කදෝකිමි ඇස්

කදෝකිමි ඇස්
සඳරැස් කාමරයට පැමිණියේ ද ආරණ්‍යාගේ අතක් අල්ලා ගත්තේ ද කම්පනයක් රැඳුණු මුහුණකිනි.ඔහු අක්කාගේ ජංගමය අතට ගෙන එය ඈ අතින් තැබුවේ ය. "මේඝ අයියා කතා කරා.ලක්ෂි ආන්ටි.." සඳරැස් එතැනින් කතාව අවසන් කළේ ආරණ්‍යා සියල්ල වටහා ගත් නිසා ය.ආරණ්‍යා කලබලයෙන් දුරකථනය අතට ගත්තා ය.ඒ මොහොතේ ජාලිය ඇයට සමීප වූයේ දිය යුතු හොඳම අවවාදය...
කදෝකිමි ඇස්
"සුදු පුතේ.." ආරණ්‍යා ඒ හඬ අසා සිටියේ සන්සුන්ව ය.ඇය අතිශයින් කැළඹෙන සමහර අවස්ථාවන් වලදී සන්සුන් වෙන්නට ඇති එකම වචනය අප්පච්චිගේ හඬින් ඇසෙන "සුදු පුතා" ය.ඔහු එතරම් සන්සුන් ස්වරයකින් තමන් අමතන්නේ නම් කතා කරන්නට බොහෝ දේ ඇති බව ද ආරණ්‍යා දන්නී ය. "අප්පච්චි.." ජාලිය දියණිය දෙස මොහොතක් බලා හුන්නේ ය.ඇය මේකලාගේ කුඩා අනුරුවකි.නමුත්...
කදෝකිමි ඇස්
ජාලියට කල්පනා කරන්නට බොහෝ දේ තිබිණ.ඔහු සිටියේ සිතුවිලි වලින් ආතුරව ය.සැබෑවටම ඔහු ඕනෑම දෙයක් වැඩිපුර හිතන්නට අකමැති මිනිසෙකි.නමුත් මේ මොහොත එසේ ගෙවන්නට ඔහු අපොහොසත් ය. "දූගෙ සතුටයි වැදගත් ජාලිය.අපි කවුරුත් තව අවුරුදු දහයක් විස්සක් ජීවත් වෙන මිනිස්සු." මේකලා එසේ පැවසුවේ ඇස කඳුළු පුරවාගෙන ය.කළ යුතු දේ සිතමින් ජාලිය ඔබමොබ සක්මන් කරන්නට...
කදෝකිමි ඇස්
මේඝ නික්ම ගියේ මේකලා සැහැල්ලුවක ද මහා බරක ද අතැර දමා ය.ආරණ්‍යාට හොඳ ප්‍රේමවන්තයෙකු ලැබී ඇතැයි සිතද්දී ඇයට දැනෙන්නේ සැහැල්ලුවකි.නමුත් ඒ මේඝ වීම ද ඔහු දැන් මේකලාට අම්මා කියන තරමට සමීප වීම ද මේකලාගේ හිත බර කරන්නට සමත් ය.තමන් ආදරය කරන තරුණයා හිමි වීමේ සංතෘෂ්ඨිය දියණියට හෝ ලැබීම ම...
කදෝකිමි ඇස්
"ඔයයි ආරණ්‍යායි කියන්නේ වෙනම මිනිස්සු දෙන්නෙක්ට..නේද?" ඇය එසේ අසද්දී මේඝ හිස සැලී ය.ඔහු ද ආරණ්‍යා ද වෙනම චරිත බව සැබෑවකි.නමුත් ඔවුන්ගේ වර්තමානයට දෙමාපියන්ගේ අතීතය සම්බන්ධ නොවන බව කිව හැකිදැයි මේඝට සිතෙයි. "ඒ වුණට මම හිතනවා දරුවො ළඟ දෙමව්පියන්ගෙ ගතිගුණ ටිකක් හරි තියනවා කියලා.බොහොම හොඳ දෙමාපියන්ට නරකම නරක ළමයින් ඉන්නවා තමයි පුතා.කිසිම...
