බිම්මල්

Bimmal
හේෂාන් අම්මා සමග කුමක් පවසන්නේදැයි නෑසුණ නමුත් අම්මාගේ මුහුණේ ඉරියව් වෙනස් වන ආකාරය දෙස මා බලා සිටියේ කුතුහලය රැඳුන දෑසින් යුතුවය. දුරකතන සංවාදය ආරම්භයේ ඇගේ මුහුණෙහි ශෝකී ස්වභාවයක් වූ නමුත් කෙමෙන් කෙමෙන් ඇගේ මුහුණෙන් පළ වන ප්‍රීතිමත් ස්වභාවය අනෙක් පසින් පවසන කිසියම් සතුට දනවන පුවතක් නිසා ඇති වූ එකක්...
අප නිවසට කැඳවාගෙන පැමිණ අඩ හෝරාවකින් පමණ හේෂාන් නික්ම ගියේ කැමැත්තකින් නොවන බව මට තේරුම් ගියේය. නිවසේ ගත කරන මෙම දිනයේ හෝ දින කීපය මා සමගින් ගත කරන්නට ඔහුට උවමනා වී ඇතත් එසේ ගත කරන්නට ඔහුගේ කාර්ය බහුල ජීවිතය ඉඩ නොදෙන බව මම දැන සිටියෙමි. වෙනදා මෙන්ම පිටව යන...
Bimmal
මගේ වාර්තා පරීක්ෂා කරමින් සිටි විශේෂඥ වෛද්‍ය අරුන් ලංකාදේව මහතා යටැසින් මාදෙස බැලුවේය. ඔහුගේ මුහුණෙහි වූයේ අප මෙහි පැමිණෙද්දී තිබූ ප්‍රීතිමත් ස්වභාවය නොවේ. වාර්තා සියල්ලම මේසය මත තැබූ ඔහු මා දෙසත්, අම්මා සහ හේෂාන් දෙසත් බැලුවේ අපේ යටි සිත් පරීක්ෂා කර බැලීමට මෙනි. “ප්‍රශ්නයක් නෑ නේද ඩොක්ට?” අම්මා ඇසුවාය. වෛද්‍යවරයා පිළිතුරක්...
Bimmal
උදා වූ දවස බොහෝ සුන්දර දිනයක් යයි මට සිතිණ. පරිසරය පුරාම යන්තමින් පැතිර ගිය මීදුම් පටලය,  හිරු උදා වී හෝරා කිහිපයක් යන තුරුම පරිසරය අත් නොහැර රැඳී තිබිණ. අම්මා විසින් වවන ලද රෝස පඳුරු වල නව මල් රැසක් පිපී තිබෙන අයුරු මම දුටුවෙමි. අලුත් දවසක්... ජීවිතයට නව බලාපොරොත්තු ඇති...
Bimmal
කෙතරම් පාලනය කර ගැනීමට උත්සාහ කළ ද, නොදැනුවත්වම මට මහ හඬින් හැඬිණ. වජිරා මා අසළට දිව ආවාය. ඇය මා තුරුලු කරගත්තේ මා ආරක්ෂා කර ගැනීමට මෙනි. “මොකක්ද මැඩම් මේකෙ තේරුම?” හැඬුම්බර හඬින් ඇය විමසුවද, හේෂාන්ගේ මව නිහඬව සිටියාය. “හිතක් පපුවක් කියලා දෙයක් නැද්ද? කතා කරගන්න දෙයක් අපේ මැඩම් ආවම කතා කරගන්න. මේ...
Bimmal
මා තමා දෙස විමසිල්ලෙන් බලා සිටින බව අරුණෝදි දකින්නට ඇත. හිස එසවූ ඇය මදෙස බලා මඳ සිනා නැගුවාය. “ඔයා මේ දවස් ටිකට ගොඩක් ලස්සන වෙලා.” මම පැවසුවෙමි. “මම මේ දවස් වල ඉන්නෙ හිත සතුටෙන්. ඒ නිසා වෙන්න ඇති.” “හිත සතුටෙන්? එහෙමනම් මොකක් හරි විශේෂත්වයක් ඇති.” “මං කිව්වෙ ඩිනාලි. පුංචි ලංකාවට ආවා. පුංචි එක්ක ගත...
Bimmal
අම්මා සුපුරුදු පරිදි සිය කේක් සාප්පුවට දිනපතා ගිය නමුත් ඇය එහි වැඩි වේලාවක් නොරැඳී නිවසට පැමිණියේ මා නිසාය. නිදහස් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙකු වශයෙන් කටයුතු කළ සුදු නංගී ද වෙනදා  මෙන් නොව පූර්ණ කාලීනව සිය කටයුතු වල නිරත නොවී වරින් වර මා සොයා පැමිණ වදනක් දෙකක් දොඩා විහිලුවක් කොට යන්නට...
Bimmal
ගැහැනු දරුවකු ගත කරන සුන්දර ජීවිතය බොහෝ විට විවාහයෙන් කෙළවර වන බවට සුදු නංගී පවසන වදන් වල සත්‍යයක් නැතැයි කිව නොහැකිය. ආච්චි අම්මාත්, සීයාත්, මාමා සහ පුංචි අම්මාත් සමග ගෙවූ සුන්දර ජීවිතයම විවාහයෙන් පසු අවසන් වූ බව ඇතැම් අවස්ථා වල අම්මා අප හා පවසා තිබිණ. කිසිදිනෙක විවාහ නොවී සිටින්නට...
තාත්තා කිසිකලෙක අම්මා පවසන දෑ පිළිගන්නා අයෙකු නොවේ. අම්මා අප වෙනුවෙන් කතා කරද්දී ඔහු කෙතරම් කෝපයට පත් වෙනවාද කිවහොත් ඔහුගේ මුහුණ රතු වී දෑස් විශාල වී යකෙකුගේ  ස්වරූපය මුහුණට ආරූඪ වෙයි. එසේ වන්නේ ඔහු පෙලන කිසියම් මානසික රෝගයක් නිසාද එසේත් නැත්නම් අප කිසිවකු නොදන්නා තම යටගියාව ඔහුගේ සිහියට නැගෙන...
Bimmal
සුදු නංගී හේෂාන්ගේ මවට දොස් නගන්නේ ඇය කෙරෙහි ඇති තරහ නිසාම නොව මගේ සිත සැනසීමට බව මම දැන සිටියෙමි. අම්මා ද ඒ බව දැන සිටින්නට ඇතත් ඇය සුදු නංගීට තදින් අවවාද කළාය. “විහිලුවෙත් සීමාවක් තියෙනවා සුදු. එයත් ඔයාගෙ අම්මා වගේ කියලා හිතන්න පුරුදු වෙන්න. අනික එයා පිට කවුරුවත් නෙමෙයි. අක්කගෙ...