නිවැරදිව නත්තල් කේක් එකක් හදමු.

නත්තල් මේසය ඇත්තටම රහ වැටෙන්න නත්තල් කේක් එකක් තියෙන්නම ඕනෑ. නත්තල් කේක් එකක් හරියට හදා ගන්නේ කොහොමද කියලා ඔබට කියන්න අපි හිතුවේ ඒ නිසා.

අවශ්‍ය දේවල්:

  • ඇට ඉවත් කර චොප් කර ගත් රටඉඳි 250g
  • වියළි මිදි
  • කුඩා කෑලි වලට කපා ගත් කජු  175g
  • කුඩාවට කපා ගත් පුහුල් දෝසි 100g
  • කුඩාවට කපා ගත් ඉඟුරු දෝසි 75g
  • චොප් කර ගත් වියළි චෙරිල් 250g
  • ග්‍රේට් කර ගත් හෝ කුඩු කර ගත් දොඩම් ගෙඩියක පොතු
  • දොඩම් ගෙඩියක යුෂ
  • ග්‍රේට් කර ගත් හෝ කුඩු කර ගත් ලෙමන් ගෙඩියක පොතු
  • ලෙමන් ගෙඩියක යුෂ
  • බ්‍රැන්ඩි
  • බටර් 250g
  • දුඹුරු සීනි 200g
  • පාන් පිටි 175g
  • ආමන්ඩ් පිටි 100g
  • බේකින්ග් පවුඩර් තේ හැදි 1
  • කුරුඳු කුඩු තේ හැදි 1 ½ ක් පමණ
  • සාදික්කා කුඩු තේ හැදි ½ ක් පමණ
  • කරාබු නැටි කුඩු තේ හැදි ½ ක් පමණ
  • කරදමුංගු එනසාල් කුඩු තේ හැදි ¼ ක් පමණ
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • කොත්තමල්ලි කුඩු තේ හැදි ½ ක් පමණ
  • පෙති ලෙස කපා ගත් ආමන්ඩ් ඇට 100g
  • ලොකු බිත්තර 4
  • වැනිලා එසන්ස් (Vanilla Essence) තේ හැදි 1 ½

සාදා ගන්නා ආකාරය

  • මුලින්ම රටඉඳි, වියළි මිදි/ මුද්දරස්පලම්, කජු, පුහුල් දෝසි, ඉඟුරු දෝසි, වියළි චෙරි, දොඩම් පොතු, ලෙමන් පොතු, දොඩම් යුෂ, ලෙමන් යුෂ, බ්‍රැන්ඩි, බටර් සහ දුඹුරු සීනි සුදුසු භාජනයකට දමා සාමාන්‍ය ගින්දරේ ලිප තියා මිශ්‍රණය නටන තුරු හොඳින් හැදි ගාමින් රත් කරන්න.
  • මිශ්‍රණය නටන්න ගත් විට ගින්දර අඩු කර තවත් විනාඩි පහක් පමණ පිස ගෙන ලිපෙන් බා ගන්න.
  • දැන් මිශ්‍රණය වෙනත් භාජනයකට දමා ගෙන පැය තුනක්වත් නිවෙන්න හරින්න.
  • 20cm පමණ ගැඹුරු කේක් ටින් එකක් ගෙන එයට බේකින් පේපර් කොළ දෙකක් ඝනකමට ඇතුළින් අතුරා ගන්න.
  • බිත්තර 4 කඩා භාජනයකට දමා බීට් කර ගෙන එයටම වැනිලා එසන්ස් එකතු කර ගන්න.
  • පාන් පිටි වලට බේකින්ග් පවුඩර් එකතු කර පෙනේරයකින් දෙතුන් වතාවක් හොඳට හලා වෙනත් භාජනයකට දමා ගන්න.
  • ආමන්ඩ් පිටි,පෙති ලෙස කපා ගත් ආමන්ඩ් ඇට, කුරුඳු කුඩු, සාදික්කා කුඩු, කරාබු නැටි කුඩු, කරදමුංගු එනසාල් කුඩු, ගම්මිරිස් කුඩු ස්වල්පය සහ කොත්තමල්ලි කුඩු පාන්පිටි මිශ්‍රණයට දමා හොඳින් කලවම් කර ගන්න.
  • දැන් කලින් සාදා ගෙන නිවෙන්න තබා ගත් පළතුරු මිශ්‍රණයට ගසා ගත් බිත්තර ටික දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
  • එයටම පිටි මිශ්‍රණය එක් කර කැටි නොසිටින සේ හැන්දකින් පෙරලමින් කලවම් කර ගන්න.
  • බේකින් පේපර් අතුරාගත් කේන් ටින් එකට කේක් මිශ්‍රණය දමා ගෙන හැන්දකින් මිශ්‍රණය සමතලා කර ගන්න.
  • කේක් ටින් එක ලොකු කඩදාසියකින් ඔතා ගෙන හන නූලක් වැනි යමකින් නොගැළවෙන සේ ගැට ගසා ගන්න.
  • කලින් 140°C / 284°F උෂ්ණතවයට රත් කර ගත් අවන් එකක පැය දෙකහමාරක් පමණ බේක් කර ගන්න.
  • බේක් කිරීමෙන් පසු අවන් එකෙන් එළියට ගත් වහා ගෑරුප්පුවකින් කේක් එකේ උඩට ඇන බ්‍රැන්ඩි තේ හැදි 2ක් එක් කරන්න.
  • කේක් එක හොඳින් නිවෙන තෙක් කේක් ටින් එකේම තබා ගන්න.
  • කේක් එක සම්පූර්ණයෙන්ම නිවුණු පසු කේක් ටින් එකෙන් කේක් එක එළියට ගෙන බේකින් පේපර් ඉවත් කර පොලිතීන් කවරයකින් ඔතා ගන්න.
  • සතියකට වරක් බ්‍රැන්ඩි තේ හැදි 2කින් කේක් එක පොඟවා ගන්න.
  • නැවත පොලිතින් කවරයකින් හොඳින් ඔතා ගෙන සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තබා ගන්න.
  • නත්තල් මේසයට තබන්නට පෙර අයිසිං කරගන්න.

මේ විදියට කරන්න ඔබට වෙලාවක් නැත්නම් මෙන්න මේ ලින්ක් එකේ විදියට ක්ෂණික නත්තල් කේක් එකක් හදා ගන්න පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles