අකල් වැහි

අකල් වැහි
තම සැමියාට වෙනත් ප්‍රේමවන්තියක හිඳින වග දැන ගැනීම තරම් වේදනාවක් ගැහැනියකට නොවේ.ඒ පෙම්වතිය මවක වන්නට සැරසෙන වග දැන ගැනීම ඒ වේදනාව මරණීය වේදනාවක් බවට පත් කරන්නකි.එහෙත් හිරුදිට සරසිගේ ඇමතුම ඉඳිකටු තුඩක තරමටවත් නොදැනිණ.චේතන දේවතිලක නම් මිනිසා සමඟ කිසිම මානසික බැඳීමක් නොවන තැන හිරුදිට ඒ කතාවෙන් වේදනාවක් හිමි වන්නේ නැත. "ඔය...
අකල් වැහි
"ඔයාට ඕනෑම වෙලාවක මං ගාවට එන්න පුලුවන් නංගි" සමාධි කිලෝ මීටර දහස් ගණනක දුරක සිට එසේ ලියා එවා තිබිණ. ඇය වෙතට පැමිණෙන්නට යැයි අක්කා කියන්නේ අදක සිට නොවේ. හිරුදි චේතනට විවාහ කර දෙන්නට සැරසුණු කාලයේ පටන්ම සමාධි නංගිගේ ගැලවීම පිණිස සටන් වැදුණා ය. "මෙහෙට එන්න බබා.ඔයා ඔය මිනිහව බඳින්න හිත හදා...
අකල් වැහි
කාලය ඊයක වේගයෙන් ගලා යන්නේ ජීවිතය වඩාත් සුවපහසු කාලයන් හිදී ය.ඉතා අසීරු කාල ගලා යන්නේ ඉදිබුවෙකුගේ වේගයෙනි.තත්පරයක් පවා පැයක තරම් වේගයක් ගන්නා බව දැනෙමින් තිබුණේ සිතිජ ප්‍රමුඛ සටන් සගයන්ට පමණක් නොවේ.හිරුදිට ද එය එසේ වෙමින් තිබිණ.ඇයට කාලය එක තැන නතරව ඇති වගක් දැනේ.කිසිවක්ම වෙනස් නොවී තිබියදී ඇයට රටින් පලා...
අකල් වැහි
"හිතුණු හැටියේ එළියට බැහැලා ඔහේ රස්තියාදු ගහනව කියන්නේ ඇත්තද?" චේතන එසේ ඇසුවේ හිරුදි අඩ නින්දකට පිළිපන් මොහොතකදී ය. ඔහු අවම සදාචාරයක් හෝ ඇති මිනිසෙකු නොවේ.ප්‍රසව හා නාරි වෛද්‍යවරයා ඉදිරියේ ලෝකයේ සිටින හොඳම තාත්තාගේ චරිතය රඟපාන්නට වෙහෙසෙන තේජන ඉන් පිටතට ආ පසු සුපුරුදු චරිතයට වෙස් මාරු කර ගනියි.ගැහැනුන්ට ආදරය කරන්නට ඔහු...
අකල් වැහි
"මං මේ මොහොතේ ජීවත් වෙන්නේ සති කීපයක් වයස මගේ නූපන් දරුවා වෙනුවෙන් සිතිජ.එයා එයාගේ තාත්තා වගේ නොවී හොඳ මනුස්සයෙක් වෙනවට මම කැමතියි.මට එයාව හොඳ ළමයෙක් විදියට හදන්න ඕන.එයා ලොකු මනුස්සයෙක් නූනට කමක් නෑ." පාසල් අධ්‍යාපනය අහවර කර වැඩි කාලයක් ගෙවී ඇතැයි නොපෙනෙන යුවතිය කුස ඔත් බිළිඳෙකු ගැන කියද්දී සිතිජ තිගැස්සිණ.ඈ...
