දරුවන් තුළ මේ ලක්ෂණ තිබේ නම් ඒ “Separation Anxiety” තත්වයක්දැයි විමසිලිමත් වන්න.

රැකියාවකට යන බොහෝ දෙමාපියන් මුහුණ දෙන ගැටළුවක් වන්නේ දරුවන් තමන්ගෙන් වෙන් වූ පසු හෝ වෙන් වන මොහොතේ දක්වන නො සන්සුන් හැසිරීම් රටාවයි.බොහෝ විට පෙර පාසල් වයසේ දරුවන් අතර ද දෙමාපියන්ගෙන් වෙන්ව ගියහොත් මෙවැනි හැසිරීම් රටාවක් පෙන්නුම් කරනවා.වෙන්වීමේ කාංසාව හෙවත් Separation Anxiety ලෙස හඳුන්වන මෙම තත්ත්වය පිළිබඳ ඔබේ දැනුවත් භාවය එය ඉක්මනින් විසඳා ගැනීම සඳහා හරිම වැදගත් .

මොකක්ද මේ Separation Anxiety එහෙමත් නැත්නම් වෙන්වීමේ කාංසාව කියලා කියන්නේ ?

මෙය එක්තරා වර්ගයේ මානසික ගැටලුකාරී තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්.මෙහි දී සිදුවන්නේ දෙමාපියන් ගෙන් හෝ තමන්ට සමීප අන් අය ගෙන් වෙන් වීමට සිදුවීමේ බියෙන් දරුවා පෙලීමයි.සියලුම වයස් කාණ්ඩවල දරුවන්ට මෙම තත්ත්වය ඇති විය හැකියි.විශේෂයෙන් ම නව යොවුන් වියේ පසු වන ළමුන්ට ත්. මෙහිදී අදාළ දරුවා සමග කටයුතු කිරීමේදී මනා අවබෝධයක් තිබීම හරිම වැදගත්.නමුත් ආරම්භයේ දී මෙය ඇති වන්නේ සාමාන්‍යයෙන් වෙන් වීමට ඇති වන බිය ලෙසයි.ආරම්භයේදීම දරුවාගේ බිය ඒ පිළිබඳව සංවේදීව කටයුතු කිරීමෙන් මේ තත්ත්වය ඉක්මනින්ම නවතා ගන්නට පුළුවන්.

ඒ ඒ වයස් කාණ්ඩ යනු අනුව මෙම තත්ත්වය වෙනස් වෙනවා .

අලුත උපන් දරුවන්

අලුත උපන් දරුවන් මේ සම්බන්ධයෙන් බියක් ඇති කර දන්නේ නිවස පිළිබඳ කිසියම් අවබෝධයක් ලබාගත් පසු යි.බොහෝ කුඩා දරුවන් ට වයස මාස හතර පහ පමණ වන විට වෙන්වීමේ බිය ඇති වෙන්නට පුළුවන්.මව නිවසේ නොමැති අවස්ථා වලදී නොසන්සුන් වීම,හැඬීම,කිරි හෝ වෙනත් ආහාර නොගැනීම මෙවැනි විට ඇති වෙන්නට පුළුවන්.

සිඟිත්තන්

සිඟිත්තන් තුළ අවුරුදු එකහමාර පමණ පසුව මේ තත්ත්වය සමහර විට දකින්නට පුළුවන්.බිම පෙරළමින් අඬමින් ප්‍රතිචාර දැක්වීම මෙහි දී සිදු වනුයේ.

පෙර පාසල් යන දරුවන්.

කුඩා දරුවන් මෙන් නොව කිසියම් අවබෝධයකින් යුතු නිසා දෙමාපියන්ගේ ඈත්වීම ඈත් වීම ඔහුට අවබෝධ කරගන්නට පුළුවන්.නමුත් හැඬීම විවිධ අසනීප ප්‍රකාශ කිරීම ආදිය මඟින් වෙන් වීම ප්‍රතික්ෂේප කරන අවස්ථා තිබෙනවා.

එය රෝගී තත්වයක් ලෙසට වර්ධනය වන විට හඳුනා ගන්නේ කෙසේද?

  • වෙන් වීමේ දී හඬමින් කෑ ගැසීම.වෙන් කිරීමට අපහසු වීම.
  • තනිව ම නිදා ගැනීමට අකමැති වීම.
  • නිවැසියන්ට කරදරයක් සිදුවේදැයි නිතරම සිතීම.
  • පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම.
  • නිතර ම දුකින් කාලය ගත කිරීම.
  • මස් පිඬු වේදනාව පැමිණීම.
  • නිතරම හිසරදය ,බඩේ කැක්කුම් ආදී රෝග ගැන පැමිණිලි කිරිම.

Separation Anxiety අවම කර ගැනීම සඳහා කළ යුතු ක්‍රියා මාර්ග මොනවාද ?

  • කුඩාම දරුවන් සමග හැකි තරම් දෙමාපියන් ළඟ රැඳීම.එසේ කළ  නොහැකි අවස්ථා වලදී විශ්වාසවන්ත එක් අයෙකු සමග දරුවා තැබීම.මෙහි දී දරුවා බලාගන්නා තැනැත්තා නිතරම වෙනස් නොකිරීමට වග බලා ගන්න.
  • සමු ගැනීමේ දී අනවශ්‍ය තරම් වේලාවක් ගත නොකර  ඉක්මනින්ම සමු දෙන්න.
  • දිනපතා කිසියම් කාල සටහනක් අනුව දරුවා හුරු කරවන්න.
  • ආදරය අවධානය අඩුවක් නැතිව දෙන්න .
  • දරුවාගෙන් වෙන් වන විට ඔබගේ දුක දරුවාට පෙන්වන්නට එපා.
  • අවබෝධයක් ඇති දරුවකු සමග ඔබ කොහෙද යන්නෙ,ඇයි එසේ පිට වන්නේ,කොතරම් වේලාවකින් නිවසට පැමිණෙනවා ද ගැන කතා කරන්න .
  • දිවා සුරැකුම් මධ්‍යස්ථානයක දරුවන් තබන අවස්ථා වලදී කාරුණික ඉතාමත් හොඳ සේවයක් ලබා දෙන ආයතන පමණක් සොයා ගන්න.
  • සවස් වරුවේ දී දවසේ සිදුවීම් දරුවා සමඟ කතා කරන්න.
  • තමන් නොමැති අවස්ථාවල දී ඔහුට/ඇයට දැනෙන හැඟීම්   ගැන විවෘතව කතා කරන්න.අනවශ්‍ය බිය නැති කරන්න .

දරුවන් තමන්ට ආදරය කරන දේවල් වලින් වෙන් වීම ට ඇති අකමැත්ත ඉතාමත් සාමාන්‍ය දෙයක්.එය දරුවන්ට පමණක් නොවෙයි වැඩිහිටියන්ටත් තිබෙනවා.ඒ නිසා බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් එම තත්ත්වය ඉක්මනින්ම පහ කර ගැනීමට පුළුවනි.නමුත් එය කිසියම් රෝගී තත්ත්වයක් කරා වර්ධනය නොවීමේ ඉඩ කඩ පවතින්නේ ඔබ දරුවා සමග බුද්ධිමත්ව ක්‍රියාත්මක වුණොත් පමණයි.

Related Articles

Don't Miss


Latest Articles