කදෝකිමි ඇස්
ඒ මේකලා මායාදුන්න සහ මේඝ සේනාධීර අතර පළමු හමුව ය.මේකලා ඇස පිය නොහෙළා මේඝ දෙස බලා සිටියා ය. "මහේන්ට පුතෙක් ලැබිලා.." ඒ ආරංචිය ඇයට ලැබුණේ නිවෙමින් හුන් කාලයක ය.නිවෙමින් හුන් තමන් වඩා තදින් ඇවිලෙන බව ඇයට දැනිණ.කෝපය නොව ඉමහත් ශෝකයකින් ඈ වෙළී ගියා ය.ඇයට දියණියක ඕනෑ වෙද්දී මහේන්ට පුතෙකු ඕනෑ වූ...
කදෝකිමි ඇස්
මේඝට උවමනා වූයේ ආරණ්‍යා අමතන්නට ය.ඇය අමතා අම්මාගේ වෙනස ගැන කියන්නට ය.ආදරයට විශ්වාසය එක් වූ විට ජීවිතය රැගෙන යන්නට පහසු බව මේඝ දනියි.ඔහුගේ අතීත සබඳතා සමහරකට හරස් වූයේම ඒ කාරණාව ය.ඒ හැමතැනමක වරද තිබුණේ පෙම්වතියගේ පාර්ශවයේම නොවන බවද ඔහු දනියි. "මිනිස්සු වෙනස් වෙන්නේ අත්දැකීම් එක්ක මේඝ.මෙ ඉන්නවට වඩා පරිණත වුණාම...
කදෝකිමි ඇස්
"ඔයා මේඝත් එක්ක ඇති කරගෙන ඉන්න සම්බන්දෙ ගැන මට කතා කරන්න ඕන දුව.." එවැනි වාක්‍යයකින් අරඹා ලක්ෂි කියන්නට යන්නේ ඒ හිතවත්කම නැවතිය යුතු බව බව ආරණ්‍යා දන්නී ය.ඇය එයට පෙර කතා කළා ය. "මම මේඝත් එක්ක ලොකු හිතවත්කමක් තාමත් නෑ ආන්ටි.අපේ පවුල්වල තියන ප්‍රශ්නත් එක්ක මම කැමතියි එයා අමතක කරන්න.ආන්ටි සනීප...
කදෝකිමි ඇස්
"මට මේකලාගෙ දුවගෙ ෆෝන් නම්බර් එක දෙන්න.." අම්මාගෙන් එහෙව් ඉල්ලීමක් එද්දී මේඝ තිගැස්සිණ.අම්මා මේ සැරසෙන්නේ ආරණ්‍යාට ගැටලුවක් ඇති කරන්නට ය.මේඝ එසේ සිතමින් කිසිවක්ම නොකියා බලා සිටියේ ය.අම්මා මේ තබන්නට සැරසෙන පියවර තරයේ ප්‍රතික්ෂේප කරන්නට ඕනෑ වුවත් ඔහුට අම්මාට එරෙහිව වචනයක්වත් කියා ගත හැකි වූයේ නැත. "මම මේක කියන්නෙ උඹ ඇත්ත දැන...
කදෝකිමි ඇස්
ඕනෑම රෝගයකට ලක් වූ පුද්ගලයෙක් මානසිකව ඇද වැටිය යුතු නොවේ.එය රෝගයේ ව්‍යාප්තියට පවා හේතු වන්නකි.ලක්ෂි සිටියේ ද මානසික පීඩනයෙනි.මේ පුවත පිළි ගැනීමට පවා ඈ අකමැති වූවා ය. "ඕක සනීප කරගන්න පුලුවන් අම්මා.." මේඝ ඈ සනසන්නට උත්සාහ ගත්තේ ය.එහෙත් පිළිකාවක් කියන්නේ ඕනෑම කෙනෙකු තිගැස්වීමට ලක් කරන්නකි.ලක්ෂි හඬන්නටත් කම්පනයට ලක් වන්නටත් පටන් ගත්තා...