කියවන්න පොතක් – 12.12.12

ප්‍රංශයේ ජීවත්වු කල්පනා වික්‍රමසූරිය සහ ඇයගේ කුඩා පුතු හසීල් කිසිම සාක්ෂියක් අති දක්ෂ මිනීමරුවෙකු අතින් ඝාතනයට වෙනවා. ගෘහ මුලිකයා වූ භාතිය වික්‍රමසූරිය ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් භාරයට පත් වෙනවා.මිනීමරුවා සොයා යෑමේ පරීක්ෂණය භාරවන්නේ ප්‍රංශ අපරාධ විමර්ශන කොට්ඨාසයේ දක්ෂතම රහස් පරීක්ෂිකාව වූ “නතාලි මුණියේ” ට.

12.12.12 සමාජ ජාල සහ ඉන් ඔබ්බට දැඩි ලෙස කතාබහට ලක් වූ පොතක්.දැඩි පාඨක අවධානයකට ලක් වූ 12.12.12 මේ වන විට මුද්‍රණ වාර කිහිපයක් ලෙස නිකුත් වී best seller වූ කෘතියක් ද වෙනවා

සැලසුම් සකස් කිරීම සහ දත්ත විශ්ලේෂණය කිරීම, සීමිත වූ හෝඩුවාවන් පසුපස හඹායෑම සහ Facial Composite ක්‍රියාවලිය සමඟ අධික කුතුහලය සහිතව අපරාධ විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රංශ පොලීසිය විසින් අනුගමනය කරන මෙහෙයුම් ක්‍රියාවලිය නිසාම පාඨක අවධානය සහ ආකර්ෂණය නිරන්තරයෙන් 12.12.12 ට හිමි වුණා. Thriller ශානරයට අයත් කෘති පරිවර්තන ලෙස කියැවූ අපිට ස්වතන්ත්‍ර කෘතියක් ලෙස 12.12.12 කියවන්නට ලැබීම ම අපූරු අත්දැකීමක්.

කෘතිය රචනා කරන්නේ මංජුල සේනාරත්න මහතා විසින්.මෙය මියුසස් ප්‍රකාශනයක්.

මේ කෘතිය සත්‍ය කතාවක්දැයි බොහෝ දෙනෙකු මංජුල සේනාරත්න මහතාගෙන් විමසනවා. ඔහු එයට ෆේස්බුක් ගිණුම හරහා මෙවැනි පිළිතුරක් දී තිබුණා.

වසර හතකට පෙර අද වැනි දිනයක , එනම් 2012 වසරේ දෙසැම්බර් 12 වැනිදා පැරිස් නගරයේ 14 වැනි ප්‍රදේශයේ හියුජෙන්ස් පාරේ අංක 46 ගොඩනැගිල්ලේ පස්වන මහළේ සිදුවුණු ඛේදවාචකයකි. මැදියම් රැය පසු වී ගෙවෙන හෝරාවකදී නිවසට ඇතුළු වන මර්වාන් අල් හසන් නැමැත්තා කල්පනා වික්‍රමසූරිය සහ ඇගේ දස හැවිරිදි පුතු හසීල් ව ඝාතනය කළේය. මගේ 12.12.12 පොත ලියවුණේ මේ සිද්ධිය පාදක කර ගෙනයි.

ප්‍රංශ පොලිස් පොත් වල “12.12.12 මිනීමැරුම” ලෙසින් සටහන් වූ සහ පැරිස් නුවර විසූ ශ්‍රී ලාංකිකයින් විසින් “කල්පනා මැරූ සීතය” ලෙසින් හැඳින්වූ එම ඛේදවාචකයේ උණුසුම ඔබත් විඳ බලන්න.

මේ Thriller ශානරය ප්‍රිය කරන ඔබ කියවා බැලිය යුතුම පොතක්.

Related Articles

Don't Miss


Latest Articles