කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන යටිපතුල් වේදනාව ඇතිවීමට බලපාන හේතු.

යටිපතුල් වල ඇති වන වේදනාව( Planter Fasciitis)බහුල වශයෙන් කාන්තාවන් අතර දකින්නට ලැබෙන රෝගී තත්ත්වයක්.මෙය සිංහලයෙන් පාදුක කවලිකා ප්‍රදාහය ලෙස හඳුන්වනවා.මෙහිදී සිදුවන්නේ පාදුක කවලිකාව හෙවත් (planter fascia ) වැඩිපුර භාවිතා කිරීම හෝ ඇදීම නිසා දුර්වල වීම නිසා වේදනාවක් ඇතිවීමයි.

මෙන්න මේ හේතු නිසා යටි පතුල්වල වේදනාවන් ඇති වෙන්නට පුළුවන්.

1.තරබාරුකම
2.බාල තත්වයේ පාවහන් පැලදීම(යටි පතුලේ වක්‍රයට ආධාර නොවන)
3.කෙටි කාලයකදී ශරීරයෙහි බර වැඩිවීම.ව්ව්ව්වෙ
4.යටිපතුල් වල වක්‍රතාවය පමණට වඩා අඩු වීම.(Flat Foot)
5.යටිපතුලේ වක්‍රයෙහි පවතින ගැටලු (High arch)
6.දිගු වේලාවක් ඇවිදීම හෝ සිටගෙන සිටීම.
7.දුර දිවිම.
8.සමතලා නොවන බිමක ඇවිදීම හෝ දිවීම.
9.දුවන විට හෝ ඇවිදින විට නිතරම පාදය ඇතුලු පැත්තට පෙරලීම.(Excessive pronation)
10.වයසට යාම සමග ශරීරයේ ඇතිවන දුර්වලතා .
11.මාංශපේශීවල පිහිටීම.

මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවාද ?

1.විලුඹෙ හි ඇතිවන තියුණු හෝ තියුණු නොවන වේදනාව.
2.යටිපතුලේ තද ගතිය.
3.පියවර කිහිපයක් තැබීමෙන් පසු යටි පතුලේ යටිපතුලේ වේදනාව සහ තද ස්වභාවය ක්‍රමයෙන් අඩුවීම.
4.උදෑසන අවදි වූ විට කකුල බිම තැබීමට ඇති අපහසුව.පොළොව මත ස්පර්ශ වන විට ඇතිවන වේදනාව.
5.යටි පතුල් රතු වීම සහ ඉදිමීම .

මේ සඳහා ඇති ප්‍රතිකර්ම මොනවාද ?

1.වෛද්‍යවරයෙකු හමුවීම අනිවාර්යයෙන්ම වැදගත්.
2.කකුලට සුදුසු තත්ත්වයේ නියමිත පාවහන් පැලදීම.
3.අනවශ්‍ය පරිදි දෙපා වෙහෙසට පත් නොකීරීම.
4.වෛද්‍ය නියමය අනුව පාවහන් ඇතුළට භාවිතා කරන heel cups/shoe iserts භාවිතා කිරීම.
5.පාද සහ විලුඹ සඳහා Streching exercises කිරීම.
6.තද මතුපිටක් සහිත ස්ථානවල ඇවිදීම සීමා කිරීම.
7.අයිස් කැට තබා යටිපතුල තැවීම.
8.ශරීරයේ බර අවම කර ගැනීම.

සමහර අවස්ථාවලදී යටිපතුලට ශල්‍යකර්මයක් කිරීමට සිදුවන අවස්ථා ද තිබෙනවා.නමුත් සම්පූර්ණයෙන් සුවය ලැබීමට මාස කිහිපයක සිට අවුරුද්දකට වැඩි කාලයක් ගතවෙනවා. නමුත් ආරම්භයේදීම නිසි ප්‍රතිකාල කලහොත් ඉක්මනින්ම සුව කරගැනීමේ හැකියාව තිබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles