පතොක් ප්‍රේමය

Pathok Malaka Premaya
නුගේගොඩට මහ වැසි ඇද හැලෙමින් තිබිණ.වර්ෂාව පතිත වේයැයි ඉඟි පළ වූ දිනයක මට මහ මඟට නොබැස ඉන්නට තිබිණ.නමුත් මා සිටියේ අලුත් පොතක් මිලට ගන්නා නොතිත් ආශාවකිනි. "ඕක ඔන්ලයින් ඕඩර් කරන්න සාරා..දවසකින් එනවනෙ.." දෙමිතුරියන් මඟින් මඟට කීව ද මට උවමනා වූයේ රස්තියාදුවක ගොස් පොතක් තෝරා ගන්නට ය.බොහෝ කාලයක් මඟ බැලූ පොතක් නිකුත්...
Pathok Malaka Premaya
මම තරප්පු පෙළ නැග්ගේ කල්පනාබරව ය."ආර්යාව" ඔහු අම්මා හැඳින්වූ අන්දම ගැන මට ඇති වූයේ අමුතුම හැඟීමකි.ඒ එවැනි නමක් භාවිතා කිරීම ගැන නොවේ.මා විටෙක තාත්තාගේ දුරකථනයට අමතා "කෝ අර මිසිස් මොණරවිල" යැයි අසන්නේ ආදරයෙනි.නිවසේ දී කකුල් උඩ දමාගෙන පුටුවක ඇද වැටී සිටියදී "වත්සලා ටීච…තේ ටිකාක්.." යැයි ඇයට හඬ ගෑම මට...
නවාතැනට එනතෙක් ම මා හුන්නේ බරව ගිය හදිනි.බඩගින්නක් නොදැනුණත් හද ගින්නක් දැනෙමින් තිබිණ.මම දැන් දෙවසරකටත් වැඩි කාලයක් පසන්ගෙන් ප්‍රතික්ෂේප වීම ගැන ළතැවෙන්නියක් මි.නමුත් ධීර ප්‍රතික්ෂේප වන්නේ තමන්ගේ ම නිවස තුළ බව තේරුම් යාම මට මහත් වේදනාවක් විය.නොදන්නා තරුණයෙකු ගැන එසේ දැනීම ගැන මට ඇති වූයේ අපහැදිලිකමකි.ඒ මගේ මනුස්සකම බව...
"කෝ චරිත?" රශාන් මට සමීප වී විමසී ය.මම උරහිස් ගැස්සුවෙමි.චරිත කොහේ හෝ සැඟවී මට පාඩමක් උගන්වන බොලඳ රංගනයක නිරත වන බව මට සහතික ය. "ඌ අද උදෙන්ම යන්න ගියා.ඒකයි ඇහුවෙ." රශාන් මට අමතන්නේ සැරෙනි.මම මගේ පුරුදු යක්ෂ බැල්ම නෙත්වලට ගතිමි. මෙවැනි ගැටළු විසඳන්නට අහිංසක කෙල්ලකට නොහැකි ය. "එයාට මැනේජ්මන්ට් එකේ කෙල්ලක් ඉන්නවනෙ.තව අර...
මා උඩුමහලට ආවේ මවාගත් කෝපයකිනි.ඒ කෝපයට පොහොර දමමින් චමත්කාත් කේතකීත් හිනැහෙන්නට ගත්තේ එක පොකුරට ය.ඔවුන්ට රිසිසේ හිනැහෙන්නට ඉඩ දී මම ඉඟටියට දෑත් ගසාගෙන බොහෝ වෙලාවක් සිටියෙමි. "වෙනදටත් කන්න මට අඬගහනවද? " මා කඩා පනිද්දී අපේ කුඩා සාලයේ බිම හිඳගත් චමත්කා දෑසින් කඳුළු එනතුරුම හිනැහෙන්නට ගත්තා ය. "ඒකනම් මට මාලකයියා හින්දා හදිසියෙ ආව...
මට උදෑසන ඇහැරුණේ හතේ කණිසම ද ගෙවී යද්දී ය.ඇස හරවා බලද්දී කේතකී මුළුතැන්ගෙය තුළ බවත් චමත්කා නාන කාමරයේ බවත් වැටහිණ.අද දේශන ඇත්තේ හවස් යාමයේ ය.උවමනා නම් ගම මැදින් යන බසයෙන් ද නැතිනම් අපේ සරසවියේ ප්‍රවාහන සේවය මඟින් ද දේශන වලට යන්නට හැකි ය.ඉතින් මේ උදෑසන ඇත්තේ නින්දේ ගිලෙන්නට ය....
Pathok Malaka Premaya
"දැං ඒ මිනිහ පලි ගන්න විදිය හිතා ගන්න බැරි වෙයි..ලෙඩක්මයි දාගන්නෙ සාරා ඔයත්." මිතුරියක වූ දා පටන් පැළඳගත් මව්වත් කබාය ඇඟලා ගත් කේතකී පවසන්නේ තදිනි.ඇය ඉතා දුර බලමින් අනාගතය පුරෝකථනය කරන්නට හපනියකි. කොටින්ම එකම එක දේශනයක් මඟ හැර ගත් විට විභාගය අසමත් වීමේ සිට අනාගතයේ අපේ දරුවන් අප රැවටීම දක්වාම...