පෙමාතුර

pemathura
අප හමු වූයේ වසන්ත කාලයක නොවේ. රට පුරා වූයේ ප්‍රශ්න ය. සිව් දෙසින් අසන්නට ලැබුණේ මිනිස් වර්ගයා සිය පැවැත්ම හෝ තහවුරු කර ගත නොහී හෙළනා සුසුම් ය. ඖෂධ නොමැති වීම මත සමීපතමයන් මිය යනු ඇකැයි  බියපත් මිනිසුන් ගේ අඳෝනා ය. ජීවත් වෙන්නට ඇති අයිතිය තහවුරු කර ගනු වස් කරනා...
pemathura
යළි මා පොත් කිහිපයක් ද ගෙන පහළට එන විට විසල් නික්ම ගොස් තිබීම මගේ හිතට සැනසීමක් දැනවී ය. පොත් රාක්ක අතරේ හිතා මතා ම මා පමා වෙමින් සිටියේ ද ඔහු ට මුහුණ දී ගත නො හැකි බවක් දැනුණ නිසා ය.  මගේ ජීවිතයෙහි මෙතෙක් උදා වූ සුන්දරතම නිමේශය එය කියා කියන්නට...
pemathura
රාත්‍රී ආහාරය සඳහා ඉඳි ආප්ප ගෙන්වා ගැනිණ. ඒ සඳහා ව්‍යාංජන ගෙදර පිළියෙල කෙරිණ. අම්මා පොල් මැල්ලුමක් ද නදීරා මිරිස් මාළුවක් ද පුංචී අල කිරි හොද්දක් ද සැකසූහ. ඉෂිනි යන්නට ම හැදුවත් නදීරා ඇය ව බලයෙන් වාගේ කෑමට නවතා ගත්තේ රෑ වී බෝඩිමට ඇරලවන බව කියමිනි. නමුත් කරන්නට වැදගත් වැඩක්...
pemathura
ගැහැනු හිතක් විශ්ලේෂණය කරන්නට එක පොතක් නොව පොත් සිය දහස් ගණනක් ලීව ද හැකි වන්නේ නැත. එය එපමණට ම සංකීර්ණ ය. ගැහැනු හිතත් හරියට ගඟක් වගේ යයි මම සිතමි. එක මොහොතක දී පවතින ගඟ තවත් මොහොතකින් දැකිය නොහැකි ය. ගැහැනු හිත ද එසේ ය. තත්පරයක් ගානේ වෙනස් වෙයි. ඒ...
pemathura
මා රිදී සිටි බව පිළි ගත යුතු ය. එදා වැහි දවසේ මා බස් නැවතුමක හුදෙකලා ව සිටියදී මුලින් ම මගේ නෙතු ඉදිරියට ඇවිත්, ඉන් පසු නොයෙක වර සඳැල්ලේදී මගේ ගැහැනු හිත ඔහු හඹා යන්නට සලස්වා, ඊළඟට ඔහු ට සහායිකාවක හිඳිනා බව මගේ ඇස් ඉදිරියේ ම ඔප්පු කොට පෙන්වා තිබියදී,...
pemathura
ඒ ක්ෂණික නිමේශය හැබෑවක් ද නැත්නම් සිහිනයක් ද කියා සිතා ගත නො හැකි විදිහේ එකකි. ඊළඟ තත්පරයේ දී අප ගමන් ගත් විරංග ගේ රිය සිව් මං සන්ධියේ වර්ණ ආලෝක සංඥා අතරින් වම් පසට හැරුණේ ය. කළු පැහැති ඇක්වා රිය කෙලින් ඉදිරියට ගමන් කළේ ය. මම හැකි තාක් ගෙල හරවා...
pemathura
විසල් මල්වැන්න මා ගැන කොහොම හිතනවා ද ඔහු ට මා කොහොම දැනෙනවා ද කියා මම නො දැන සිටියෙමි. ඔහු ගේ නෙත් සර පහර විටෙක මගේ ගැහැනු ආත්මය දෙදරවා ලන්නට සමත් විය. නමුත් විටෙක ඔහු පුදුම විදිහට මගේ ඇස් මගහැරියේ ය. සැබවින් ඔහු ට කරන්නට සිදු වූයේ කුමක් දැයි මට...
pemathura
ආදරය හෝ ප්‍රේමය ගැන මා තුළ වූ හැඟීම, ඒ ගැන අදහසක් හෝ අවබෝධයක් ඇති වූ දා සිට එක ම හැඩයකින් තිබුණා යි සිතිය නො හැකි ය. එක එක කාල වලදී මම ආදරය ගැන එක එක විදිහට හිතුවෙමි. දඟකාර මිතුරියන් කණ්ඩායමක් උන් බාලිකාවේ දී, මේ විෂය ගැන අපට තිබූ විවිධාකාර...
pemathura
වස්සානය ඇරඹී තිබිණ. උදේ මා අවදි වන විටත් පිටත වැහි වැටෙමින් තිබිණ. වැස්ස දින වලට පිටතට නොගොස් සඳැල්ලට වී වැස්ස දෙස බලා සිටීම කාලයක සිට මගේ පුරුද්ද ය. වැස්ස තරම් අනුරාගී පෙම්වතෙකු මා කිසි කලෙක දැක නැත. වැහි සීතලේ පෙන උතුරනා බීර බඳුනක් සේ ප්‍රේමයෙන් ආතුර වීම මා නො...
pemathura
විසල් මල්වැන්න ප්‍රකට රක්ෂණ සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක් කළේ ය. ඔහු ගේ ගම නුවර කඩුගන්නාව ය. රක්ෂණ සමාගමේ මහනුවර ශාකාවට පසුව මාරුවක් ගන්නා බලාපොරොත්තුවෙන් කොළඹ පැමිණිය ද පසු ව ඔහු ඒ අදහස ඉවත් කර ගෙන තිබේ. "මොකද කොළඹිං කෙල්ලෙක් හම්බ වුණා ද..." පුංචි ඇසුවා ය. විසල් ගේ මුහුණට සිනහවක් ආවේ ය....