මා හද මට නැතිවිට

"අපි ලංකාවෙන් ගියා කියලා යාලුකං අතෑරෙන් නෑ අනූ. මට කතා කරනවා නේද?" තේජ නික්මෙන්නට පෙර අනුත්තරාගෙන් ඇසුවේ ය. අනුත්තරා කළේ තද වැළඳ ගැන්මක් තිළිණ කිරීම ය. ඔහු හොඳ මිතුරෙකි. ලාවන්‍යා සහ ඔහු අතර කුමක් සිදු වුවත් අනුත්තරා ඔහු අත නාරින්නට සිතී ය. "මං ඔයාට හැමදාම කතා කරනවා. හැබැයි මගෙයි වගීෂගෙයි වෙඩින්...
"මං ජීවිතේ හරිම අමාරු කාලයක් පහු කරනකොටයි මට ඔයාව මුණ ගැහුණේ. මං ඔයාට ආදරේ කරන්න තීරණේ කරාට මට සතුටුයි. ඔෆිස් එකේ සමහර මිනිස්සු හිටියා මාව දැන් අල්ලගන්න බොහොම ලේසියි කියලා හිතපු. තනිකම දරාගන්නම බැරි වෙලාවක එහෙම මනුස්සයෙක්ට කැමති නොවී ඔයා වෙනුවෙන් බලන් ඉන්න හිතුණට මං මටම ස්තූතිවන්ත වෙනවා. එහෙම...
"සමහර සිදුවීම් මිනිස්සුන්ට ආයේ කිසිම දවසක ඒ දේ නොකර ඉන්න බලපෑම් ඇති කරනවා ලාවන්‍යා." ඔහු පැවසුවේ ළතැවිල්ලෙනි. කෞෂිගේ නික්ම යාමෙන් පසු ඔහු හුන්නේ බිඳෙන් බිඳ හිත හදා ගන්නා අතර ය. ලියෝන්ට අම්මා කෙනෙකු විය හැකි ගැහැනියකට ජීවිතයේ තැනක් දෙන්නට ඔහුට සැබෑ උවමනාව ඇති වී තිබිණ.ලාවන්‍යා ඔහුට ආදරය කරන වග අනුත්තරා...
තේජ මේ මොහොතේ වේදනාවෙන් සිටින බව සත්‍යයකි. ඒ වේදනාවෙන් සදාකල් ඔහු මුදවන්නට තමන්ට හැකි වන්නේ නම් එයම සතුටක් බව ලාවන්‍යාට සිතිණ. ඇය තවත් තත්පරයක කාලයක් නිහඬව සිටියා ය. ඊළඟ තත්පරය ඇත්තේ නිහඬතාවය බිඳින්නට ය. "තේජ!" ඇගේ ආමන්ත්‍රණය ළයාදර ය. තේජ රථය මහා මාර්ගයේ කලබල නැති තැනකට වන්නට හැර නතර කරන්නට සිතුවේ...
ලාවන්‍යා තේජගේ රියට ගොඩ වූයේ එක්තරා අදහසකිනි. ඇය ඒ ගැන සිතමින් සිහින ලොවක සැරිසරන්නට වූවා ය. තේජ තමන්ගේ ප්‍රශ්නයක් හන්දා ගිනි ගොඩක සිටියදී එහා අසුනේ වූ යුවතිය සිටියේ සිහිනයක ඉපිලෙමිනි. සමහර දේ කියන්නට ඕනෑවට වඩා කල් ගන්නට ඕනෑ නැතැයි ඇයට සිතිණ.ආදරය ප්‍රකාශ කරන්නට සෑම මොහොතකම පිරිමියා පෙරට ආ යුතු...
ප්‍රේමයක බිඳ වැටීම හෝ විවාහයක බිඳ වැටීමට වඩා ආදරයෙන් ඇතිදැඩි කළ දරුවෙකුගෙන් ඈත් වීම මහා වේදනාවක් වග තේජ දනියි. නීතිමය පදනම ඔස්සේ බලද්දී ලියෝන් ඔහුගෙන් වෙන් කිරීමේ ඉඩ අල්ප වුවත් මේ මොහොතේ තේජ ඒවා නොසිතා අතිශය සංවේදීව හිඳින බව අනුත්තරාට වැටහේ.මේ මොහොතේ ඔහුට ශක්තියක් වන්නට ඇයට සිතුණේ එනිසා ය....
සුලෝචනා කන්නාඩිය වටේ තවත් වාරයක් කැරකුණේ පැය ගාණක් තිස්සේ තෝරලා ඇඳගත්ත ඇඳුමේ අඩුපාඩුවක් තියෙනවද බලන්නයි. විශානි කාමරේට එබුනේ එතකොට  " හප්පේ අද මෙයාගේ ලස්සන. චාමික ට පිස්සු හැදුනේ නැත්තං ඇති "  විශානි එහෙම කියන ගමන් ඇඳ උඩින් වාඩිවුනා " මට උඹ එනවා ඇහුනෙත් නෑ "  සුලෝචනා ආයෙත් පාරක් සුවඳ විලවුන් තවර ගත්තා  " කොහෙ...
"මට මගේ දරුවව ඕන" කෞෂි සිහින් එහෙත් පැහැදිලි හඬකින් පැවසුවා ය. ඇය සෘජු බැල්මකින් බලා හිඳියි. තේජ සසැලී ගිය නමුත් තේජාන්විතව නිහඬ බව රැක්කේ ය. තේජ ගලප්පත්ති කියන්නේ පහසුවෙන් රිද්දන්නට හැකි මිනිසෙකු නොවේ. ඒ වග කාටත් වඩා හොඳින් දන්නී කෞෂි ය. ඇයි මේ හදිසියේ?” තේජ ඇසුවේ පුදුමයෙනි.කොහොමටත් කෞෂි සමඟ වාද කිරීමට ඔහුට...
එකම අංකයකින් පැමිණ තිබූ මඟ හැරුණු ඇමතුම් කිහිපය ගැන විපරම් කරන්නට තේජට සිතුණේ රැකියාවේ මඳ ඉසිඹුවක් ලද මොහොතේ ය. සාමාන්‍යයෙන් මෙසේ මඟ හැරුණු ඇමතුම් ඇත්තේ කාර්යාල අංකයට ය. නමුත් ප්‍රතාපසිංහ මහත්මිය සිහි කල්පනාවක් නැතිව තේජගේ පෞද්ගලික අංකය පවා රාජකාරි අවස්ථාවන්වලට ලබා දෙන අවස්ථා වේ. මෙය ද එහෙම අවස්ථාවක් විය...
ලාවන්‍යා මිතුරියන් තිදෙනාම සිටින වට්ස්ඇප් සමූහයේ පණිවිඩ එකක්වත් විවර නොකර අනුත්තරාට පණිවිඩයක් යැව්වා ය. එය කෙටි පණිවිඩයක් නොවේ. රචනාවකි. ඉන්ද්‍රා ආන්ටිගේ යෝජනාව ද ඒ ගැන ඇයට සිතුණු දේ ද විවාහයක් වෙනුවෙන් අම්මා බල කිරීම ද ලියන්නට ඇයට සෑහෙන වචන ගණනක් වැය විණ. අනුත්තරා ඒ පණිවිඩය ප්‍රවේසමෙන් කියවූවා ය. “එයා දැන්...