අමුද්‍රව්‍ය 3ක් යොදාගෙන අඩු වියදමෙන් සහ පහසුවෙන් පිළියෙල කළ හැකි ඩෙසර්ට් වර්ග.

හදිස්සියේ අමුත්තෙක් ආව මොහොතකට, අතුරුපසක් ඕනෙ ම වුණත් අමුද්‍රව්‍ය ගොඩක් නැති මොහොතකට ඔබත් කවදාක හෝ මුහුණ පාන්නට ඇති. නැවතත් එහෙම නොවෙන්න ඉතා ඉක්මනින් , අමුද්‍රව්‍ය තුනකින් හදාගන්න පුලුවන් ඩෙසට් රෙසිපි තුනක් මේ ලිපියෙන් ඔබට දැන ගන්නට පුලුවන්.

Choco Coconut balls

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොල් කෝප්පයක්
  • මිල්ක්මේඩ් පොඩි ටින් එකක්
  • චොකලට් 100g

හදන්නේ මෙහෙමයි

පොල් ටික පෑන් එකකට දමා වතුර ගතිය යන තුරු යන්තම් බැදගන්න. ඊටම මිල්ක්මේඩ් එක එකතු කර එක ගුලියක් වන තුරු රත් කර ගන්න. ඉක්මනින් ලිපෙන් ඉවතට ගෙන කුඩා බෝල සකසා ගන්න. චොකලට් ඩබල් බොයිල් ක්‍රමයට උණු කර කලින් සකසා ගත් coconut balls චොකලට් වල තවරා ගන්න. තරමක් සවි වන තුරු ශීතකරණයක තබාගන්න.

Shortbread Cookies

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන්පිටි කෝප්ප දෙකක්
  • බටර් කෝප්ප එකක්
  • සීනි කෝප්ප බාගයක්

හදන්නේ මෙහෙමයි

සියල්ල හොඳින් මිශ්‍ර කර baking tray එකකට දමා හොඳින් තද කරන්න. 350°F
ක් උෂ්ණත්වයේ විනාඩි 20ක් බේක් කරන්න. අවශ්‍ය හැඩයට කපා ගන්න.

Banana Caramel

අවශ්‍ය ද්‍රව්‍ය

  • කෙසෙල් ගෙඩි 4ක්
  • සීනි කෝප්ප බාගයක්
  • විපිං ක්‍රීම් කෝප්ප බාගයක්

හදන්නේ මෙහෙමයි

සීනි ටික කැරමල් කරගන්න. ඊටම විපිං ක්‍රීම් එක් කර කැටි නොගැසෙන සේ මිශ්‍ර කරන්න. දිග අතට දෙකට කැපූ කෙසෙල් එක් කර තරමක් තැම්බෙන තුරු තබාගන්න. අයිස්ක්‍රීම් සමග පිළිගැන්වූ විට තවත් රසයි.

Related Articles

Don't Miss


Latest Articles