කොණ්ඩයට හානි නොකර හෙයාර් අයන් එකෙන් හිසකෙස් අයන් කරන්නේ මෙහෙමයි.

බොහෝ තරුණියන් කැමති කොණ්ඩයට විලාසිතා කරන්න, ඉතින් ඔවුන්ට ඒ සදහා නිතරම හෙයාර් අයන් එක පාවිච්චි කරනවා. නමුත් ඔබ නිතරම හෙයාර් අයන් එකක් පාවිච්චි කිරීමේදී මේ කරුනු ගැන සැලකිලිමත් නොවුනොත් ඔබේ කොණ්ඩයට හානි විය හැකි.
ඉතින් මේ ලිපියේ අරමුණ ඔබ සැලකිලිමත් විය යුතු ඒ කරුණු ගැන ඔබට මතක් කිරීමයි.

අතීතයේ පටන් ආසියාතික කාන්තාවන්ගේ ප්‍රතිරූපය වනුයේ රැලි සහිත කෙස් කලඹයි. නමුත් වර්තමානයේ දී බොහෝ දෙනා රැළි සහිත හිසකෙස් සෘජු කිරීමට කැමැත්තක් දක්වයි. මෙහිදී හෙයාර් අයන් එකෙන් කෙරෙන කාර්යය වන්නේ තාවකාලිකව කෙස් කලඹ straight කිරීමයි.

ඒ වගේම රීබොන්ඩිං, ස්ට්‍රේටිං, රිලැක්සිං යන permanent ක්‍රම මඟින් හිසකෙස්‌ දීර්ඝ කාලයක් සෘජුව තබා ගැනීමට හැකියි. මෙසේ කොණ්ඩය සකස් කිරීමේදිත් හෙයාර් අයන් එක යොදා ගන්නවා. ඔබ නිතරම කොණ්ඩයට විලාසිතා කරන කෙනෙක් නම් හොඳ ප්‍රමිතියෙන් යුතු hair iron එකක් මගින් අවශ්‍ය විටක හිසකෙස් තාවකාලිකව ඍජු කර ගත හැකියි.

ඔබ නිතරම හෙයාර් අයන් එකක් පාවිච්චි කරනවා නම් මේ කරුණු ගැන සැලකිලිමත් වන්න

  • හිසකෙස්‌ අයන් කිරීම සිදු කිරීමේදී කිසිවිටෙකවත් හිසකෙස් වල තෙත තිබියදී අයන් කරන්න එපා. හිසකෙස්‌ හොඳින් වියලා ගෙන අයන් කිරීම සිදුකළ යුතුය
  • අයන් එකේ උෂ්ණත්වය ගැනද සැලකිලිමත් වන්න.
  • කුඩා කොටස් ගෙන අයන් කිරීමේදී හිසකෙස්වලට හානියක් නොවිය යුතුයි. එම නිසා අයන් කිරීමේදී ඔබේ ඒ පිළිබදව නිවැරැදි අවබෝධයක් ඇතිව කළ යුතුයි, නැතිනම් හිස්කබල හානියට පත් විය හැකියි.
  • හෙයාර් අයන් එක තෝරා ගැනීමේදී විදුලිය කාන්දු නොවන ප්‍රමිතියෙන් යුතු ඉහළ තාක්ෂණයකින් යුතු උෂ්ණත්වය පාලනය වන අයන් එකක් තෝරා ගත යුතුයි.
  • අයන් කිරීමට ප්‍රථම හිසකෙස්‌ ගැන හොඳ අවබෝධයක් ද තිබිය යුතුයි. විශේෂයෙන්ම වියළි කෙස් ද, තෙල් සහිතද, සම්මිශ්‍රණයක්ද, පළුදු ද රසායනික ද්‍රව්‍ය එක්කර ඇත්ද දැනුවත් භාවයක්ද අවශ්‍යයි. අපිරිසුදු සහ තෙල් ගල්වා ගත් හිසකෙස් කිසිදු විටෙක අයන් නොකළ යුතු බව මතක තබාගත යුතුය.

නිවැරැදිව කොණ්ඩය අයන් කිරීමේදී

  • පළමුව කොණ්ඩය ශැම්පූ කර කන්ඩිෂනර් කර ගන්න.
  • ඉන් අනතුරුව හිසකෙස් හෙයාර් ඩ්‍රයරයෙන් වේළාගන්න.
  • දැන් කොණ්ඩය කුඩා කොටස්වලට බෙදා ගනිමින් අයන්කර ගත හැකියි. මේ සඳහා පුහුණුවක් හා දැනුවත් බවක් වගේම තිබීම වැදගත්ය.

Hair iron එකකින් තාවකාලිකව හිසකෙස් පහසුවෙන්ම සකසා ගත හැකි නිසා රැකියාවට යන යුවතියන්ට තාවකාලිකව කොණ්ඩය ස්ට්‍රේට් කර වෙනස් පෙනුමක් ලබා ගන්න පුලුවන්. ඒ වගේම උත්සව අවස්තාවකට වූවත් සැලොන් නොයාම නිවසේදීම ලස්සන හෙයාර් සෙටින් එකක් කර ගන්න පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles