කුස්සියට යන අමිතගේ අම්මාට ඔනෙලා දවස් කීපයකින් යනවා යන්න හරියටම ඔලුවට වැටෙන්නේ දැන්.ඒ වේගයෙන්ම ආපසු හැරෙන ඇය අමිත සොයා එනවා.“ඈ පුතේ,මොකද්ද කිව්වෙ, අර සුදු නෝනා මෙහෙන් යනවා කියලද”
“ඔව් අම්මෙ,එයාගෙ ප්‍රශ්නෙ විසඳිලා.ටික දවසකටනෙ මෙහෙ හිටියෙ”
“ඒකත් එහෙමද”
සුසුමක්...
මිත්සලා අමුතුම ලෝකයක අතරමන් වී සූට් කේසයෙන් තමා ගත යුත්තේ මොනවාද,නැද්ද යන්න කල්පනා කළා.ඇය කිසියම් දෙයක් ඉන් රැගෙන තමාට දුන්නේ නම් කෙතරම් පහසුද?මෙහි ඇති දෑ වලින් එකක් හෝ කිහිපයක් තෝරාගැනීම කෙතරම් අසීරුද?ඒ සමගම මිත්සලාගේ සිතට ආව අනෙක් ගැටළුව නම් තමන් ඔනෙලාට තෑගි ලෙස දෙන්නේ මොනවාද යන්න.ඇයට ගැළපෙන...
බරපතල රාජකාරියක නියැලී සිටින අමිතගේ දුරකතනය නාද වන්නේ තිරයේ ඔනෙලාගේ නම සටහන් කරමින්.සාමාන්‍යයෙන් ඔනෙලා පණිවිඩයක් තබනවා මිස ඇමතුම් ලබා ගන්නේ නැහැ.කිසියම් හදිසියක් ද කියා අමිතගේ සිත කලබල වෙන්නේ නිවසේ සිටින දෙමාපියන් සහ ඔනෙලා අතර කිසියම් ගැටලුවක් ඇති වී දැයි සිතෙන නිසාවෙන්.
“අමිත,මට විනාඩි කිහිපයක්...
ඔනෙලා ඉතාමත්ම විනීතව දෑත් එකතුකොට තමන්ට නුපුරුදු අමුත්තන් තිදෙනාට නුහුරු හඬින් “ආයුබෝවන්” කිව්වා.අනෙක් තිදෙනාගේ දෑස් පමණක් නොව අමිතගේ දෑස ද පුදුමයෙන් විසල් වුණා.ඉන් නොනැවතුනු ඇය “ඉතින් කොහොමද”කියා විමසුවා.
අමුත්තන් වෙනුවෙන්ම සිංහල වචන කිහිපයක් ඉගෙන ගන්න ඔනෙලා සිය කාලය වැය කර තිබුණා.තත්පර කිහිපයක් ඇතුලේ සියල්ලන්ගේම...
වාග් සංග්රාමයෙන් පසු සතුරු හමුදාව කාමර වලට පසු බැස්සා.අමිතට හිනා.ඒත් හවස් වරුවේ තවත් මොන මොනවා හරි කරුණු කාරණා වලින් සන්නද්ධ වෙලා ජෝඩුව එලියට බහින බව අමිත දන්නවා.මිත්සලා අහිංසකයි.ඇය ඒ මුකුත්ම දන්නෙ නැහැ.
“චූටි අයියෙ,අයියගේ ගේ හරිම ලස්සනයි.අපි ගිය සැරේ එද්දි ට වඩා මේ සැරේ...
අමිත කිසියම් අපහසුවක සිටින බව ඔනෙලාට දැනෙනවා.නමුත් එය තමන්ට විසඳුමක් දිය නොහැකි එකක් බවත් ඇයට තේරුම් ගොස් තිබුණා.සංස්තික වශයෙන් තමන් සහ මේ රට බෙහෙවින් වෙනස් බව ඇය මේ වනවිට තේරුම් ගෙන සිටියා.අමිත වැන්නන් දෙවියන් වැනි මිනිසුන් නොවේද?නමුත් බහුතරක් එසේ නොවේ.ඒ මිනිස් ස්වාභාවය බැවින් ඒ ගැන කලකිරීමක් ඇති...
පුතා,මිත්සලා නංගි ට කොලඹ ජොබ් එකක් ලැබිලා.ඉතින් නවතින්න තැනක් හොයනවා.මම කිව්වා පිට තැන් මොකටද පුතා ගේ ගේ තියෙනවනෙ කියලා.පිරිමි ළමයෙක් ඉන්න ගෙදරක ගෑනු ළමයෙක් තනිවම නවතන්න බැහැනෙ.නැන්දට ත් ගෙදර දාලා එන්න බැරි නිසා මම එනවා කියලා හිතුවා.මේ සිකුරාදා අපි එන්නම්.ඒ ඇවිත් කාමර දෙකක් ලෑස්ති කරගන්නම් අපි.පුතා කරදර...
අමිත හෝටලයේ සඳලුතලය පිරිසිදු කරමින් ම සිංදුවක් උරුවන් බෑවා.අද වැඩ මුරය තරමක් ලේසි එකක්.ලංකාවෙ අංක එකේ හෝටලයක් වෙන මේ හෝටලයේ පිරිසුදු කිරීමේ කටයුතු වල අවුරුදු අටක් තිස්සේ ඉතාමත්ම විශ්වාසදායක සේවකයෙක් විදියට අමිත වැඩ කරනවා.කවදාවත් කිසිම චෝදනාවක් අමිත සම්බන්ධයෙන් ඇවිත් නැති නිසා විතරක් නෙවෙයි අමිත්ගේ වැඩ වල උසස්...