හිමගිරි අරණ

හිමගිරි අරණ
"ඇයි අම්මේ?" හිමාෂා ඇසුවේ අම්මාගේ අඳුරු මුහුණ දෙස විමසිලිමත් වන අතර ය.නොදුටුවා සේ හිඳින්නට හැකි නමුත් එය අම්මාගේ කෝපය තවත් උත්සන්න කරවන නිසා හිමාෂා ආලින්දයේ අසුනකින් හිඳ ගත්තා ය. "පොඩි නැන්දා කතා කරලා දොස් කියනවා.මේ හැම එකම අහන්න වෙලා තියෙන්නෙ මටනෙ." මල්ලිකා හැකිතාක් රළු හඬකින් කීවා ය.හිමාෂා මුහුණ නපුරු කරගත්තා ය.ඕනෑවට වඩා...
හිමගිරි අරණ
සහන් රිය ධාවනය කළේ වෙනදාට වඩා ප්‍රවේසමිනි.මේ ප්‍රවේසම් සහගත හැඟීම හිතට පිවිසුණේ අද උදෑසන ය.වඩවඩාත් ප්‍රවේසමින් ජීවත් විය යුතු වග කියමින් මල්මි ඔහු වෙත දුන් සතුට නිසා ය. "ඔයා තාත්තා කෙනෙක් වෙන්න යනවා." සහන් හිඳින්නේ ඒ ආරංචිය නිසා හද උපන් ප්‍රීතියෙනි.ඒ ආරංචිය ජීවිතයේ ප්‍රථම වතාවට ඇසූ පරිද්දෙන් ඔහු හිඳින්නේ සතුටිනි. "මං ආසයි...
හිමගිරි අරණ
රවිඳුගේ හිස වෙළුම් පටි වලින් වෙලා තිබිණ.අතක අස්ථි වලට හානි වී තිබූ අතර සිරුරේ බොහෝ තැන්වල තුවාල තිබිණ.ඔහු දුටු වහා පාරමී හුස්ම ඉහළට ගත් අතර ඈ හිමාෂාගේ අත තදින් අල්ලා ගත්තා ය. "මොනවද අනේ මේ කරගන්නේ?" ඇය රවිඳුගෙන් ඇසුවේ තරහිනි.ඔහු ප්‍රේමයකින් වග ඇය දැන නොසිටියා ය.ඇගේ ආදරය සෑම මොහොතකම රවිඳුට හඟවා...
හිමගිරි අරණ
"අක්කා උදේම නැගිටලා සුප් එකක් හදන්නේ කාටද?" සරසවියට යන්නට සැරසෙමින් සිටි අමායා හිස පීරිම නවතා දමා අම්මා දෙස බැලුවේ ඒ ප්‍රශ්නයට ය.මල්ලිකා කතා කරන්නේ රහස් හඬිනි.අමායා අම්මා දෙස මඳ නොරිස්සුමකින් බැලුවා ය. "රවිඳු අයියට කිව්වා නේද? අම්මත් එතකොට කිචන් එකේ හිටියේ" අම්මා මේ පැමිණ ඇත්තේ අක්කා ගැන ඕපාදූපයක් විමසන්නට වග අමායා දනියි.ඇය...
හිමගිරි අරණ
"මේ මෝඩය විහින්ම හප්පගෙන කියලයි ජනක අයියා කිව්වෙ හිමෝ." පාරමීගේ කටහඬ කලබලය ද කලකිරීම ද පිරී තියේ.සිය දිවි නසා ගන්නට තරම් ගැටළුවක් රවිඳුට තිබුණාදැයි හිමාෂා කුතුහලයෙන් සිතන්නට ගත්තා ය.ඔහු විනෝදකාමී තරුණයෙකි.නිතරෝම සිනාවක් සොයා දෙන්නට සමතෙකි. "බීලා ඉඳලලුද?" ඔහු සිය දිවි නසා ගන්නට තැත් දරන්නට ඇතැයි තවම විශ්වාසයට ගන්නට අකමැති හෙයින් හිමාෂා නැවත...
හිමගිරි අරණ
හිමගිරක් මෙන් මිදෙමින් ගල් ගැසෙන්නට ගැහැනියකට සිදු වන්නේ හැඟීම් ගල් ගැසෙන්නට ඉඩ දුන් විට ය.හඬන්නටත් හිනැහෙන්නටත් අමතක ව ගිය විටෙක ය.තමන් වෙනුවෙන් කතා කිරීම පවා අත්හැර දමන්නට සිතුණු මොහොතක ය. හිමාෂා හිමගිරක් වන්නට පටන් ගෙන දැන් වසර දෙකකට අධික කාලයකි.ඒ කල්පයක් තරම් දිගු කාලයකි. "දික්කසාද ගෑනියක් අවලංගු කාසියක් කියන්නෙ නිකමට නෙවෙයිනෙ.අනිත්...