හවස තේ වෙලාවට පහසුවෙන් සකසා ගත හැකි ටොෆි වර්ග 3ක්.

අපේ පොඩිත්තෝ පැණි රස කන්න හරිම මනාපයි. ඒත් කෘතිම රසකාරක අඩංගු, අධික සීනි ප්‍රමාණයක් ඇති වෙළඳපොලේ ටොෆි වර්ග දරුවන්‍ට දෙන්න අපි ඒතරම් කැමති නෑ. ඒ නිසා ගෙදර හදපු විවිධ රස ටොෆි පොඩිත්තන්ට දෙන්න මේ රෙසිපි අපිට උදව් වෙයි.

අල ටොෆි

අවශ්‍ය දේවල්

  • ටින්කිරි කුඩා ප්‍රමාණයේ ටින් එකක්
  • සීනි 750g
  • තම්බා පොඩි කර ගත් අර්තාපල් 500g
  • වැනිලා එසන්ස් තේ හැඳි
  • කජු කෑලි
  • බටර් මේස හැදි 2ක්

සාදා ගන්නා ආකාරය

  • තම්බා පොඩි කරගත් අල සහ සීනි බඳුනකට දමා අඩු ගින්දරේ ලිප තබා සීනි දියවෙන තෙක් හැඳි ගාමින් රත් කරන්න.
  • සීනි දියවූ පසු එයට ටින්කිරි එකතු කරන්න.
  • පැය බාගයක් පමණ හැඳි ගාන්න.
  • මිශ්‍රණය උකු වූ පසු වැනිලා එසන්ස් සහ කජු කැබැලි එකතු කරන්න.
  • මිශ්‍රණය ගුලියක් වන තෙක් හැඳි ගාන්න.
  • ගුලියක් වූ පසු එයට බටර් එක් කර ගන්න.
  • තැටියක බටර් ගා මිශ්‍රණය එහි දමා අවශ්‍ය ගණකම එනතෙක් තුනී කරගන්න.
  • විනාඩි විස්සකට පමණ පසු කැබලි කපා ගන්න පුලුවන්.

කිරි ටොපි

අවශ්‍ය දේවල්

  • මිල්ක්මේඩ් ටින් 1 ( 39
  • සීනි මිල්ක්මේඩ් ටින් එකෙන් -1
  • වැනිලා තේ හැදි 1 1/2
  • බටර් මේස හැදි 1
  • කුඩාවට කැපූ කපා ගත් කජු ටිකක්

සාදාගන්නා ආකාරය

  • භාජනයක් ගෙන මිල්ක්මේඩ් සහ සීනි දමා කලවම් කර අඩු ගින්දරේ ලිප තබන්න.
  • මිශ්‍රණය උකු වන තුරු හැඳි ගාන්න.
  • උකු වෙද්දී බටර් ටිකක්, කජු සහ වැනිලා එක් කරන්න.
  • තැටියක බටර් ටිකක් ගා ගන්න.
  • කිරි ටොපි මිශ්‍රණය ගුලි ගැසී එන තෙක් හැඳි ගා ගුලි ගැසුණු විට මිශ්‍රණය ට්‍රේ එකේ හොඳින් තුනී කර ගන්න.
  • ඉන්පසු නිවෙන්නට හැර කැබලි කපා ගන්න.

පොල් ටොෆි

අවශ්‍ය දේවල්

  • සිහින්ව ගා ගත් පොල් 450g
  • සීනි 600g
  • වතුර 150ml
  • රෝස් වෝටර් තේ හැඳි 1/2
  • කලරින්
  • මිල්ක් පවුඩර් මේස හැඳි 2
  • බටර් ගා ගත් තැටියක්

සාදාගන්නා ආකාරය:

  • අඩු ගින්දර සහිතව කබලක පොල් බැඳ ගන්න.
  • වියළි ගතියට පැමිණි පසු ඒ පොල් නිවෙන්නට හැර බ්ලෙන්ඩර් කරන්න
  • සීනි සහ වතුර බඳුනකට දමා හොඳින් උණු කරන්න.
  • එයට රෝස් වෝටර් සහ කලරින් ද එක් කරන්න.
  • ඉන්පසු බ්ලෙන්ඩ් කර පොල් එකතු කරන්න.
  • වතුර හිඳී යද්දී මිල්ක් පවුඩර් එකතු කරන්න.
  • මිශ්‍රණය ගුලි වන ගතියටඑන විට තැටියේ තුනී කර කෑලි කපා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles