හසරැලි වැස්සේ

හසරැලි වැස්සේ Nibandhika Wanninayake
සමහර හැඟීම් ජීවිතය සහමුලින්ම කනපිට හරවන්නට සමත් ය.ප්‍රේමය කියන්නේ එවැනි හැඟීමකි.මා ආදරය නිසා දැවෙන්නටත් ඉරිසියා කරන්නටත් හඬන්නටත් පටන් ගත්තේ ආදරවන්තියක බවට පත් වී නොවේ. ඒකපාර්ශ්වික ප්‍රේමයක් නිසා ය. එය කවදා ඇති වූ ප්‍රේමයක්දැයි නිශ්චිත නොවූ නමුත් මා මගේ ප්‍රේමයට මහත් සේ කැප වී සිටි බව මම දනිමි.ඔහුගේ යහපතත් සුබ සිද්ධියත් පතමින්...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"මොකක්ද කියන්නේ?" යෙත්මි මහත් පුදුමයෙන් විමසී ය.මා සිටියේ හිතුවක්කාර බැල්මක් නෙතු අතර තබාගෙන ය.ඒ සිතුවිල්ල මේ දැන් නැඟුණු බව සැබෑ වුව ද මට එය ක්‍රියාත්මක කරන්නට උවමනා විණ. "මං දෙනෙත් අයියට කියනවා.." මා එසේ කියද්දී යෙත්මි වහා මා අසලින් හිඳ ගත්තා ය. "මොකක්ද?" ඈ අසන්නේ මා පැවසූ දේ නෑසුණු ලීලාවෙනි.වසර ගණනාවක් මගේ ඒකපාර්ශ්වික ප්‍රේම...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
අධ්‍යාපනය ලබද්දී මට තිබුණේ කාර්යබහුල ජීවිතයකි.අයියා හොඳින් ඉගෙන ගැනීම නිසා මට ද ඔහුගේ පසුපස ගමන් කරන්නට සිදු වූයේ සෑම පවුලකම බාල දරුවාට සිදුවන ආකාරයට ය.අම්මා මා ගැන සොයා බලන්නට අයියාට පැවරුවා ය.පාසල් අධ්‍යාපනය සහ උපකාරක පන්තිවල අධ්‍යාපනයට අමතරව මට අයියාගේ සිසුවියක වන්නට ද සිදු විණ. "අපෝ..මොනවද බං ඔය කෙල්ලට උගන්නන...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"කෙනෙක්ට ආදරේ කරනවා නම් ඇයි මම්මේ එයා කියන විදියට ඉන්න කෙල්ලන්ට බැරි?" මා එදින රාත්‍රියේ මම්මාගෙන් ඇසුවේ පෝටිකෝවට වී අහස දෙස බලා හිඳිනා අතර ය.මම්මා සිහින් සිනාවක් නැඟූ බව මට ලා අඳුර මැද ඇසිණ. "කෙනෙක් කියන විදියට ඉන්න එකද ආදරේ?" ඇය අසන්නී ය.එක අතකට තමන්ගේම කියා සැමියෙකු හෝ දරුවන් නොමැති ඈ අත...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
දෙනෙත්, ඔහු ප්‍රතික්ෂේප කළ යුවතිය කවුරුන්දැයි දැන ගන්නට මට ඕනෑ විය.සියල්ලටම වඩා නරක කාරණාව වූයේ අයියා සහ සචිර අයියා ඔහු විහිළුවට ගැනීම ය.බොහෝ ආසාවෙන් සකසන්නට පටන් ගත් කේක් එක සචිර අයියා සැකසුවාට කම් නොවේ.වඩාත් නරක කාරණාව එය දෙනෙත්ගේ විරහව සමරන කේක් ගෙඩිය බව සචිර අයියා නිවේදනය කිරීම ය. "ඇයි දෙනෙත්...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
පතපොත කෙරෙහි වඩාත් තදින් බැඳී සිටි මට වෙනත් කිසිවක් කරන්නට ඔරලෝසුවේ එකම තත්පරයක්වත් ඉතිරි වූයේ නැත.සමහර දවසක තේ පානය කළ කෝප්පය පවා කූඹින්ට නවාතැන් පොළක් නොකර සෝදා දැමූයේ මම්මා ය.නමුත් දැන් මට ඕනෑතරම් කාලය ඇත.කරන්නට කිසිවක්ම නොවේ. "මොකෝ සූකිරි කරන්නේ.." මුළුතැන්ගෙය පෙරළමින් යමක් සොයමින් සිටි මගෙන් මම්මා විමසුවා ය.මම දෑස්වලින් හිනැහෙමින්...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
උදා හිරු රැස් වළල්ලේ දීප්තිය මුහුණට වැටෙන්නට අම්මා ජනේලය හරිද්දී මම පොරෝනයෙන් මුහුණ වසා ගතිමි.වසර දහතුනකට පසු සිතූ හැටියට නිදා ගන්නට ලැබුණේ අද නොවේදැයි ඉනික්බිති සිතුවෙමි.තරගකාරී පාසල් අධ්‍යාපනය දරුවන්ට අහිමි කරන දෑ මොනවාදැයි අසන්නේ නම් දෑතම ඔසවා දෙන්නට පිළිතුරක් මට තිබේ. නින්ද! ඒ මිනිසෙකුගේ මූලික අවශ්‍යතාවයන්ගෙන් එකකි.නමුත් මට එය අහිම්...