මුතු බෙලි හදවත

ගීතා ඒ වෙලාවේ කිසිත් නො කියා මුණිවත රැක්කා ය. නමුත් ඇගේ හිත සුළි සුළඟක් සේ චණ්ඩ ප්‍රචණ්ඩ ස්වභාවයක පැවතිණ. ඇතුළතින් ඇය නො කඩවා දොඩමළු වූවා ය. විලාප තබා හැඬුවා ය. නමුත් පිටතින් ඒ කිසිත් නැතිව පුටුව මත වැතිර සිටියා ය. ඇගේ වත මැළවී ද ඇය තෝන්තුවාවට පත් ව සිටියා...
හැමදාම ජීවිතය එක ම රිද්මයකින් ගලා ගෙන යන්නේ නැත. සොබා දහම වුණත් කාල තරණය කරන්නේ ඍතු ඔස්සේ ය. ගිම්හානයේ පොළොව වියළුණා ට වස්සානයේ දෙගොඩතලා යන්නට වහින්නේ ය. සරත් සමයේ කොළ හැලේ. වසන්තයේ මල් පිපේ. ජීවිතයත් එසේ යි සිතන්නට ආදිත්‍යා උත්සාහ කළා ය. දික්කසාදය කියන්නේ ගැහැනියක ට පහසු තීරණයක් නොවේ. ඇය...
ජීවත් වන්නට කෙනෙකු ට ලැබෙන්නේ එක ජීවිතයකි. එය ද මහා දිගු කාලයක් සඳහා සැපයෙන්නක් නොවේ. අප සියල්ල කළ යුත්තේ ඒ කෙටි කාලය තුළ ය. දුක් වෙමින් ද කඳුළු සලමින් ද වෛර කරමින් ද විඳවමින් ද සිටිනවා වෙනුවට ආදරය කිරීම තෝරා ගත හැකි ය. ප්‍රශ්නය නම් මිනිසුන් ආදරය කියා සිතන්නේ...
දුර්වල ව දියාරු ව වැගිරෙනා ගැහැනියක නො වන්නට ආදිත්‍යා හිත තද කර ගත්තා ය. විකුම් ඇයට ගෙදර යන්න කතා කරන්නේ ආදරයකට නො වන බව ඇය දනී. අවුරුදු තුන හතරක යුග දිවිය, ඔහු ට ආදරය කියන දේ ගැන තිබෙන්නා වූ අදහස ගැන ඇය ට කදිම පාඩම් කියා දෙන්නට සමත් වී...
නවාතැනට ගිය ගමන් දුමාල් ආදිත්‍යා ට දුරකතන ඇමතුමක් ගත්තේ ය. එය ඇය කීවා සේ රිං කට් එකක් නොවේ. යහනේ අනිත් පස වැතිරී නිදනා ආමන්තා දෙස බලා ඈ කතා කළේ ඉතාමත් හෙමිහිට ය. "ගියාද..." "ආව විතරයි. පාළුයි අප්ප මේ පැත්ත පලාතම" දුමාල් සුසුමකින් සඳැල්ලේ වේවැල් පුටුව මතට වැටුණේ ය.  "වෙනදට පත්තු වෙලා තියන ලයිට්...
දුමාල් සිය මතක ඉතිහාසයේ ඈත ම කෙලවරක හිට ගෙන බලා සිටින්නට වූයේ ය. ඒ කාලේ ඔවුන් සිටියේ මවු පස ඥාති නිවසක ය. දුමාල් කොලුවා ව අනාථ නිවාසෙකට යැවීමට ඒ ගෙදර අයට දැවැන්ත අවශ්‍යතාවයක් විය. ඔවුහු නිරන්තර ඒ සඳහා ගීතා ව පෙළමවීමේ උත්සාහයක් ද දැරූහ. නමුත් එහැම විටෙක ම ඕ...