අහංකාර නගරේ

සමීපතම නෑදෑ හිතවතුන් කිහිප දෙනෙකු ගේ සහභාගිත්වයෙන් යුතු ව ඉතා චාම් ලෙස අපේ විවාහය සිදු විය. මධු සමය සඳහා අපේ අලුත් ගෙදර, ලෝකයේ අන් ඕනෑ ම තැනකට වඩා සොඳුරු හා නිදහස් බව කීවේ සිතිජ ය. මම ඔහු ගේ යෝජනාවත් එක්ක කැමැත්තෙන් ම එකඟ වීමි. "මූ හොටෙල් එකකට සල්ලි ගෙවන්න ලෝබයිනෙ...
අම්මා දිවි නසා ගෙන තිබුණේ ඊට හේතුවක් හෝ සඳහන් කොට තබා නොවේ. ඇගේ අවමඟුල් අවස්ථාව ට සහභාගී වූ මා තුළ මහත් නිස්සාර හැඟීමක් ජනිත විය. කාටවත් නො කියා සඟවා ගත් රහස් කොයි තරම් නම් ඇයත් එක්ක ම නිහඬ වන්නට ඇත්ද? ඒ නොකී කතා නිසා ම ඈ විඳි අපමණ තැවුල්,...
නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක සිංහල ගුරුවරියක ලෙස මම පත්වීමක් ලදිමි. ඔසරියකින් සැරසී උදයට පාසල් යන්නට සූදානම් වන මා දෙස කිරි අම්මා බලා ඉන්නේ ඉහ වහා ගිය සතුටකිනි.  "මයෙ මැණිකෙ ඉස්කෝලෙ හාමිනේ කෙනෙක් වෙනව දකින්නත් මයෙ ඇස් පින් කරල තිබුණා එහෙනං" ඇතැම් උදයක ඇය එහෙම කියා , චීත්ත පොටින් ඇසක තෙත...
ශෙනාලි ගේ යහපත් මානසිකත්වය වෙනුවෙන්, ඇය ගේ පියා ජයශාන්ත මහතා නො වන බව නො පවසා සිටින්නට පිය පුතුවරු තීරණය කළහ. සිතිජ ද සිය පියා සේ ම තවත් කෙනෙකු ගේ හදවත කෙරේ සංවේදී ව හැසිරිය හැකි කෙනෙකු වීම ගැන මට සතුටක් විය. නමුත් ශෙනාලි ගේ මාන්නාධික බව මට්ටු කළ යුතු...
තේ කෝප්පයේ නිවී ගොස් තිබි අර්ධයෙන් එක් උගුරක් පාණය කළ රෝස්මරී නැගී උන්නා ය. උස් හීන්දෑරි සුදුමැළි ගැහැනියක වන ඇය ව මට පෙනුණේ පරඬලා පතක් සේ ය. මට තව වචනයක් හෝ නොකී ඕ අවන් හලෙන් නික්මෙන්නට පෙර සිතිජ දෙසට එක බැල්මකුදු හෙළුවා දැයි මා දන්නේ නැත.  එතෙක් අප්‍රාණික ව වාගේ...
ටකරන් වහළය මතට වැහි වතුර වැටීම නිසා උස් හඬක් නැගුණේ ය. පන්තිය සඳහා ඉදි කර ඇති ටකරන් මඩුවේ විවෘත පසුබිම නිසා හාත්පස හිරිකඩ වැස්සෙන් දුමාරයක් තනා තිබුණේ ය. මම ඒ දුමාරය මැද්දට වී, ලෑලි බංකුවක් මත නිකට තියා ගෙන ඔහේ බලා සිටියෙමි.  පාන්දර යාමයේ සිට ම වැස්ස දුක් ගීතයක් ගයයි....
සජීවිතය කිසි දවසක එක තැනක නතර වී පවත්නේ නොවේ. එය වූ කලී සංචාරයකි. දැන් මම වඩාත් හොඳින් ඒ බව පසක් කර ගෙන හිඳිමි. මගේ ළමා විය දුෂ්කරතා වලින් ගහන වූවකි. කිරි අම්මා හා මා ජීවත් වූ මැටියෙන් තැනූ ගෙපැල තුළ සැප සම්පත් හෝ යස ඉසුරු වූයේ නැත. අප බත් කෑවේත්...
මා වචනයක් හෝ කතා නො කළත් මගේ හිතේ ක්ෂණික ව ඇති වූ ගැස්ම සිතිජ විසින් තේරුම් ගනු ලැබූ බවක් පෙනිණි. කඩුල්ල ළඟ දී රියෙන් බසින්නට ඉඩ නො තබා, ඔහු අසීරුවෙන් ඒ කුඩා ඉඩෙන් රිය වත්ත තුළ ට ගත්තේ එනිසාවෙනි. කොහොමත් සිතිජ කියන්නේ ලොකුවට දේවල් කතා කරන පුද්ගලයෙකු නොවන බව...
දවස් ගෙවී ගියේ ඉක්මනට ය. උදේ පිබිදීමත් දවසේ නිමාවත් අතරේ ගුරු පුහුණු පාඨමාලාව, ඉංග්‍රීසි පාඨමාලාව හා සිංහල උපකාරක පන්ති පැවැත්වීම ලහි ලහියේ සිදු විය. සති අන්තයේ සහභාගී වූ බාහිර උපාධි පන්ති නිසා විවේකයක් කියා දෙයක් හොයා ගැනීමත් අමාරු වූ තරමි.පන්ති වලට අලුතෙන් එක් වූ ළමයින් ගණන වැඩි වෙමින් පැවති...
අප අප ඉදිරියේ නතර වී තිබුණේ මැයි ගසක් පාමුල ය. ඒ හින්දා තද හිරු එළිය මුවහ වී තිබිණි. නමුත් ශෙනාලි ගේ ඇස් වල වූයේ අප පුච්චා දමන ගින්දරකි. වෙනදා බලන හැඟීමෙන් තොර ව අද මගේ ඇස් ඇගේ දෙස බලා සිටින්න ට වූයේ ය. මගේ සහෝදරී! ලෝකයේ මට වන මා...