කතන්දරයක් අහමු

කතන්දරයක්  අහන්න හැමෝම වාඩිවෙන්න…

ගිය සතියේ  අපි පොරොන්දු වුණා අලුත්  පොතක්  අරන් එනවා  කියලා,ඒ වගේම  අපි  තවත්  සැලකිලිමත්  වෙන්න  ඕනෑ  දෙයක්  තම  අප  තෝරාගන්න  පොත  අපේ දරුවාගේ කියවීම්  මට්ටමට ගැලපෙනවද  කියන එක ,නැත්තම්  වෙන්නේ එයාට  කතන්දරයි  පොත් කියවිල්ලයි ඔක්කොම එපා වෙන එක විතරයි ,අපි ඒ ගැනත්  ටිකක්  දැනුවත් වෙලා ඉමු ,එහෙම නේද ?

සාමාන්‍යයෙන්  අපි දන්නවා දරුවන් අකුරු  කියවිය හැකි සහ  තවමත් අකුරු ඉගෙනගෙන නැති  කියන වයස්  කාණ්ඩ  දෙකෙන්ම ඉන්නවා  කියන එක ,ඉතින්  කතන්දර  පොතක් තෝරා ගැනීමට පෙර තම දරුවාගේ  තත්ත්වය හඳුනා ගෙන  සිටීම ඔයාට පහසුවක් වේවි ,අකුරු  කියවීම ඇරඹු  අවදියේම සිටින දරුවෙකුට ,වර්ණ පින්තූර වලින් තෝර ,අකුරු ගොඩකින්  පිටු පුරවලා  තිබෙන  පොතක් දුන්නොත්?ඔහුට හෝ  ඇයට  එය  ලොකු අපහසුවක්! මේ නිසා  දරුවන්ගේ කියවීමේ කැමැත්ත  වැඩි කරන එක අපේ අරමුණ නම්  මෙන්න මේ ක්‍රියා මාර්ග ටික අනුගමනය  කරන එක අපහසු නැහැ.

  1. දරුවාගේ  අකුරු කියවීමේ හැකියාව  පිලිබඳ සොයා බැලීම
  2. වර්ණ රූප සහිත පොත් තෝරා ගැනීම
  3. අකුරු  එකතු කරමින් කියවන දරුවන් (level 1 readers)  අකුරු පහකට අවම වචන ඇති ,උපරිම වචන හයකට වඩා වැඩි නොවන ,තනි වාක්‍ය වලින් යුතු පොත් තෝරා ගැනීම
  4. කතා  වස්තුව පිලිබඳ සැලකිලිමත් වීම
  5. පිටුවකින් සියයට අසුවක චිත්‍ර සහිත කතන්දර නව කියවනන්  සඳහා තෝරා ගැනීම
  6. කතාවේ අවසානය දුක් සහිත නොවන ,කතා රසයෙන් යුතු ,පොත් තෝරා ගැනීම

දරුවන් තුල ජාති  ආගම් කුල පන්ති භේද  ඇති කරන පොත් තෝරා නොගැනීමෙන් ඔයාගේ දරුවන් පුළුල් මනසකින් ලොව දකින  කෙනෙකු වීමට හුරු වේවි.  ඉතින්  මේ සතියේ මම තෝර ගත්තා ලස්සනම ලස්සන කතාවක්, මේ පොත පරිවර්තනයක්, කතාව  චිත්‍ර  ඉතාමත්  නිර්මානශිලිව භාවිතා කරලා තියෙනවා මේ පොත නිමවද්දී, ඇඩම් රේල්ෆ්  කියන විදේශ ලේඛකයාගේ කතාව සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ ජනක ඉනිමංකඩවිසින්, ඇත්තටම මම ගොඩක් කැමති දරුවනුත් ගොඩක් කැමති වන පොතක්, ඔයාටත් දරුවා එක්ක රසවිඳිය හැකි පොතක්, මේ පොත අකුරු හොඳින් කියවන, level 3 මට්ටමේ අයටගැලපෙන  එකක් වුනත් කලබල වෙන්න දෙයක් නැහැ කතන්දර පැයේදී  ඔයාට පුළුවන් හරිම පහසුවෙන් මේ පොත තාමත් අකුරු ඉගෙන නොගත් සහ වචන අමාරුවෙන් අහුලා ගන්න දරුවන්ටත්  කියල දෙන්න.

පොතේ නම නරි පැටියාගේ යාළුවෝ, පුංචි  නරි පැටියෙකුට යාලුවෝ ටිකක්  හොයා ගන්න  ඕනෑ වෙනවා  ඉතින්  එයා ඒ සඳහා විවිධ දේවල් කරනවා, මුලින්ම යාලුවෙක් අල්ල ගන්න කියල එයා සත්තු අල්ලන දැලත් අරගෙන යන්න හදනවා, ‘යාලුවන්ව  කොහොමද  පුතේ  අල්ලගන්නේ, අපි යාලුවන්ව  හදාගන්න ඕනෙ’  කියල අම්මා හිනාවෙලා කියනවා, ඔන්න ඉතින් නරි පැටියා යාලුවෙක් හදාගන්න යනවා.

එයා කල්පනා කරනවා යාලුවෙක් හදාගන්නේ කොහොමද කියලා ,එයා ගස් අතු කිහිපයකුයි, ඇපල් ගෙඩියකුයි ,තව පොඩි ගෙඩි කිහිපයකුයි එකතු  කරගෙන සතෙක්ව හදනවා ,ඊට  පස්සේ එයා සතුටෙන් හිතනවා එයාට යාලුවෙක් ඉන්නවා කියලා ,ඒත් ඒ යාලුවා කතා කරන්නේවත් ,සෙල්ලම් කරනවත් එන්නේ නැහැ ,’සමහරවිට මෙයා පොඩි වැඩි ඇති සෙල්ලම් කරන්න ,හදන්න ඕනා මිට වඩා ලොකු යාලුවෙක් ‘එයා හිතනවා.

ඉතින් ඔහොම යාලුවෝ හදන්න ගන්න උත්සාහයේදී නරි පැටියාගේ උදව්වට හා පැටියෙකුයි ලේන්පැටියෙකුයි  එකතු වෙනවා .තුන් දෙනාම යාලුවෝ හදන්න වන උත්සාහය අසාර්ථක වෙලා දුකෙන් පැත්තකට වෙලා ඉන්න කොට නරි පැටියාගේ අම්මා එනවා, අම්මා කියනවා හා පැටියවයි, ලේන් පැටියවයි පෙන්නලා එයාල තමයි යාලුවෝ කියල, නරි පැටියා ඒ වෙලාවේ හා පැටියයි, ලේන් පැටියයි  දිහා බලල ‘ඇත්ත නේන්නම් මේ ඉන්නේ මට හොඳ යාලුවෝ ටිකක්’ කියලා සතුටින් උඩ පනිනවා.

ඉතින් දරුවොත් එක්ක ඇවිදින්න යනකොට පොත් සාප්පුවකට එයාලව එක්කගෙන ගිහින් නරි පැටියාගේ යාලුවෝ කතාව සහ චිත්‍ර සහිත පොත හොයාගන්නත් අමතක කරන්න එපා. එයාලට ඒ කතාව  ලස්සනට කියල දෙන්නත් අමතක කරන්න එපා. ඉතින් ලබන සතියෙත් අලුත් කතාවක් එක්ක අපි හමු වෙමු.

චම්මි

 

Related Articles

Don't Miss


Latest Articles