හිමගිරි අරණ

හිමගිරි අරණ
"සමහර වෙලාවට අපි තමන්ට අවංක නොවුනොත් ප්‍රශ්නයක් විසඳන්න පුදුම තරම් අමාරුයි." සිසිල් බීම වීදුරුව මත ඇඟිල්ලකින් ඉරි අඳින අතර අමායා පැවසුවා ය.ඇය අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නට සිත එකඟ කරගෙන රවිඳු ඇය දෙසම බලා හුන්නේ ය.අමායා ඇගේ සහෝදරිය තරමට සංවේදි හා ලඳ බොළඳ කෙල්ලක නොවන වග ඔහු ඒ අතර සිතන්නට...
හිමගිරි අරණ
"රවිඳු පාරමීගේ ලෙඩ බලන්න ගියාද මන්ද" හදවතෙහි රිදීම් ඇති කරන යම් දෙයක් සිදුවෙද්දී ඒවා සිදුවන්නේ සීමා මායිම්වලින් තොරව ය.කාර්යාලයේ විහිලුකාරයා ලෙස ප්‍රසිද්ධ ජයන්ත එසේ පැවසුවේ උස් හඬිනි.උස්ව නැඟුණු ලිපි ගොනු අතරින් හිස් ඔසවා බලමින් සියල්ලන්ම හිනැහීම ඇරඹුණේ නිදහසේ ය.මැදිවිය ද ගෙවමින් සිටින බොහොමයක් කාර්යාල සඟයන්ට ඒ වචන පවා දවසක් පුරා...
හිමගිරි අරණ
"මට එයාව රවට්ටන්න ඕන වුණේ නෑ කොහොමටවත්ම." රවිඳු අසීරුවෙන් පවසා ගත්තේ ය.ඒ වචන පැමිණියේ අසීරුවෙනි.හිමාෂාට සැක ඇති කර ගන්නට එයම හේතුවක් විය.ඔහු මේ තරම් තැතිගැන්මෙන් සිටින්නේ ඇයිදැයි ඇයට සිතන්නට හෝ අනුමාන කරන්නට නොහැකි ය.පාරමීට නොකැමති බව හැඟවූවාට ඔහු ඇගේ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කර නොමැත.දැන් එය ප්‍රතික්ෂේප වී ඇත්තේ කේන්දර නොගැළපීමක්...
හිමගිරි අරණ
"මට රවිඳුව නැති වෙන්නයි යන්නේ." පාරමීගේ ඉකිබිඳුම් ස්වරය හිමාෂා දරා ගත්තේ අසීරුවෙනි.අහිමි වීමට හෝ ඔහු ඇයට හිමි වී සිටි බව සිතද්දී එය හිමාෂාට දරා ගැනීම අපහසු ය.ඇය වේදනාව අමතක කර පාරමීට සවන් දුන්නා ය. "ඔයාලා දෙන්නා අතර මොකක් හරි ප්‍රශ්නයක් උනාද?" හිමාෂා එසේ ඇසුවේ පාරමීට මේ මොහොතේ හොඳ අසන්නියක උවමනා බව වැටහුණු...
හිමගිරි අරණ
පාරමී හිඳින්නේ විශාල ජයග්‍රහණයක් ලැබූ පරිද්දෙන් වීම හිමාෂාට ගැටලුවක් නොවී ය.රවිඳු හිමිවිය යුත්තේ ඇයට නම් දෛවය එය සිදු කරන බව ඇය දැන සිටියා ය.දැන් පාරමී මංගල යෝජනාවක ස්වරූපයෙන් රවිඳුගේ නිවස වෙත ගොස් තිබේ.ඇයට අකමැති වන්නට රවිඳුගේ නිවැසියන්ට කිසිම හේතුවක් නොතිබෙන බව ඉඳුරාම දැන සිටි හිමාෂා සිටියේ රවිඳුව හදවතින් පිටමං...
