කදෝකිමි ඇස්

කදෝකිමි ඇස්
"කොහෙද අපි මුණගැහෙන්නේ?" මේඝ හමුවිය යුතු තැන ඇයට දැන්වූවේ ය.ආරණ්‍යාට තමන්ගේ ජීවිතය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින බව දැනිණි.ඇය සෑම දෙයක්ම අම්මට පවසන දියණියකි.ආරණ්‍යා කියන්නේ මහා කේලම් මල්ලක් බවට මෝක්ෂ සහ සඳරැස් චෝදනා කරන තරමටම ඇය අම්මට සියල්ල පවසන දියණියක් වූවා ය. "අම්මට මොකුත් හංගලා මොකටද?" දෙසොහොයුරන් සමග තර්ක කරන්නට ඇය යොදා...
කදෝකිමි ඇස්
"ඔයා ඒ කිව්වේ මටද?" මේකලා එසේ නාසන්නට වග බලා ගත්තා ය.ඇසුවා නෑසුවා වුව ඒ වචන තමන්ට බව ඇය දනියි.පනස් වසරක් පිරුණු ගැහැනියක වුව ද තවමත් මහේන්ට ආදරය කළ කුඩා යෞවනිය ඇය තුළ ජීවත් වන බව ඇය හොඳින් දන්නී ය.ඇයට ඒ තරුණියට ඉඩ නොදී හිඳින්නට නොහැකි විණ.ජාලිය මේකලාට කිසිවක්ම නොකීවේ ය.එහෙත්...
කදෝකිමි ඇස්
මේකලා නිදන්නට ගියේ ජාලිය නින්දට යන්නට පෙර ය.ඔහු ඔහුගේ ලෝකයේත් ඈ ඇගේ ලෝකයේත් ජීවත් වීම මේ විවාහය ඇරඹුණු දා පටන්ම අඩු නැතිව සිදු වන්නකි.ජාලිය ප්‍රේමයක් වූවාට වඩා හිත නිවා ගන්නා මාර්ගයක් වූ බව මේකලා දන්නී ය.ඔහු ඇයට අසීමාන්තිකව ප්‍රේම කළ බව සැබෑවකි.නමුත් ඇගේ ප්‍රේමය තවමත් මහේන් නොවේදැයි මේකලා සිතුවා...
කදෝකිමි ඇස්
මේඝ සමඟ කතාබහ අවසන් කළ ආරණ්‍යා වහා මෝක්ෂට ඇමතුමක් ගන්නට සිතුවා ය.ඒ අදහස වෙනස් වන්නට හැර පහත මාලයට ගොස් මල්ලිට කතාව කියන්නට සිතුවා ය.නමුත් ඈට කිසිවක් කරන්නට සිත් නොදේ.අම්මාට පැරණි ප්‍රේමයක් තිබීම දරුවෙකුට මෙතරම් කලබල වන්නට හේතුවක් නොවේ.නමුත් ඇය ආදරය කළ මිනිසාගේ පුත්‍රයා දැන් තමන්ට සමීපම චරිතයක් වී අවසන්‍...
කදෝකිමි ඇස්
"ඊට කලින් මම ඔයාට දෙයක් කියන්නංද?" ආරණ්‍යා අසයි.මේඝ ඇය නොකැමතිම දෙයක් කළ බවක් සිහිව කෝපයට පත් වූ හන්දාම ඈ ඒ කතාව වහා ඇද ගන්නට සිතුවා ය. "ඔයාගේ කැමැත්තක්." ආරණ්‍යාට කියන්නට සැරසෙන වැදගත් කතාව පරයා ඇය කියන්නට යන්නේ කුමක්දැයි මේඝට දැනගන්නට ඕනෑ විය.නමුත් ආරණ්‍යා අර ඇන්දේ රණ්ඩුවකට ය.ඈ අප්පච්චි සමඟ ගැටුම් ඇති නොකර...
