නිලැසි

Nilasi novel by Nibandhika Wanninayake
දිගැසි කමලා සාදා දුන් දොඩම් වීදුරුව ද රැගෙන අක්කා වෙත ගියා ය.යහනට වී ඉකි බිඳින ඇය ගැන දිගැසිට කෝපය පරදා ශෝකයක් දැනිණ.ඇය දොඩම් වීදුරුව පසෙක තබා අක්කාගේ හිස අත ගෑවා ය.ඒ ස්පර්ශයට ගැස්සී ගිය නිලැසි හිස එසවූවා ය. "මොකක්ද අක්කා මේ විකාරේ?" දිගැසි අසන්නේ කෝපයෙනි.නිලැසි වහා යහනේ හිඳ ගත්තා ය.ආදරය වෙනුවෙන්...
Nilasi novel by Nibandhika Wanninayake
"මම හිතුණොත් ආපහු ගෙදර යනව." නිලැසි එසේ පවසද්දී එරන්ද ඈ දෙස බැලුවේ විමතියෙනි.උදෑසන සිටම තරින්ද්‍යාට යැවූ එකම කෙටි පණිවිඩයකටවත් ඈ ප්‍රතිචාර නොදැක්වීම ගැන කෝපයෙන් සිටි එරන්දට මේ කතාව නැවත කෝපය ඇවිස්සීමක් විණ. "ගිහින්?" ඔහු ඇසුවේ ඒ කෝපී ස්වරයෙනි.නිලැසි දුක්බර දෑසකින් ඔහු දෙස බැලී ය. "තිසරුට පණ්ඩිත කතා කියන්න ගිහින් දැන් බයෙන් ජීවත් වෙන්න...
Nilasi novel by Nibandhika Wanninayake
නිලැසි දිගින් දිගටම ප්‍රේමය යැයි අන්ධකාරයක ගිලෙන්නට ගත්තා ය.විෂ බඳුනක් දෝතින්ම තුරුළු කර ගත් ඈ ජීවිතය ක්‍රම ක්‍රමයෙන් දිය කර දමන්නට ඒ විෂ බඳුනට ඉඩ හැරියා ය.ප්‍රේමය එබඳු යැයි සිතා හුන් ඈ තිසරුට ජීවිතය තුළ කිසිම ඉඩක් නොදෙන්නට ප්‍රවේසම් වූවා ය. "කොහොමද ඔයාගේ එක්සිබිෂන් එක බබා?" නිවසේ නොරැඳෙන නිලැසිගෙන් තිසරු විමසූයේ...
Nilasi novel by Nibandhika Wanninayake
"අක්කා මොනවද කියන්නේ.." ක්‍රමයෙන් සන්සුන් වෙමින් හුන් රශ්මි විමසුවේ පහත් හඬිනි.නිලැසි නිසා නිම්න සමඟ අමනාප වන්නට සිදු වීම ගැන ද රශ්මිට තිබුණේ ශෝකයකි. "එයා කියනව මං ඒක දැන ගත්තට සතුටුයිලු..තිසරු අයියා,අම්මා තාත්තා,මොරවක ආන්ටිලාත් ඉක්මනට දැනගන්නවටලු එයා කැමති.." නිම්න එය හෙළි කළේ කෝපයෙනි.ඒ කතාව කියද්දී අක්කාගේ දෑසේ තිබූ මුරණ්ඩුකමත් එරන්දගේ දෑස්වල ලියැවුණු චංචල...
Nilasi novel by Nibandhika Wanninayake
"මං ඔයාට ආදරේ කරපු දවසේ ඉඳන්ම ඔයා ගැන එක දෙයක් දැනගෙන හිටියා රශී.ඒත් අද ඒක එහෙම නෙවෙයි කියලා මං දැන ගත්තා.මට ඇත්තටම හුඟක් අප්සට්.." නිම්න එක්තරා රාත්‍රියක නිවසට පැමිණ රශ්මිට කීවේ පරාජිත දෑසකිනි.ඔහු පවසන දෑ වටහා ගන්නට නොහැකිව රශ්මි උඩබිම බලන්නට විය.තව නොබෝ දිනකින් ඔහු පිය පදවියට උසස් කරමින් සිඟිත්තෙකු...
