සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට පෙර ඔබ සැලකිලිමත් විය යුතු දේවල්.

කාන්තාවන්ට අපහසුවක් ගෙනෙන දවස් කිහිපයක් සෑම මසකම එළඹෙනවා.ඉතින් ඒ දිනයට අපහසුවකින් තොරව මුහුණ දෙන්නට අප මනාව සුදානම් වුණොත් කිසිදු අපහසුවකින් තොරව ඒ දින කිහිපය ගත කරන්නට අපට පුළුවන්. ඒ සදහා ඔබට ගැලපෙනම සනීපාරක්ෂක තුවායක් තෝරා ගැනීම ඉතාම වැදගත්..

සටහන් තබාගන්න.

ආර්තවය සිදුවන දිනය සටහන් කරගන්න.එවිට ඊළඟ මාසයේ දිනයට මනා සුදානමකින් සිටින්න පුළුවන්. එහිදී විශේෂයෙන් ආර්තවය වන දිනයේදී ඔබ ලග සනීපාරක්ෂක තුවායක් නොමැතිව ඔබ අපහසු තාවයට පත් වන්නේ නෑ.

නියමිත ප්‍රමිතියේ සනීපාරක්ෂක තුවායක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

Pads එහෙම නැත්තම් සනීපාරක්ෂක තුවා යුවතියන් කාන්තාවන් සියලුම දෙනාටම නැතිවම බැරි දෙයක්. ශරීර අභ්‍යන්තරයෙන් පැමිණෙන රුධිරය උරා ගැනීම සඳහා නිපදවා තිබෙන මේවායේ සෞඛ්‍යාරක්ෂිත බව බෙහෙවින්ම ඉහළ තත්වයක තිබිය යුතු වනවා. එහෙත් සමහර අය ඒ පිලිබඳ අවබෝදයකින් තොරව නිසි ප්‍රමිතියක් නැති Pads භාවිතා කිරීම නිසා විවිධ ආසාදන තත්වයන්ට ගොදුරු වනවා..

කපු මිශ්‍රිත තුවා තෝරා ගන්න

ලංකාව කියන්නේ බෙහෙවින් උෂ්ණාධික ,නිතරම දහදිය දමන රටක් .කපු මිශ්‍රිත තුවාය අවශෝෂණය පහසු කරනවා වගේම අසාත්මිකතා ඇති කරන්නෙත් නැහැ.ඒ නිසා නිතරම කපු වැඩිපුර මිශ්‍රිත තුවා තෝරා ගැනීමට සැළකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

මැද ජෙල් අතුරනය

හොඳ සනීපාරක්ෂක තුවායක් අනිවාර්යයෙන්ම මැද ජෙල් අතුරනයකින් සමන්විත විය යුතුයි.එය රුධිරය දරා ගෙන එය ජෙල් බවට පරිවර්තනය කර දිගු වෙලාවක් රඳවා තබා ගැනීමට සමත් වෙනවා.ඔබට තෙත ගතියක් දැනෙන්නේ නැහැ.ඉක්මනින් උතුරා යාමක් සිදු වන්නේ නැහැ.

පියන්පත්

දෙපස පියන්පත් ආකාරයේ ඇලවුමක් සහිත සනීපාරක්ෂක තුවා යට ඇඳුමට මනාව ඇලවී තිබෙන බැවින් අනවශ්‍ය පිටාර ගැලීම් වලට ලක්වන්නේ නැහැ.

මතුපිට ස්වාභාවය

ඔබ මෙම තුවා භාවිතා කරන්නේ ඉතාමත් සුසිනිඳු ප්‍රදේශයක ස්පර්ශ වීමට බැවින් එය ඉතාමත් සුසිනිඳු එකක් විය යුතු වීම අනිවාර්යයි.නැත්නම් ඇඳගෙන සිටින කාල සීමාව තුළ අපහසුවෙන් ඉන්නට සිදු වෙනවා.

දිග ගැන සැලකිලිමත් වෙන්න

මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුවත් සනීපාරක්ෂක තුවාය සාමාන්‍යයෙන් අඟල් අටක පමණ දිගකින් යුතු වීම වැදගත් වනවා. එවිට අනවශ්‍ය පිටාර ගැලීම් වලින් වැළකීමට මෙන්ම වැඩි අවශෝෂණයකට ඉඩ කඩ සලසනවා.

කාලය

උපරිමව පැය තුනකුත් අවමව පැය දෙකෙන් දෙකට හෝ සනීපාරක්ෂක තුවාය මාරු කිරීමට වගබලා ගන්න.මෙය රුධිරවහනය සමඟ වෙනස් විය හැකි බැවින් අධික වහනයකදී දිගු වේලාවක් ඇඳගෙන සිටීමෙන් වලකින්න.

තව මොනවද සැළකිලිමත් විය යුතු?

අනිවාර්යයෙන්ම කල් ඉකුත් වීමේ දිනය බලන්න. ඒ වගේම භාවිතා කරන අතර කිසියම් කැසීමක් , ආසාදන තත්වයක් ඇතිවන්නේ නම් වහාම භාවිතයෙන් ඉවත් කරන්න.

සනීපාරක්ෂක තුවා එලෙස තෝරා ගැනීම ගැන සැළකිලිමත් වනවා වගේම දිනපතා නෑමෙන්,ඒ වගේම දිගු වෙලාවක් තුවා ඇඳගෙන නොසිටීමෙන් මෙන්ම නිරන්තරන්ම පිරිසුදු බව රැක ගැනීමෙන් ඔබට සෞඛ්‍යාරක්ෂිත සොඳුරු ජිවන අත්දැකීමක් විඳීමට හැකියාව තිබෙන බව අමතක කරන්න එපා.

මේ සියල්ලම අනුගමනය කිරීමෙන් ඔබට අපහසුවකින් තොරව ඔබේ අපහසු දින කිහිපය ගෙවා ගන්නට පුළුවන් වන බව ඔබටම අත්හදා බලන්න පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles