Novels

තෙමහල් නිවසේ හිමිකාරිය තව දුරටත් හිටියේ මගේ අත අල්ලා ගත් වන ය. මීට පෙර මා හා ඇය අතරේ එක වචනයකුදු හුවමාරු වී තිබුණේ නැත. ඕනේ නම් සිනහ මල් දෙක තුනක් හුවමාරු වී තිබෙන්නට ඇත. ඒත් මේ හැටි ළෙංගතු කමකින් අතින් ද අල්ලා ගෙන කතා කරන්නට එය හේතුවක් ද?  මතු මහලේ...
"අනේ මට සුරේකා අක්කා ගැන අවිශ්ක කියලත් තියනවා.." අමන්දී අනාරාධිතවම කුඩා දරුවා ඔසවා ඇගේ උකුල මතට ගත්තා ය.උණ රෝගයෙන් පීඩිතව ගොස් සිටි කුඩා කොලුවා හිස ඔසවා අමන්දී දෙස බැලුවා ය. "අනේ හොඳටම උණනෙ අප්පා..බෙහෙත් ගත්තා නේද අක්කේ?" සුරංගනා රුවැත්තිය අසයි.සුරේකා යන්ත්‍රයක් මෙන් හිස වැනුවා ය.දිගු කොණ්ඩයක් සහිත ජනප්‍රිය තරුණ නිලියකට සමාන රුවක්...
දහසක් බුදුවරුන් බුදු වෙන පිනි බර හිමිදිරි පාන්දර නංගී දිය නෑවා ය. ඇය සීතලෙන් වෙව්ලත්දී  අම්මා අලුත් පැන් කළය නංගි ගේ හිස මත්තේ වත් කොට එය බිඳ දැමුවා ය.  මල්වර නැකතින් දිය නාන්නට ආච්චම්මා ගේ පරණ ජෝජට් සාරියක් වට කොට තැනූ, අපේ ළමා වියේ සෙල්ලම් ගෙයක් සිහිපත් කරන නාන...
"අක්කා එනවද ගමනක් යන්න.." නැන්දම්මා නිවසේ නැති දවස් උදාවීම නිසා අතිශය කාර්යබහුලව හුන් අමන්දීගෙන් සඳුනි ඇසුවා ය.අමන්දී සිටියේ හති වැටී ය.මේ තරම් විශාල නිවාස සහ ඉඩකඩම් මිනිසුන්ට කුමකටදැයි ඈ සිතන්නට ගත්තා ය. "කොහෙ යන්නත් කලින් මං ගේ අස් කරල ඉන්නෝනෙ.." අමන්දී කියද්දී සඳුනි වහා කොස්සක් අතට ගත්තා ය.අම්මා යන්නට පෙර ගෙදර වැඩකටයුතු...
තත්පර දෙක තුනක් දුරකතන තිරය දෙස බලා උන් නිකිනි, අනතුරුව දුරකතනය ගුවනි දෙසට හැරවූවා ය. ඉංග්‍රීසි අකුරෙන් ලියැවුණු  මංජුල යන නම කියැවූ ගුවනි, හරියට මංජුල ට ඈ කියනනක් ඇසේවියි වාගේ රහසිගත ස්වරයකින් හා අභිනයෙන් යුතු ව මිමිණුවා ය. "රෙකෝඩ් කරමු" දුරකතනය නිකිනි වෙතින් ගෙන, සංවාදය දුරකතනයෙහි ගබඩා කර ගන්නට යුහුසුළු ව...
"අද ඉඳන් තරිඳි ෂූටින් එනවනෙ.." ටෙලි නාට්‍යයේ රූගත කිරීමට යන අතර ඉඳුවරට ආරංචියක් ලැබිණ.එක්වරක් දුටු යෞවනිය දැක ගැනීමේ ආශාවකින් ඔහු පිරී ගියේ ය.බොහෝ යුවතියන්ගේ ප්‍රේමාරධානා ඔහු උසුලන්නේ සිනාවකිනි.ඒ එක් දෑසක්වත් ඔහුව කළඹන්නට සමත් වී නැත. "උඹට කෙල්ලක් හිටියේ නෑ කියන්නෙ මහම මහ බොරුවක්.ආදරයක් තාම දැනිලා නෑ කියලා පත්තරවලට බොරු ඉන්ටර්විව් දෙන්න...
විවාහ ලියාපදිංචියක් හා දික්කසාද නඩුවක් අතර වන්නේ අහසට පොළොව තරම් පරතරය කි. එය වටහා ගන්නට නම් දික්කසාද නො වුණත්, නඩුවක් ඇසෙන උසාවියක ඒ අත්දැකීම විඳ ගත යුතු ය. කාලයක් තිස්සේ එක් ව ජීවත් වූ අඹු සැමියන් ඔවුන් ගෙන් වෙන් වීම පතා, මහ පිරිසක් ඉදිරියේ ඉදිරිපත් කරනා හේතු, අසා සිටින්නට...
අමන්දී ගල් ගැසිණ.එපා යැයි වළකන්නට තරම් වෙලාවක් නැත.අදීෂ දුරකථනය තැබුවේ ඉඳුවර අත බව ඈ දැන සිටියා ය.ඇයට ඇමතුම විසන්ධි කරන්නට ඕනෑ විය.නමුත් ඒ ඉඳුවර කෝපයට පත් කිරීමකි.නැතහොත් ඔහුට තමා කියවා ගැනීමට ඉඩ දීමකි. "ඉඳුවර..කොහොමද ඔයාගේ ඩ්‍රාමා එක අපි හැමදාම බලනවා.." කටපාඩම් කරගත් අන්දමේ ඒ වචන කිහිපය ඉඳුවරට ගෙනාවේ අපහසුවකි. වෙලාවට ආහාර...
දික්කසාද නඩුව ඇසෙන්නට ගත්තේ ය. දික්කසාදය ලබා දීමට නම් ඔහු ට වූ අවමානය වෙනුවෙන් මංජුල අති විශාල වන්දියක් ඉල්ලා සිටියේ ය. එය නො ගෙවන්නේ වී නම් කිසි සේත් දික්කසාදය ලබා දිය නො හැකි බව ඔහු කීවේ ය. "ඔය තරං සල්ලියක් කොහෙන්ද නිකී දැං අපි ළඟ...ඔයා හොඳට ම දන්නවනෙ පප්ප අන්තිමට...
අදීෂ බොහෝ කාලයකට පසු ඉඳුවර මුණ ගැසෙන්නට ආවේ ය.තරු තරගයේ අතරමගකින් ඉවත් වන්නට සිදු වූ පසු ඔහු රූපවාහිනි නාලිකාවල කටයුතුවලට එතරම් සහභාගී වූයේ නැත.සරසවියේ කථිකාචාර්යවරයකු වූ දා සිට ඔහුට කටයුතු අධික විණි. ඉඳුවර අවදි වූයේ ද අදීෂ පැමිණි පසු ය.අතීතයේ නේවාසිකාගාරයේ කාමරයක ගෙවූ ජීවිතය අදීෂට සිහිව ආවේ ය.ඔහු ඉඳුවරගේ නිවහන...