Nilasi novel by Nibandhika Wanninayake
"ආරංචි වුණාම?" විනුදි ඇසුවේ පුදුමයෙනි.නිලැසි නොකියා සිටියාට තිසරුට ද වෙනත් සම්බන්ධයක් පවතින්නේදැයි ඇයට සැක ඉපදිණ.නමුත් එසේ වීමට ඉඩ නැති බව විනුදි සිතුවා ය.තිසරු නිලැසිට බොහෝ ආදරය කරන බව ඇය හොඳින්ම දන්නා කාරණයකි. "ඩිවෝස් එකකට අනියම් සම්බන්ධයක් කියන්නෙ හොඳ හේතුවක්.." විනුදි නිලැසිගේ ඒ කතාව අසා දෑස් නළලට ගත්තා ය.අනියම් සම්බන්ධයක් හන්දා ඈ දික්කසාද...
Nilasi novel by Nibandhika Wanninayake
"ඔයා මාව දාලා යන් නෑ කියල මං දන්නව.බැඳීමක් කියන්නෙ එහෙම දේකටනෙ.." එරන්ද මිමිණුවේ නිලැසිට වඩාත් ළංව ය.ප්‍රේමයෙන් දරා ගැනීමට නිලැසි හිත හදා ගත්තා ය.ආදරය කියන්නේ ආදරයට ය.අසම්මත හෝ සම්මත යැයි බැඳීමක් ආදරයක තිබෙන්නට නුපුළුවන.ඈ එසේ සිතුවා ය.ආදරය පිපී එද්දී ඒ මල් පොහොට්ටුව තැලෙන්නට ඉඩ නොහරින්නට නිලැසි හිත දැඩි කර ගත්තා...
සැරිසරන්නී -ගංගා ෂයිනි ගමගේ
උදේ ම නයනා නැන්දලා රෝහලට ගියහ. ඈ ගියේ පොඩි අයියා ගේ මෝටර් බයිසිකලයෙහි ය. එදා උදේ පහට මුළු වත්තේ ම ගෙවල් වල අය අවදි වී විදුලි පහන් දල්වා ගෙන සිටියහ. හොඳ ආරංචියක් අසන්නට ලැබීම අප කාගේත් පැතුම වන්නට ඇත.  පාන්දර අවදි වූ ගමන් මම ද දිය නා ගෙන වැඩට යන්නට...
Nilasi novel by Nibandhika Wanninayake
"ඔයාගේ සින්දුවක් ඕන නිම්නට යවන්න සුදු මැණික.." තරින්ද්‍යා ඔහු වෙනුවෙන් ගීයක් ගයා නොඑවන තැන එරන්ද යළි යළිත් බැගෑපත් වූයේ ය.නමුත් තරින්ද්‍යාට මේවා මහත් විසුළු උපදවන දෑ ය. "ඇයි නිම්නට? නිම්න වික්‍රමාරච්චිට?" තරින්ද්‍යා ඇසී ය. නිලැසි වික්‍රමාරච්චි සමඟ එක් වී තමන් ලියූ ගීයක් ගයන්නට සහය ගායිකාවක් අවශ්‍ය බවත් එහි සංගීත අධ්‍යක්ෂණය නිම්න වික්‍රමාරච්චිට බාර...
Nilasi novel by Nibandhika Wanninayake
එදා ඒ අත්සනට පමණක් සීමා වූ විවාහය ගැන තිසරු බිඳක්වත් කම්පා වූයේ නැත.නිලැසි මීට පෙර විවාහපත් වී දරුවෙකු හිඳින ගැහැනියක වුව ද ඇයට ආදරය කරන්නට එය බාධාවක් නැතැයි තිසරු සිතී ය.ආදරය කියන්නේ ආදරයට ය.එයට විවිධ බාධාවන් හෝ නීති තිබිය යුතු නොවේ. "සුමාල් මාව හරි කැත විදියට රැවැට්ටුවා.." එදා තමන් ඉකිලන්නට හැදූ...