ශරදාකාසේ

ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
ශාරද වූ කලී නිශාමනී ගේ ප්‍රථම ප්‍රේමය වේ. ඇය මුලින් දකිත්දී ඔහු කඩවසම් තරුණයෙකු ව සිටියේ ය. යොවුන් කෙල්ලක වසඟ කර ගන්නට ඒ බාහිර සියල්ල ඕනාවටත් වැඩි වූයේ ය. ඔවුන් දෙදෙනා පෙමින් බැඳුණේ ඉතාමත් ඉක්මනිනි. උනුන් නොදැක බැරි තරමට, උනුන් නැති ව බැරි තරමට ඒ ප්‍රේමය දවසක් ගානේ දලු...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
එවක් පටන් දෙතුන් දිනක් යන තෙක් නිශාමනී සිටියේ නිර්වින්දිත තත්වයක ය. ඇය ආයතනයේ රැකියාවට ගියා ය. යන ගමන් එසඳිව පෙර පාසලෙන් දමා ගෙන ගියා ය. උදේ වරුවේ ඇගේ වැඩ ටික කඩියෙකු සේ හමාර කොට එසඳි ව පෙර පාසලෙන් ගෙන ගෙදර ආවා ය. තව දුරටත් කරන්නට වැඩ තිබුණොත් එසඳි ව...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ නීති අයිතිය ගැන තමයි. ආදරේ යකාට ගියාවෙ බං. ඔය ආදරේ ගැන මොන හෑලි කිව්වත් තඹ සතේකට විස්සාස කරන්නෙපා පිරිමිව. නීතියෙං බැඳ ගත්තනං මොන සෙල්ලං දැම්මත් හැම දේකම...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ ය. බිළිඳු පුතු අතට ගත් ඔහු ට සිහි වූයේ ම එසඳි ය. ඈ ඉපදුණ දා ය. බිළිඳා තුරුළු කර ගෙන ඔහු හැඬුවේ ය. හඬන්නට ඕනේ නැති වුණත්...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
වියරු, දරුණු, කුරිරු නිහැඬියාවක් තත්පර කිහිපයක් පුරා එක ම තැනක නතර වී තිබුණේ ය.හරියට ලෝකය මොහොතකට නතර වූවාක් මෙනි. සියලු දෙනා ගේ කන් අගුලු වැටී ඇති හෝ හඬක් පමණක් ඇසෙමින් තිබිණ. නමුත් 'තාත්ති' යනුවෙන් එසඳි නැගූ කෙඳිරිල්ල හැම හදවතක ම බිත්ති වල හැපෙමින් යළි යළි ප්‍රතිරාව නැංවුණේ ය. ඒ...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
එසඳි සිටියේ සතුටෙනි. පීසා කෑමෙන් පසු ඇය ට ළමා උද්‍යානයට යාමට අවැසි යයි කීවා ය. සාමාන්‍යයෙන් ඇය මුරණ්ඩු දරුවෙකු නොවේ. නමුත් ශරදාකාසයෙන් පිට වීමෙන් පසු සිදු වූ දේවල් ඇගේ මනස මත ඇති කළා වූ පීඩනය මත ඇය තරමක් හිතුවක්කාර වී සිටියා ය. වෙනත් දවසක ළමා උද්‍යානයට ගොස් සෙල්ලම් කරමු...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර වූ අංශු සිඳී බිඳී යාමක් සිදු වේ. ඒ නීත්‍යානුකූල වෙන් වීමෙන් දෙපසකට වන එක පවුලකට අයත් ව තිබූ මිනිසුන් ගේ ජීව සෛල එක ම වේදනා කැටියක් බවට...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
වගකීම් සහගත ව පියා ගේ ව්‍යාපාරය ඉදිරියට කර ගෙන යාමට සිටිනා එක ම කෙනා ඇය බව දැන ගෙන පරිපාලනයට අත තැබීම තුළ, නිශාමනී ඉතා උද්‍යෝගයෙන් වෘත්තීය කටයුතු වල යෙදෙන්නට පටන් ගත්තා ය. එය ඈ තුළ දැනවූයේ වටිනාකමක් ගැන හැඟීමකි.  රූපලාවන්‍ය නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරනා ආයතනයක් ලෙස, නිශාමනී ට එය...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන් කිසිදු බුරුලක් නො වන බව ඔහු මැනවින් වටහා ගන්නට ද ඇත. නිශාමනී ආකාස ගේ රිය තුළ තනි ව සිටියදී අයියා මලෝ හා එසඳි වෙරල තීරයට පිවිසියහ. "මල්ලි. තමුසෙ...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත වේ. ඇය නිකට තියා උන් උද්‍යාන පුටු කට්ටලය මැද වන ස්ටූල් එක මත අලුතෙන් වැටුණ මල් කිහිපයක් ම විය.  මේ උද්‍යානය සැලසුම් වූයේ සිය අදහස් මත බව නිශාමනී...