මුතු බෙලි හදවත

ආදිත්‍යා ට අවශ්‍ය සියලු පහසුකම් සලසන්නට සඳසීලී වග බලා ගත්තා ය. විකුම් ගේ චර්යාව තුළ ඇති ව තිබෙන වෙනසත් එක්ක, මින්දුල ව සේ ම ආදිත්‍යා ව ද නො සලකා හැරෙන බැව් ඇයට දැනුණේ ය. සිය එක ම පුතු ගේ ජීවිතය අවුල් වෙනවා දකින්නට ඇති අකමැත්ත නිසා ය ඇය මිල...
ආදිත්‍යා දකුණු පැත්තේ සඳැල්ලෙන් පිටත බලා සිටියා ය. අහස මන්දාරම් වී ගෙන එයි. තමන් දරා සිටිනවා වන් බරක් මේ අහස වුව දරා සිටින්නේ දැයි ඇය සිතුවා ය. ගේ ඉදිරිපස ට නෙරූ සඳැල්ලත් පිටුපසට නෙරූ සඳැල්ලත් දෙස ඇය මාරුවෙන් මාරුවට බැලුවා ය. සඳළුතලා හතර ම එක ම කොරිඩෝරයකින් එක ට...
රිය පදවන ගමන් විකුම් ගේ සිත තුළ මාරුවෙන් මාරුවට ආදි ගේ ත් මින්දුල ගේ ත් මුහුණු මැවිණි. ආදිත්‍යා ට අවසාන වශයෙන් කී කතාව දරුණු වැඩි බව ඔහු ට නො දැනුණා නොවේ. නමුත් තව දුරටත් ඔහු සිටින්නේ සිය පාලනය තුළ නො වන බව විකුම් ට වැටහිණි. ආදිත්‍යා කෙරේ අනුකම්පාවක් ඔහු...
ආදිත්‍යා විජයවික්‍රම නොහොත්, උප්පනැන්න සහතිකය ප්‍රකාර ව ආදිත්‍යා වරුසවිතාන, යහන මත නිදන සිඟිති පුතු දෙස බලා ගෙන උන්නා ය. මින්දුල විජයවික්‍රම! ඔහු කොයි තරම් නම් අහිංසක දරුවෙක් ද? මේ වගේ රුදුරු දඬුවමක් පමුණුවන්නට දෛවය ඔහු වගේ අහිංසකයෙකු තෝරා ගත්තේ ඇයි කියා ආදිත්‍යා ට තවමත් සිතා ගත නො හැකි ය....