හෑන්ඩ් සැනිටයිසර් නිතර පාවිච්චිය නිසා වියළෙන දෑත් ආරක්ෂා කර ගන්නේ කොහොමද?

මේ වෛරස් ආසාදන බහුල වීමත් සමග දෑත් සේදීම ගැන වඩාත් ගැඹුරින් සාකච්ඡා මතු වුණා. ඊට හේතුව වැඩිපුර ම විෂබීජ ශරීරගත වන්නේ දෑත් හරහා වීමයි. දෑත් නිතර පිරිසිදු කරගැනීමෙන් විෂබීජ ශරීරගත වීම බොහෝ දුරට වළක්වා ගත හැකිවනවා. නිවසේදී නම් අපට ජලය යොදා අත් සෝදා ගන්නට පුලුවන්. එහෙත් බාහිර සමාජයේදී අපට සැම තැනම අත් සේදීමේ පහසුකම් ඇත්තේ නැහැ. Hand sanitizer එකක් අවශ්‍ය වන්නේ ඒ අවස්ථාවලදී යි.

මේ දිනවල පවතින තත්ත්වයත් සමඟ Hand sanitizer විශාල ප්‍රමාණයක් වෙළඳපොළට පැමිණ තිබෙනවා. එහෙත් ඒවායේ Quality එක නොමැති නම් තත්ත්වය පිළිබඳ ඇත්තේ ගැටලුවක්. නිසි ප්‍රමිතියට සකස් නොකළ Hand Sanitizer එකකින් සිදුවිය යුතු පිරිසිදු වීම සිදුවන්නේ නැහැ. Hand Sanitizer එකක් මිලදී ගන්නාවිට සැලකිලිමත් විය යුතුම කරුණු 5ක් ඔබව මේ ලිපියෙන් දැනුවත් කරනවා.

ඇල්කොහොල් ප්‍රතිශතය

විෂබීජවල බාහිර ස්ථරය විනාශ කිරීමත් එහි ප්‍රෝටීන කොටසට ඇතුල් වී ව්‍යුහය වෙනස් කොට නිෂ්ක්‍රීය තත්ත්වයට පත් කිරීමත් Hand Sanitizer වලින් සිදු වෙනවා. මෙහිදී ඇල්කොහොල් ප්‍රතිශතය ඉතා වැදගත් වෙනවා. නමුත් 100% ඇල්කොහොල් අඩංගු Hand Sanitizer එකක් භාවිතා කිරීමත් සාර්ථක වන්නේ නෑ. එහි ජලයත් අඩංගු විය යුතුයි. ඒ අනුව වඩාත් ඵලදායී ඇල්කොහොල් ප්‍රතිශතය වන්නේ 60% – 85% ත් අතර ප්‍රමාණයයි.

ඇල්කොහොල් වර්ගය

Isopropyl Alcohol වලට සාපේක්ෂව Ethanol වල ඵලදායීතාවය ඉහළ බව විෂේශඥයෝ පවසනවා. Ethanol වල සාපේක්ෂව විෂ ධූලක අඩු වීමත්, ගන්ධය අඩු වීමත් මේ සඳහා හේතු වනවා. ඔබ මිලට ගන්නා Hand Sanitizer එකෙහි ඇල්කොහොල් වර්ගය Ethanol වීම වඩාත් සුදුසුයි.

අඩංගු අමතර ද්‍රව්‍ය

කෝමාරිකා සාරය වැනි Moisturizers, Vitamin E වැනි ද්‍රව්‍ය අඩංගු නම් ඇල්කොහොල්වලින් සමට ඇති කරන වියළීම වළක්වනවා. එවන් ද්‍රව්‍ය අඩංගු Hand Sanitizer එකක් මගින් අමතර වාසිත් ලැබෙනවා. එහෙත් අධික ව සුවඳ ද්‍රව්‍ය සහ වර්ණක යොදා ඇති නිෂ්පාදන පිළිබඳ ව සැලකිලිමත් විය යුතුයි.