හිමගිරි අරණ
"ඔය කතාව ගැන කිසිම දෙයක් අම්මට කියන්න එපා.ඉස්සරලම පාරමීගේ ප්‍රශ්නෙ නිවෙන්න ඉඩ දෙන්න." දුමිඳු මල්ලිට එවන් අවවාදයක් ලබා දුන්නේ සාම්ප්‍රදායික මවක් මේ මොහොතේ හැසිරෙන අන්දම ගැන ඔහුට හොඳ වැටහීමක් තිබූ නිසා ය.පාරමී අම්මාගේ මිනුම්දඬු වලින් ඉවත් වී ගියේ ඇය  දැඟලිලිකාර යුවතියක වූ නිසා ය.නමුත් ඇය සැබෑවටම මල්ලිගේ හිත ගත් යුවතිය...
හිමගිරි අරණ
ඒ යුවතියට අම්මා බිඳුවක්වත් ප්‍රිය නොකරන බව දුමිඳු පැවසුවේ සැහැල්ලුවෙනි.ඒ යෝජනාව ගැන පවා අම්මා කතා කළේ අප්‍රසාදයක් ඇතිව ය.එබැවින් ඒ සම්බන්ධයෙන් රවිඳුට පසුතැවෙන්නට හේතු කාරණා නොවේ.නමුත් මල්ලිගේ මුහුණ වෙලා ගත් අඳුර මැකී නැති බව දුමිඳුට පෙනිණ. "ඒ වුණාට අම්මා කේන්දර කොපියක් ඉල්ලන්න ගිය එකම විනාසයක් හලෝ." රවිඳු පවසන්නේ පසුතැවීමකිනි.අම්මා මෙතැනදී තවත්...
හිමගිරි අරණ
"මං ඔයත් එක්ක කතාබහ කරන්න පටන් ගත්තෙම පාරමී නිසා.ඇත්තටම අපිව ළං කරේ පාරමී." හිමාෂා එසේ ආරම්භ කර තිබූ වට්ස් ඇප් පණිවිඩය රවිඳුට ආවේ රාත්‍රියේ ය.ඇය දවස පුරා මඳ සිනාවක් පෑම මිස කතාබහකට උනන්දු නොවූ බව ඔහුට සිහි වූයේ ද ඒ මොහොතේ ය. "පාරමී ඉන්නේ ඔයාව මැරි කරන්න හැමදෙයක්ම ලෑස්ති කරන ගමන්.එයා...
හිමගිරි අරණ
පාරමීගේ මිත්‍රත්වය අතීතයට අයත්ව ගිය බව හිමාෂාට වැටහී ගියේ ඇගේ හැසිරීම් නිසා ය.පාරමී හිමාෂාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් සිටියා ය.ඇගේ වේදනා හිමාෂා අසා සිටි තරමටම ඇය හිමාෂාවද දරා සිටියා ය. නමුත් දැන් සියල්ල වෙනස් වී තිබේ! පාරමී හිඳින්නේ හිමාෂා යැයි කෙනෙකු කාර්යාලයේ නොමැති අයුරිනි.රජයේ ආයතනයක් වූ කාර්යාලයේ තරුණ ප්‍රජාව වුයේ අතේ...
හිමගිරි අරණ
" මම කිසිම දවසක බැල්මකින් වත් පාරමීට බලාපොරොත්තුවක් දීලා නෑ අම්මේ." සෘජුව කතා නොකිරීමෙන් බොහෝ ගැටලු නිර්මාණය විය හැකි බව සිතුණු හන්දා රවිඳු එසේ කියන්නට වගබලා ගත්තේ ය.තවදුරටත් මේ කතාව සැඟවීමෙන් ඇතිවන වාසියක් නොමැත.එය ඔහුගේ අනාගත සැලසුම් වලට පවා ගැටලු ඇති කරන සුළු බව රවිඳු තේරුම් ගනිමින් සිටියේ ය. "මට තේරෙන්නෙ...