මනබඳින රුවක් ,සුමිහිරි හඬක් දායාද කරන සුවඳවත් සහල සුවඳැල්

සුවඳැල් කියන්නේ වඩාත් සුලබව භාවිතා නොවන,පෙර කාලයේ රජ සිටුවරුනට පමණක් සීමාවී තිබුණ සහල් වර්ගයක්.ජනශ්‍රතියේ කියවෙන්නේ මෙම සහල් සාමාන්‍ය මිනිසුන්ට වගා කිරීම තහනම්ව පැවතුන බවයි.මෙය සමන් දෙවියන්ගෙන් ලැබුණ දායාදයක් ලෙසද සැලකෙනවා.මෙම වී වර්ගය සමන් දෙවියන් පාරමී පුරා ගැනීම සඳහා බුදුන්ට පිදීමට සුදුසු ලෙස තැනුනේ යැයි කියවෙනවා.මේ නිසාම පාරමී පුරන්නට බවුන් වඩන ආර්ය මහා සංඝ රත්නයට පුජා කිරීමට සුදුසු යැයි සඳහන් වෙනවා.

  • සියලු රෝග නිවාරණය කිරීමේ ඖෂධීය ගුණයෙන් පිරිපුන් බැවින් සුවඳැල් රූපය හැඩ ගන්වනනවා.ඒ වගේම හෝමෝන ක්‍රියාවලිය සමතුලිත කරවනවා.
  • මෙම සහලින් පිසෙන කැඳ මළ බද්ධය දුරු කරවනවා .
  • සිරුරේ දහදිය දුගඳ අඩුකරවනවා.
  • කටහඬ මිහිරි කරවනවා.
  • දියවැඩියාව පාලනය කරවනවා.
  • ග්ලුකෝස් අධිකව නොමැති නිසා තල,කුරහන්,මුo ඇට වැනි ධාන්‍ය සමඟ කලවම් කොට කැඳ සහ තලප ආකාරයට සකසා ගැනීමෙන් කායික සහ මානසික නිරෝගිතාවය ලැබෙනවා.
  • අධි රුධිර පිඩනයට හේතු කාරක වලකාලනවා.
  • හර්ද ස්පන්දන වේගය සාමාන්‍ය කරවනවා.
  • ඇස් වල රෝගවලට සහ ස්නායු වර්ධනයට ඉතාමත් යහපත් වනවා.
  • සම පැහැපත් වීම,කටහඬේ මිහිරි බව වැඩිවීම,කායික ශක්තිය වර්ධනය වීම.

තරමක සිතල ගුණයෙන් යුතු සහල් වර්ගයක් නිසාවෙන් දිනපතා කුඩා දරුවන්ට දීම සුදුසු වන්නේ නැහැ.ස්වාභාවිකව වගා කිරීමෙන් පසෙහී ඇති අයන වර්ග උරා ගැනීමේ හැකියාව මෙම වී වර්ගයට තිබෙනවා.ධාන්‍ය වර්ග කිහිපයක් එකතු කර කැඳ පිළියෙළ කරගැනීමෙන් මෙම ඛනිජ අයන ශරීරයට හොඳින් උරා ගන්නවා.

මේ සහලේ සියයට 90ක් කාබෝහයිඩ්රේට් ද සියයට හතක් අසංතෘප්ත ප්‍රෝටින්ද සියයට 0.7 අසංතෘප්ත මේදයද ,සියයට 0.1ක් අසංතෘප්ත තන්තුද අඩංගු වෙනවා.

ඉතින් පෝෂණයෙන් රසයෙන් සුවඳින් නොඅඩු මේ සුවඳැල් සහල් ඔබේ රුව තව තවත් ඔපවත් කරනවා වගේම, ඔබේ පවුලේ සැමගේම කායික මානසික සුවතාවය ආරාක්ෂා කරන බව දැන් ඔබට හොඳින්ම පැහැදිලි ඇති බව අපට සහතිකයි.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles