Novels

Nibbutha geetha
ඒ මින් පෙර කිසි දාක නො සිදු වූ දෙයකි. අපේ ගෙදර එහෙම රණ්ඩුවක් තබා උස් හඬින් කතා කිරීමක් හෝ සිදු වන්නේ නොවේ. කුස පිරෙන්නට කන්නට නැතත් ඒ දුප්පත් නිවහනේ හිත පිරෙන්නට ආදරය තිබිණි. හද උතුරා යන්නට සැනසිල්ල තිබිණ. කුස ගින්නේ අප මිය යාවිද කියා කිසි දාක නො...
සුහදිනි
"මමයි අම්මයි ඔයාට බෝධි පූජා තියන්න යන්නේ" සකී එක්තරා උදෑසනක අහස්ව අවදි කළේ එසේ කියමිනි.තරගාවලිය ඇරඹෙන්නට වැඩි දවස් නොවේ.අහස්ගේ අම්මා සකීව ද ඇගේ බෝධි පූජා වෙනුවෙන් සහභාගි කරගන්නට තීරණය කර තිබුණා ය. "ඔයා එන්න ඕන නෑ.ඔයා ගිහිල්ලා ප්‍රැක්‍ටිස් කරන්න."
Nibbutha geetha
ප්‍රේමයේ වියෝගය පිළිබඳ කල්පනා මා ආතුර කොට තිබිණ. මධාරා අක්කා ගේ විවාහ මංගල්ලයෙන් පස්සේ දෙතුන් දිනක් ගෙවී ගියේ ඒ ඔත්පල වීම තුළ ය. මම මදුරාපුර මැදුර පැත්ත පලාතේ නො ගියෙමි. විටෙක එහි යෑමේ බරපතල උවමනාවක් මට දැනුණේ ය. එය අසහනයක් සේ මා වියවුල් කරන්නට ද විය. ඒත්...
Nibbutha geetha
ජීවිතයක් වෙනස් වන්නට එක නිමේශයක් ප්‍රමාණවත් ය. මධාරා අක්කා විවාපත් ව මදුරාපුර මැදුරෙන් නික්ම ගිය මොහොත මට ඒ වගේ නිමේශයකි. ඇය යන බව මම දැන සිටියෙමි. අන් කවරදාටත් වඩා අප ලං වූයේත් ඒ කෙටි කාලයේ ය. මංගල උත්සවය වෙනුවෙන් මධාරා අක්කා ගේ සූදානම් වීම්...
සුහදිනි
සාරණ්‍යා උත්කර්ෂවත් විවාහ මංගෝත්සවයක් පවත්වා විවාහ වූවා ය.ඇය සතුටිනි.ඇයට අවශ්‍ය ලෝකය දිනා ගත් සතුට ඇගේ දෑස් මත පෙනෙන්නට තිබිණ. "ගැළපෙන ලෝකයක් ලැබුණම ඕනෑ කෙනෙක් සතුටින් ඉන්නව." අහස් එසේ පැවසුවේ නිහඬ ප්‍රීතියකින් බව සකී වටහා ගත්තා ය.ඔහු අත් හැරී ගිය දෑතක් සුරක්ෂිත...
Nibbutha geetha
විෂමතා කෙතෙක් වී ද ප්‍රේමය හදවතේ මිහිරක් දනවන්නේ ය. නමුත් ඒ විෂමතා හිතේ සැනසීම ද අහිමි කරන්නේ ය. මගහැර යා නො හැකි ලෙස ලෝචන ගේ ප්‍රේමය නමැති මධු කෙමියෙහි ගිලීමෙන් ඉක්බිති මට මා සතුව තිබි සැනසිල්ල අහිමි වී ගිය බව පිළිගත යුතු ය. සඳනි මගේමිතුරිය ද ඔවුන්...
සුහදිනි
සකී හදිසියේ ම අහස්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූපයකින් මතු වීම ඇය දන්නා හඳුනන සෑම කෙනෙකුටම මහත් පුදුමයක් ඇති කර තිබිණ.ඒ ප්‍රේමය ගැන සැබෑවටම දැන සිටියේ නිම්නා සහ සියුම් ය. රන්මිණි පවා පැවසූ දෙයට වැඩි දෙයක් නොදනී.නමුත් දැන් කිසිවෙකුට එය රහසක් වූයේ නැත. "මොකක්ද අර වෙලා...
Nibbutha geetha
මගේ දුප්පත් ගෙදොරකඩ මගේ ඉපැරණි මිතුරිය සිටිනු දකිනා තරම් ප්‍රිය දසුනක් ළමා වියේ සිට ම මට තිබුණේ නැත. පාසලේ දී පොදුවේ මා හැම දෙනාව ම සුහද ව ඇසුරු කළ ද සමීපතම යෙහෙළියක් කියා කෙනෙකු එහි මට නොසිටි බව කිව යුතු ය. මට වඩා වසරක් වැඩිමහල් වී ද...
සුහදිනි
සකී මුහුදුබඩ අවන්හල වෙත ඇවිද ආවේ පුදුමයෙනි.රෑ අන්ධකාරය ගලා එමින් තිබේ.අහස් අතිශය කාර්යබහුල මේ දිනවල ඔහුට ඈ වෙනුවෙන් මිනිත්තු කිහිපයක් හෝ වෙන් කරන්නට හැකි වීම ම ඈට ගෙනාවේ සැනසීමකි.ඈත දුරු රට වෙසෙන ප්‍රේමවන්තයන්ට පවා පෙම්වතිය වෙනුවෙන් දෙන්නට කාලය තිබුණ ද අහස් ඔහුගේ දවසට පැය විසි හතරක් මදි...
Nibbutha geetha
මම ඕනෑ තරම් දෛවයේ කම්මුල් පහර වලට ලක් වුණ ගෑනු ළමයෙකු වෙමි. ඒවා කෙතරම් හුරු පුරුදු වී ද ඇතැම් විට වැදුණ පහරක් මා උඩු යටිකුරු කරන්නට සමත් වූ බව කිව යුතු ය. එවන් වෙලාවක කඳුළක් ඉනූ ඇස් වලින් ම සිනහ වී, පපුවේ පිරුණු සුසුමක් කාටවත් නෑසෙන සේ...