fbpx

අහංකාර නගරේ

අඳුර කුර ගගා ආවේ ය. තැන තැන යන්තමින් නියොන් එළි දැල්වෙමින් තිබිණි. තව ටික වෙලාවකින් ලෝකය කළුවර පොරෝනාව වසා ගුලි වනු ඇත. නමුත් නගරය නො නිදන බව සිතිජ කීවේ ය.  "මට යාළුවෙක්ට කතා කරන්න බැරි කමක් නෑ මෙව්නා. ඒත් කොල්ලෙක්ගෙ ගෙදරක ගෑනු ළමයෙක් නවත්තන්න ඕන නෑ කියල මගෙ හිත දැන්...
දැන් ඉතින් මහ මඟ සිඟමන් යැද්දත් මා රෝස්මරී ගේ රූපලාවන්‍යාගාරයේ සේවය ට නො යන බව මම දනිමි. මට ඒ රැකියාව කළ නො හැකි ය කියා කීවොත්, සිතිජ වුව ඒ ගැන වැඩි දුර කාරණා නො විමසනු ඇත. දැන් මට රූපලාවන්‍යාගාරයක ටික කලක් හෝ සේවය කොට අත්දැකීම් තිබෙන නිසා වෙනත් එවැනි...
මම මහ පාරේ හති ලමින් ද, නැවතෙමින් ද, යළි දිව යමින් ද සිටියෙමි. වරින් වර පිටුපස හැරී බැලුවාට මා කවරෙකු හෝ දුටුවේ නැත.  එහි එත්දී දුටු එකදු මැයි, මාර, රොබරෝසි මලකුදු පෙනෙන්නට තිබුණේ නැත.  මගේ හිත විදාරණය වෙන්නට ආසන්න ගිනි කන්දක ස්වභාවය දැරුවේ ය. හදවත පත්ලේ ඉපදෙන හැඟුමන් කෝටි ගණනින්...
නගරයේ වීදි හෙවන කළ මැයි, මාර, රෝබරෝසියා හා එම කුලයට අයත් වෙනත් තුරු හිස් මලින් වියන් බඳාන්නට වූයේ ය. නාගරික වීදි වල මල් පලස් එලා තිබිණි. යළිත් ගමට ගොස් පැමිණීමෙන් පසු මගේ සිත ද නගරය මෙන් වසන්ත සැනකෙළියක සිරි ගති. ආදරය මෝරා වැඩුණා කියා මට සිතුණේ ය. මා වෙනුවෙන්...
කිරි අම්මා ට මා කවදාක හෝ මුසාවක් පවසා නැති බව ඉඳුරා විශ්වාස ය. මගේ ජීවිතය ඇයට කැඩපතක් බඳු වූයේ ය. අනවශ්‍ය විහිළුවකට පැමිණි ගමේ විවාහක මිනිසෙකු හට මා ලුණු ඇඹුල් ඇති ව බැණ අඬ ගැසූ පුවත ගැනත් එදා හැන්දෑවේ ම ඇය දැන ගත්තා ය. "ගමේ එවුං තරහ කොර ගෙන අමාරුයි...
මා යන විට අපේ ගෙවල් යාය පාළුවේ ගිලී තිබිණි. මේ විදිහට මා ගම දකින්නේ ප්‍රථම වතාවට වාගේ හැඟීමකින් පපුව හිරි වැටී ගොස් තිබෙනු දැනුණේ ය. මේ මා උපන් දවසේ සිට ජීවත් වුණ, පාසල් ගිය, කරක් ගැසූ යාය ය. නෙතට හුරු ව තිබූ මේ යාය අද මට වෙනස් ව පෙනෙන්නට...
ඉනික්බිති උදා වූයේ ජීවිතයේ වසන්ත ඍතුවයි. අපි ඉඳ හිට පිටත දී මුණ ගැහුණෙමු. හැකි හැම අවස්ථාවක ම සිතිජ වැල්ලවත්තේ බස් නැවතුමට ආවේ ය. ඒ බස් වල හිර වී යත්දී මා කාට හෝ පහර දෙතැයි හිතේ වන බිය මුසු හැඟීම කින් බව මම දනිමි. ඔහු ළඟ දී ජීවිතය පුදුම තරම් සව්මිය...
අප දෙදෙනා ම අප දෙස බලා උන්නේ සැකයක් හෝ බියක් හිතේ ඇතිව ය. ඒ අතරේ දුම් දමන සුප් බඳුන් දෙකක් මේසය මතට වැඩියේ ය. මා කියන්නට පටන් ගත් කතාව කෙළවරක් නො කළ  බවත්, අන් සියල්ල ට පෙර මා එසේ කළ යුතු ව ඇති බවත් මගේ ගැහැනු ඉව ට දැනෙමින්...
"මගෙ...ඔළුව පැලෙන්න එනව වගෙයි..." මම හිස අත් බැඳ ගෙන වේදනාවෙන් කෙඳිරුවෙමි. සුරනි ඇවිත් යහන මත හිඳ මගේ නළල මත සිය සුරත තැබුවා ය. දිය නා ගත් ගමන් නිසා ඒ අතේ වූ සීතල මගේ හිස මත වූ ගිනි කබලක ගින්දර ට මහත් වූ සිසිල් සුවයක් දැනවූයේ ය. "උණක් නං නෑ. ඇක්ස් ඔයිල්...
දවස පුරා මට සිතිජ සිහි වූයේ ඇයි දැයි නො දනිමි. හුස්ම ගන්නට හෝ විවේකයක් නැති වැඩ කන්ද අතරේ ලැබෙන ඉතා සුළු ඉසිඹුවක දී වුව මම සිතිජ ගේ වට්ස් ඇප් පිටුවට ගොස් බැලුවෙමි. ඒ සිනහ මුහුණ ඇසිල්ලකින් මගේ විඩා නිවන්නට සමත් විය. ටික වෙලාවක් එදෙස බලා සිටිය දී ඉබේට ම...