නිෂ්පාදිත ආයතනය

එතරම් ප්‍රසිද්ධ නොවන ආයතනවල වුවත් හොඳ නිෂ්පාදන තිබෙන්නට පුලුවන්. එහෙත් ඒ පිළිබඳ පූර්ව නිගමනවලට එන්නට අපට හැකිවන්නේ නැහැ. අවම වශයෙන් එක් තත්ත්ව සහතියක් හෝ තිබෙනවාද බැලීම සුදුසුයි. ප්‍රසිද්ධ සන්නාමවල Hand Sanitizer මිලදී ගැනීමේදී වුවත් ඉහත දක්වා ඇති කරුණු පිළිබඳ ව අනිවාර්යයෙන් සැලකිලිමත් වන්නට අවශ්‍ය වෙනවා.

දෑත් පිරිසිදු කිරීමේදී තෙතමනය ආරක්ෂා කරගන්නේ කොහොමද?

හෑන්ඩ් සැනිටයිසර්වලින් වුවත්, ජලය සහ සබන්වලින් වුවත් නිතර නිතර භාවිතයේදී ඔබේ දෑතේ සම වියළීමකට ලක් වෙනවා. සැනිටයිසර් භාවිතා කිරීමේදී නම්, ඒවායෙහි අඩංගු ඇල්කොහොල් මීට හේතුවයි. සැනිටයිසර් එකක් මිලදී ගැනීමේදී කෝමාරිකා සාරය, විටමින් ඊ වැනි දේ තිබීම වැදගත් බව ඉහත සඳහන් වූ බව ඔබට මතක ඇති. ඉන් සිදුවන්නේ ද සම වියළීමට එරෙහි වීමයි.

එහෙත් නිරන්තර සැනිටයිසර් භාවිතය නිසා එවන් ආරක්ෂාකාරක තිබුණත් සම වියළෙන්නට ඇති ඉඩකඩ ඉහළයි. දෑතේ සමෙහි තෙතමනය පිළිබඳ ව අප සැලකිලිමත් විය යුත්තේ එනිසායි.

සැනිටයිසර් භාවිතා කරන සෑම විටම හෑන්ඩ්ක්‍රීම් එකක් හෝ ඕනෑම මොයිස්චර්රයිසර් ක්‍රීම් එකක් භාවිතා කළ යුතුයි. ලෝෂන් නිපදවා ඇත්තේ ජලය මූලික කරගෙනයි. ක්‍රීම් නිපදවා ඇත්තේ තෙල් මූලික කරගෙනයි. ඒ නිසා මෙහිදී ඔබ ක්‍රීම් එකක් ම භාවිතා කිරීමට වග බලා ගැනීම සුදුසුයි. ඒ අනුව සැනිටයිසර් කරන හැකි සෑම වතාවකම මොයිස්චර්රයිසර් ක්‍රීම් එකක් දෑත්වල ආලේප කිරීමෙන් ඔබට දෑත් වියළීමෙන් තොරව තබා ගන්නට හැකියාව ලැබෙනවා.

එමෙන්ම, නින්දට යාමේදී කපු අත්වැසුම් දෙකක් පැළඳීම ද ඉතාම හොඳ දෙයක්. එමගිනුත් සැනිටයිසර්වලින් සිදුවන වියළීම වළක්වනවා. රාත්‍රී නින්දට පෙර තරමක් ඝනව මොයිස්චර්රයිසර් ක්‍රීම් අත්වල තවරා කපු අත්වැසුම් පැළඳ නින්දට යන ලෙසයි විශේෂඥයින් පවසන්නේ. දිනය පුරා සැනිටයිසර් භාවිතා කිරීම මගින් වියළෙන සමට එය ඉතා හොඳ ප්‍රතිකාරයක්.

ගෙවන මුදලට නිසි වටිනාකමක් ලැබෙන සේ හොඳ Hand Sanitizer එකක් මිලදී ගන්නට දැන් ඔබ දැනුවත්. නිතරම දෑත් පිරිසිදු කරගනිමින් මේ වෛරස් ආසාදන සමය සාර්ථක ව නිම කරන්නට ඒ නිසා ඔබට පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles