සාර්ථක වෙන්න කැමති ඔබ කියවිය යුතුම පොත් කිහිපයක්.

වසර ක් අවසන් වී නව වසරක එළිපත්තේ අප සිටිනවා.ඉතින් මේ වසර ආරම්භයේදී ඔබ සිටි තැන සහ අවසානයේදී ඔබ සිටින තැන පිලිබද පුංචි විමසුමක් සිදු කිරීම හරිම වැදගත්.
ඉතින් ලබන වසර සඳහා සැලසුම් සකස් කිරීමට සුදුසු ම මාසය ලෙස දෙසැම්බර් මාස හදුන්වන්නට පුළුවන්.ඊළඟ වසර පමණක් නොවෙයි ,දිගින් දිගටම ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ,නිසි සැලසුම් සකස් කිරීමට ,සතුටින් ගත කිරීමට මෙන්න මේ පොත් පෙළ ඔබට බෙහෙවින්ම උපකාර වේවි.
මේ පොත් ගැන සදහන් කිරීමේදී අනෙක් විශේෂ කරුණ නම් මේ පොත් ලොව පුරා අධික අලෙවියක් පෙන්නුම් කරමින් සාර්ථකත්වය අපේක්ෂිත බොහෝ මිනිසුන් පරිහරණය කල පොත් වීමයි.. ඉතින් සාර්ථක ජීවිතයක් ගැන සිහින දකින ඔබගේ නිතර පරිහරණය සදහා මේ පොත් කිහිපයක් හෝ එක් කර ගැනීම පඩුවක් නොවේවි.

1.The Millionair Next Door

ආචාර්‍ය ස්ටැන්ලි සහ ආචාර්ය දන්කෝ වසර 20ක් පුරා ඩොලර් මිලියන එකකට වඩා වත්කම් ඇති elite club සාමාජිකයන් හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවන් ඇසුරෙන් පොත රචනා වී තිබෙනවා.සෞභාග්‍යමත් ජීවන රටාවක් අත්පත් කර ගැනීමට අවශ්‍ය කෙනෙක් ට ඒ සදහා මගපෙන්වීමක් මේ පොතෙන් සිදුවෙනවා.

2 .Grit:The Power of Passion and Perseverance

සාර්ථකත්වය යනු කුසලතා මත පදනම් වුවක් පමණක් නොව නොපසුබට උත්සාහය සහ ආශාව මත පදනම් වූවක් බව මේ පොත තුලින් පැවසෙනවා .ඒ ඔස්සේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ උත්සාහයේ වැදගත්කම ප්‍රවර්ධනය කරන අතර ඔබ ඉදිරියේ ඇති ඕනෑම අභියෝගයක් ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවක් කරනවා.

3 . Happier Human

ජීවිතයේ තමන්ට අවශ්‍ය කුමක්දැයි විමසූ විට බොහෝ අය සතුට තමන්ගේ ප්‍රධාන ආශාව ලෙස ලැයිස්තුගත කරනු ලබනවා. එවැනි මිනිසුන්ම සතුට ලබා ගැනීමට හැකිවෙතැයි සිතා ධනය ,බලය ,මිල මුදල් පසුපස ලුහුබඳිනවා.ඉතින් බොහෝ අය රැකියා දියුණුව මුදල් කීර්තිය වැනි දෑ සන්තෝෂය සඳහා නිරන්තරයෙන් හඹායන්නේ ඇයි ද යන්නත් මේ පොත ඔස්සේ කතා කරනවා. ජීවිතේ සැබෑ සතුට හොයා යන්න කැමති ඔබට මේ පොත බොහොම වටිනව.

4.Awaken the Giant Within

මේ පොත තුලින් උත්සාහ කරන්නේ ඔබේ ජීවිතය හසුරුවා ගැනීමට අවශ්‍ය ශිල්පීය ක්‍රම ඔබටම ලබාදීමට උත්සාහ කිරීම යි.වෙනස්වීමේ මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ දක්ෂතාවලින් පිරිපුන් කතුවරයා සබඳතා මූල්‍ය කටයුතු ආදි සියලුම ක්ෂේත්‍ර ආවරණය වන ලෙස මෙහිදී ඔබව අවදි කිරීමට සමත් වෙනවා.

5 . The Intelligent Investor

ලොව ඉහලම ධනපතියෙකු වූ Warren Buffet මේ පොත හඳුන්වන්නේ Investing ගැන ලොව ලියවුනු හොඳම පොත වශයෙන්. ආයොජනය කරන්න කැමති අයෙක් නම් මේ පොත තුලින් වැදගත් කරුනු රැසක් ගැන දැනගන්න පුලුවන් වේවී.

Rich dad and Poor Dad

මේ පොත ලොව පුරා ඉතාමත් ජනප්‍රිය පොතක්.අමරිකානු කතුවරයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙක් ද වන Robert T.Kiyosaki සිය ජීවිත අත්දැකීම් ඇසුරින් මෙම කෘතිය රචනා කර තිබෙනවා.

7.Zero to One

වෙනත් චින්තකයින්ගේ අඩිපාරේ නොයමින් ස්වාදීනව නැගීසිටීමට මග පෙන්වීම මේ පොතේ විශේෂත්වය ලෙස හඳුන්වන්නට පුළුවන්.

මීට අමතරව තවත් පොත් රාශියක් ඔබට අන්තර්ජාලය ඔස්සේ සොයා ගන්නට පුළුවන්.සිංහල පොත් ගැන අප සඳහන් නොකළේ ඔබට පහසුවෙන්ම පොත් සාප්පුවකට ගොස් ඒවා සොයා ගැනීමට පහසුකම් ඇති නිසයි.ඉතින් ඉහත අප විසින් සඳහන් කළ පොත් ලොව පුරා අධික අලෙවියක් පෙන්නුම් කරමින් සාර්ථකත්වය අපේක්ෂිත බොහෝ මිනිසුන් පරිහරණය කල පොත් වීම විශේෂත්වයක්.ඉතින් සැලසුම් සහගතව ජයග්‍රහණය කරා යන ඔබට මේ මනා පිටිවහලක් වේවි.

Related Articles

Don't Miss


Latest Articles