්පෙති 4
  • කැරට් ග්‍රෑම් 100
  • බීට්රූට් ග්‍රෑම් 100
  • සලාද කොළ කිහිපයක්
  • බටර් ග්‍රෑම් 50
  • ගම්මිරිස් ග්‍රෑම් 10
  • සලාද කොළ කිහිපයක්
  • බටර් ග්‍රෑම් 50
  • අවශ්‍ය පමණට ලුණු
  • මයෝනීස් සෝස් තේ හැඳි 4

සාදන ක්‍රමය

  • කැරට් සහ බීට් වෙනම තම්බාගෙන සිහින් කුඩා කැබලි වලට කපා ගන්න. ලුණු ,ගම්මිරිස්,මයොනීස් සෝස් දමා වෙන වෙනම කලවම් කරගන්න.
  • ටෝස්ට් කර බටර් ගාගත් පාන් පෙති මත කැරට් මිශ්‍රණය අතුරා පාන් පොත්තකින් වසන්න.
  • වැසූ පාන් පෙත්ත මත සලාද කොළ මිශ්‍රණය අතුරා නැවතත් පාන් පෙත්තකින් වසන්න.
  • දැන් එය මත බීට්රූට් මිශ්‍රණය අතුරන්න.
  • නැවතත් පාන් පෙත්තකින් වසන්න.
  • වටේට ඇති වාටි කපා ගන්න.
  • පැත්තකින් බැලූ විට වර්ණවත් තට්ටු වලින් යුතු බව පෙනේවි.

ක්ලබ් සැන්ඩ්විච්

අවශ්‍ය දේවල්

  • මයෝනිස් සෝස් ටිකක්
  • තුනියට කපාගත් සලාද කොළ ග්‍රෑම් 20
  • චීස් පෙත්තක්
  • තක්කාලි පෙති හතරක්
  • බේකන් ග්‍රෑම් 20
  • තම්බා තීරු කපා කපාගත් කුකුළු මස් ග්‍රෑම් 20
  • ගසාගත් බිත්තර එකක්

සාදන ක්‍රමය

  • පාන් පෙති ටෝස්ට් කරගන්න.
  • තීරු කපාගත් සලාද කොළ සමඟ මයෝනිස් සෝස් මිශ්‍ර කරන්න.
  • සලාද මිශ්‍රණය පාන් පෙත්තක ආලේප කරන්න.
  • ඒ මත උඩින් චීස් කැබැල්ලක් සහ තක්කාලි කැබැල්ලක් තබා ගන්න.
  • අනෙක් පැත්ත උඩ මයෝනීස් සහ සලාද මිශ්‍රණය තවරා ඒ මත කුකුළු මස් හා බේකන් කැබැල්ලක් තබන්න.
  • ඊළඟ පෙත්තට මයෝනීස් මිශ්‍රණය තවරා ඒ මතට බිත්තර ඔම්ලට් එකක් සාදා ඉතිරි පාන් පෙත්තෙන් වසන්න.
  • පාන් පෙති වල වාටි ඉවත්කර කපාගන්න.විසිරෙන බවක් ඇත්නම් පින් එකක් ලෙස ටූත් පික් එකක් ගසාගන්න.

Related Articles

Don't Miss


Latest Articles