සඳක් කළ සක්මන්

sanda kath mini as
සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ දැරියකි. ඇය ට ආලෝක හමු වන උසස් පෙළ ශිෂ්‍යාවක සමයේ දී සිසුන් වැඩි ප්‍රමාණයක් ගැවසෙන උපකාරක පන්තියකට සහභාගී වන්නට පවා ඇයට අවසර ලැබුණේ නැත. ගුරුවරුන් ගෙදරට ගෙන්වා...
මුතු බෙලි හදවත
විකුම් ට ඕන වුණේ ආදිත්‍යා සමග රණ්ඩුවක් ඇති කර ගන්නට නොවේ. ඇයට චාටු බස් කියා විවාහ මංගල උත්සවයට යාමට කැමති කරවා ගන්නට ය. නමුත් වෙන කිසි දා ක නොවූ සේ ඕ නො රිස්සුම් බවක් පෙන්වූවා ය. ශිරෝෂි සමගින් ඔහු ව දැකීමෙන් පස්සේ මින්දුල ව අනත් නිවසකට දැමීමට කැමති වීමට...
ගැහැනු ළමයෙකු ට යන්නට වන දිගු ම දුර ගමන, පියා ගේ ගෙදර සිට සැමියා ගේ ගෙදරට ය. ඒ ගමන මා හිතා හිටියාටත් වඩා දුර එකක් බව මට වැටහුණේ යන්නට සූදානම් වෙත්දී ය. විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු අපේ ගෙදර තේ මේසයක් සූදානම් කොට තිබිණි. මගේ හිත තිබුණේ බර වී ය.  "ලස්සනයි" තේ...
නංගී දියණියක බිහි කළා ය. දරුවා පුතෙකු විණි නම් හොඳ යයි මගේ හිත කියමින් තිබිණි. එතකොට නංගී සේ විපතට පත් නොවී ඔහු රැක ගන්නට ඇය ට පුළුවන් වනු ඇත. නමුත් ඉරණම හැම විට ම අපට අප කැමති දේ ම ලබා දෙන්නේ නැත. ඒ බිළිඳිය රෝස පාට නිරෝගී දැරියක වූවා ය....
මම නංගී ගේ මුහුණ වඩාත් ළඟින් දුටිමි. අප දෙදෙනා නිදන්නේ ද එක ම යහනක වී ද, ඇය ගැබ් ගත බව දැන ගත් සහ ඊට වග කිව යුතු ආකාශ් යයි ඇය කී දින සිට මා ඇගේ මුහුණ හොඳින් නො බලා ඇති බව මට වැටහුණේ මේ මොහොතේ ය. නංගී ගේ සියලු...
මා දෙවන වරට පෙනී සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පැමිණියේ මා කොහෙත් ම අපේක්ෂා නොකළ විදිහේ ප්‍රතිඵලයක් මගේ දෝතට වඩම්මමිනි. මම අධි සාමාර්ථ තුනක් හිමි කර ගෙන සිටියෙමි. සැබවින් ඒමගේ ම ප්‍රතිඵලය දැයි මම නැවත වතාවක් ප්‍රතිඵල ලයිස්තුව විමසුවෙමි. එහි වෙනසක් වූයේ නැත.විභාගය ආසන්නයේ වූ අවාසනාවන්ත සිදුවීම මගේ මනස...
ජීවිතය කවදත් මට රෝස මල් යහනක් වූයේ නැත. නමුත් මේ තරම් කටුක වියරු බවක් ද මින් පෙර මට එහි දැනී නො තිබිණි. මගේ බලාපොරොත්තු, ආශා හා පැතුම් සියල්ල අවසාන වශයෙන් මා වෙත පැමිණි ආකාරය මේ ද?  කේෂාන්තයේ සිට පාදාන්තය තෙක් ම ගිනි ගන්නවා බඳු දැවීමක් මට දැනෙමින් තිබිණ. නමුත් මේ...
නංගී අජිත් ගෙන් වෙන් වී ආ වෙලාවේ, ඒ වෙත්දීත් ඇය ගැබ් ගෙන ඇත්දැයි සාධාරණ බියක් මා තුළ විය. එය එසේ වූවා නම් පුදුම වන්නට යමක් එහි නැත. නමුත් එසේ වූයේ නැතියෙන් මට සැනසුමක් දැනිණ. නො පෙන්වා සිටියා ට අම්මා ට හා තාත්තා ට ද එසේ වන්නට ඇත. ඇය ගැබ් ගෙන...
මගේ උසස් පෙළ විභාගය වෙනුවෙන් මේ වතාවේ මටත් වඩා උනන්දු වූයේ ආකාශ් ය. මමත් මට හැකි උපරිම ශක්තිය ඒ වෙනුවෙන් වැය කළෙමි. ඇතැම් දවසක රෑ බෝ වන තුරු ම අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ යෙදුණෙමු. නෙරංජලා ගුරුගේ නිදි මරමින් තේ කෝපි තනමින් අපට වතාවත් කළා ය. මගේ පාඩම් කටයුතු...
දවස් ගෙවී ගියේ ඉක්මනට ය. ගලින් ගල උස් වී අපේ කුඩා නිවසෙහි බිත්ති ඉහළ යන හැටි මම සතුටෙන් බලා සිටියෙමි. තාත්තා මාසේ අන්තිමට ගෙදර ආවේ ය. ඔහු පැමිණියේ අතින් කටින් බඩු මලු එල්ලා ගෙන ය. ළමා වියේ දී අපට අත්හැරී ගිය කිසියම් දෙයක්, සතුටක්, අප වෙත නැවත සපැමිණෙමින් තිබෙන...