කදෝකිමි ඇස්
ආරණ්‍යා තරුපිරි අහස දෙස බලමින් කල් මරන්නට වූවා ය.පාඩම් කරන්නට ඕනෑතරම් දේවල් තිබේ.අම්මා ඊයේ මරදානේ සංචාරයකට පසු වාහනය පිරෙන්නට පොත් රැගෙන ආ බව ද ඈ දුටුවා ය.සඳරැස් අලුත්ම චිත්‍රපටියක් බාගත කර එය පුදුමාකාර සිනමාත්මක ගුණයකින් යුතු එකක් බවට පාරම් බා තිබේ.නමුත් ආරණ්‍යාට කිසිවක්ම කරන්නට සිතක් නොයේ. ඇය ප්‍රේමයෙන් ආතුරව ය.සමහර...
කදෝකිමි ඇස්
"නැන්දා ඇයි දැන් ආරණ්‍යාට සපෝට් කරන්න හිතන්නේ?" ලක්ෂි සහ මහේන් ලබා දුන් ඇමතුම් ගැන වෙන වෙනම විමසූ මෝක්ෂ අසන්නේ ගැඹුරු ප්‍රශ්නයක් බව මේකලාට සිතිණ.ඇය ඔහු දෙසම බලා සිටියා ය.වෙනත් දවසක නම් ඇගේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ඇති යෞවනයා අද ඇගෙන් ප්‍රශ්නයක් අසයි.එයට හදවතට එකඟ පිළිතුර දෙන්නට තරම් මේකලාට සිතක් නැත. "අපි කරන...
කදෝකිමි ඇස්
ලක්ෂි බොහෝ වෙලාවක් කල්පනාවට වැටුණා ය.එය බොහෝ දිගු අතීත චාරිකාවකි.අතීතයෙන් වර්තමානයට ද වර්තමානයෙන් අනාගතයට ද යමින් ඇය කළ යුත්තේ කුමක්දැයි සිතන්නට පටන් ගත්තා ය.තම ප්‍රාණසම ප්‍රේමය තමන්ගෙන් උදුරා නොගන්නැයි කම්මුල් පුරා ගලා යන කඳුළු වැල් සහිතව ඉකි ගැසූ යොවුන් දැරිය ඇයට සිහිව ඒ.ඒ අතීතයකි.වඩා දුර අතීතයකි.නමුත් වර්තමානය තමන්ට සරදම්...
කදෝකිමි ඇස්
"කවුද ඒ?" මේඝ ගැන සියල්ල අසා සිටි සහස් අසන්නේ නොකැමත්තෙනි.පසුම්බිය නැති වූ දා පටන්ම ආරණ්‍යා ජීවත් වූයේ හොඳ සිහියකින් නොවන බව කියන්නට ඔහු කැමති ය.ඔහුට ඒ නොදන්නා තරුණයා ගැන ඇත්තේ කෝපයකි.ආරණ්‍යා ඔහුට ආසක්තව ඇතැයි සිතීම ම සහස් ට ගෙන ආවේ ඉතා නොපහන් හැඟීමකි. "එහෙම කොහෙවත් නැති මිනිහෙක් කොහොමද ආරණ්‍යාට කතා කරන්නේ?" සහස්...
කදෝකිමි ඇස්
"ඔයා හිතන්නේ අපි කෙනෙකුට ළං වුණාට පස්සෙ එයා අපිට ගැලපුණත් නැතත් එයා එක්ක ඉන්න ඕන කියලද?" මේඝ එසේ අසද්දී ආරණ්‍යා පිළිතුරක් නොදී මඳ වෙලාවක් නිහඬව සිටියා ය.එකිනෙකට නොගැළපෙන යුවලක් ලෙස ඇය හොඳින්ම දැක ඇත්තේ ඇගේ අම්මා සහ අප්පච්චි ය.කිසිම දවසක එකිනෙකා සමඟ වාදයක හෝ නොපැටලුණ ද ඔවුන් දෙදෙනා එකිනෙකාට නොගැළපෙන...