අකල් වැහි
ගිනි දැල් ඇවිලී නිවී යන්නට දින කිහිපයක් ගෙවී ගියේ ය.චේතනට වූයේ සුළු තුවාල කිහිපයකි.දේවතිලක පවුලට හිමි පැරණිම නිවස ගිනිබත් වීම ඔවුන්ට විශාල හානියක් අත් කර දුන්නේ ද නැත. වෙනත් නිවසකට සංක්‍රමණය වන්නට ඔවුහු වග බලා ගත්හ.හිරුදි ඒ සියළුම සිදුවීම් විඳ ගත්තේ අයිස්මය හැඟීමකිනි.හිම කන්දක්ව මිදෙමින් ජීවත් වීම ගැහැනියකට පහසු...
අකල් වැහි
"සිතිජට කිසිම අවුලක් නෑ කියලා ඩොක්ටස්ලා කියනවා.ඔපරේෂන් එක සාර්ථක වෙලා." අඳුර ද බිය ද පැතිරී ගිය දවසක ඒ ආරංචිය තරම් මිහිර උපදවන ආරංචියක් තවත් ඇතිදැයි හිරුදි සිතී ය.ඔහු සුවෙනි;ආරක්ෂිතව ය. ඒ හැඟීම අසීරු පැය කිහිපයකට පසුව හෝ ලබා දීම ගැන ඇය දෙවියන්ට ස්තූති කළා ය. "ඔයාලා සිතිජට කතා නොකරම යන්නද හදන්නේ?" සිතිජ සුවයෙන්...
අකල් වැහි
"භාග්‍යා කොහෙද ඉන්නේ?" ළසඳාගේ කටහඬ බිඳී ගොස් තිබේ.ඒ කටහඬ එපමණකට බිඳෙන්නට හේතුව සිතා ගන්නට නොහැකිව හිරුදි විපිළිසර වූවා ය.හිරුදි අරගලයේ නියුතු තරුණයෙකු වෙනුවෙන් රෝහලේ සිටීම ළසඳාගේ හඬ බිඳෙන්නට හේතුවක් විය යුතු නොවේ.ළසඳා එය දන්නවා නම් කරන්නේ කෝපාවිෂ්ඨ වී කෑගැසීම ය. "වික්‍ටර් කාරයා ඇමතියා වුණාට නෝනට බයයි.ළමයිත් එහෙමයි.මේ කසාදේ කරගන්න නම් අල්ලගන්න...
අකල් වැහි
සතුරු රාජ්‍යයන්හි රාජ කුමාරිකාවන් සමඟ ප්‍රේමයෙන් බැඳෙන රජකුමරුන් ගැන ඇති කොරියානු මාලා නාටක හිරුදිට සිහි විණ.ආදරය,මිත්‍රත්වය වැනි කාරණාවන්ට කිසිවක්ම අදාළ නොවේ.හදවතේ බැඳීම් හිමිරිදිය මෙන් පිරිසිදු නම් ඒවාට රැකවල් යෙදිය යුතු නොවන වග ඈ විශ්වාස කළා ය.නමුත් සිතිජ ඈ දෙස කොහොම බලන්නට ඉඩ ඇතිදැයි ඈ නොදන්නී ය.සිතිජගේ ශල්‍යකර්මය අවසන් වන...
අකල් වැහි
"සිතිජ බලන්න බෑ.ඔපරේෂන් එකක්ලු." රෝහලේදී ඒ ආරංචිය දැන ගත්තේ නිපුනි ය.යකඩ පොල්ලකින් එල්ල වූ ප්‍රහාරයේ බරපතලකම ගැන වෛද්‍යවරු කිසිම අනාවැකියක් පළ කරන්නේ නැත.හිරුදිට බියක් දැනෙන්නට වූයේ එනිසාම ය.ඔහු අනතුරක ය. "අපිට එයාව ප්‍රයිවෙට් හොස්පිටල් එකකට ගෙනිච්චැකිනෙ.." එසේ පැවසූ හිරුදි එයට ඌණපූර්ණය එක් කළා ය.ඒ රෝහල් බිල ගෙවන වගකීම ඇයට භාර ගන්නට හැකියාව...