කදෝකිමි ඇස්

කදෝකිමි ඇස්
ජාලිය සියලු වැඩ පසෙක තබා ආරණ්‍යා වෙත යමින් සිටියේ ය.ඇගේ පසුම්බිය කොතැනක හෝ අමතකව ඇති බව කියමින් ආරණ්‍යා හඬන්නී ය.ටැක්සියක නැඟී නැවත නිවසට පැමිණෙන්නට හැකි වුවත් ඇය කරන්නේ හුන් තැනටම වී හැඬීම ය.සැබෑවටම ඇයට විශාල කරදරයක් සිදුව නැති බවත් අසිහියේ තරම හන්දා පසුම්බිය කොහේ හෝ හලාගෙන ඇති බවත් නිසලි...
කදෝකිමි ඇස්
"ඔව්..මේඝට නංගිලා නෑ." ආරණ්‍යා අම්මා දෙස බැලුවේ විමසුම්සහගත බැල්මකිනි.නාන කාමරයේ කැරපොත්තෙක් දුටු විට විලාප නගන්නාක් මෙන් බැල්මකින් එදා ඇය දුරකථනය දෙස බලා සිටි අන්දම ආරණ්‍යාට අමතක නොවේ.ඈ මේඝ දන්නේ කොහොමදැයි ආරණ්‍යාට සිතිණ.නමුත් අම්මාට කුමක් හෝ වේදනාවක් තිබේ.ඒ වේදනාව ප්‍රශ්න නොකරන්නට ඈ උගත්තේ බොළඳියක කාලයේ පටන් ය. "අම්මට චුට්ටක් තනියම ඉන්න ඕන.අපි...
කදෝකිමි ඇස්
"එයාගේ නම මේඝ සේනාධීර.." මේකලා එසේ පවසා ඉකිය මඳකට නවතාලූ අතර ජාලිය ඈ දෙස බලා සිටියේ ඉවසීමෙනි. "ඒ ෆොටෝ එකත් මහේන් තරුණ කාලේ වගේමයි.." මේකලාගේ හඬ බිඳි බිඳී යයි.පවුලේ අය රැස් වී කතාබහක සිටි එක්වරම තමන් ඉදිරිපිට පාදුර්භූත වී "මාව බඳිනවාදැයි" ඇසූ දා ද ඇගේ හඬ ඔවැනි ස්වරයක් ගත් බව ඔහුට මතක...
කදෝකිමි ඇස්
මේකලා නිදි යහනට ආවේ රෑ බෝ වී ය.මධ්‍යම රාත්‍රිය ද ඉක්ම ගොස් ඇති බව ජාලියට නොදැනුණා නොවේ.ඔහු ඒ ගැන කිසිවක්ම නාසන්නට ප්‍රවේසම් ය. "මං ලියනවනෙ.ලියන්න අයිඩියාස් එන්නේ රෑට.." නමුත් ඇය ඒ කාලයේ පුස්තකාල කාමරයේ තනිව නොරැඳුණා ය.සුන්දර මැදුරක් වන් නිවසක් තනන්නට පෙර කුලී නිවාස වල සිටි කාලයේ පවා ඇය කෑම මේසයට...
කදෝකිමි ඇස්
මේඝ හුන්නේ සඳැල්ලට වී ය.ඈත අහසේ අප්‍රමාණ තාරකා දෙස ඔහු බලා සිටියේ සිතුවිලිවලින් බරව ය.ඒ තාරකා හරියට කදෝකිමි ඇස් වාගේයැයි ඔහුට සිතිණ.මේඝ ඒ වචනයට මනාප ය."කදෝකිමි ඇස්" ඒ මේකලා මායාදුන්නේගේ අලුත්ම නවකතාව ය.ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්නා දරුවෙකු ව සිටි තමන් සිංහල භාෂාවට පෙම් බඳින්නට ගත්තේ මේකලාගේ පොත් නිසා බව...
කදෝකිමි ඇස්
ආරණ්‍යා අම්මාගේ කාමරයට එබුණේ රාත්‍රියේ මැදියම එළඹෙද්දී ය.අම්මා ලියන්නී ය.කෙළවරක් නැතිව ලියන්නී ය.ඇය තමන්ට පමණක් අයත් වස්තුවක් නොවන බව ආරණ්‍යා වටහා ගත්තේ මල්ලී උපදින්නටත් පෙර සිට ය.මේඝගේ කතාන්දරයට වහ වැටුණු දරුවන් අම්මාට ඇමතුම් ලබා දෙද්දී කිරි උරමින් සිටි ආරණ්‍යා කිරි බීම නවතා ඒවා අසා සිටි බව කියන්නේ අප්පච්චී ය. "කොහොමටත්...
කදෝකිමි ඇස්
නිමිඇඳුම් ප්‍රදර්ශනාගාරයේ හයවැනි මහල තෙක් යන්නට මේඝ සේනාධීර විදුලි සෝපානයට ගොඩ වූයේ ය.ඔහු ජංගම දුරකථනය නෙත් අලවාගෙන එහි සිටිය ද මේඝගේ මිතුරා වූ විදුක සිටියේ වෙනත් කල්පනාවකට බව මේඝට පෙනුණේ නෙත් කොණකිනි. "ඇයි.." මේඝ එය ඇසුවේ දෑසිනි.මුවින් පිටතට පනින්නට ආ සිනාව මුව තුළම සිර කරගත් විදුක දෑසින් ම සෝපානයේ සිටි යුවතිය...