සඳ ගංතෙර

Sanda ganthera
චාන්දනී අසනීපයෙන් පසු ඇඳ විවේකය අත හැරියේ අද ය. හරියටම සති තුනක් ඉක්මවීමෙන් පසුව ය. ඇය මුළුතැන්ගෙයට ආවේ ද කාලයකිනි. ගෘහ සේවිකාවන්ට දවසේ උයමන් ගැන උපදෙස් පමණක් දෙමින් සිටි ඇය අද ඉතා කාර්යබහුල වී හිඳී. කන්මනීටත් ලීලාටත් ඇත්තේ කපන්නට කොටන්නට ය. භාජන සෝදන්නට ය. උයමන් චාන්දනීගේ ය.සති තුනකට ඉහත...
Sanda ganthera
දුලන්‍යා සහ සඳරැස් කාමරයෙන් පිටතට ආවේ විහස්ගේ පැමිණීම නිසා ය. බරව තිබූ හදවත කඳුළු වී දිය කර හරින්නට චාන්දනීට ඕනෑ වූයේ ඒ මොහොතේ ය. "මට පුතාට කියන්නෝන." ඒ කුමක්දැයි කමල් විජේවර්ධන හොඳින් දනියි. සඳරැස් දකින ඕනෑම මොහොතක හදවත බටර් කුට්ටියක් වී දියව යන බව සත්‍යයකි. නමුත් මේ එක්වෙමින් පවතින අත් ඈත්...
Sanda ganthera
ගේට්ටුවේ සීනුව නාද විණ. මේ මොහොතේ එන්නට ඇත්තේ කවුදැයි දැන ගන්නට චාන්දනීට වගක් නැත. අද කමල් ගෙදර ඉන්නා දවසකි. මැති ඇමතිවරුන්ගෙන් ඇරඹී ටවුමේ වඩේ කරත්තයේ මුදලාලි දක්වාම නිවස එළිපත්තෙන් මතු වීමට ඉඩ තිබේ. "ඔයාට කිසිම මැනර්ස් එකක් නෑ. මිනිස්සුන්ව ගාණකට ආස්සරේ කරන්න." එවැනි මොහොතක චාන්දනීගෙන් උපදෙස් ලැබේ. "ගුණේ අයියගෙ ගරාජ් එකේ වැඩ...
Sanda ganthera
ඉනික්බිතිව ජීවිතය මල් ඕවිල්ලක්ව ගලා යන්නට පටන් ගෙන තිබිණ. කිසිම බාධාවකින් තොරව ආදරය කිරීමේ වාසනාව ලැබෙන්නේ එහෙමත් යුවතියකට ය. ඒ සුන්දර සිහිනය ඉටු වීම හන්දාම දුලන්‍යා සිටියේ ප්‍රීතියෙනි. "මට රිලේෂන්ශිප් එකක් පටන් නොගෙන ඉන්න තිබ්බේ." අම්මා සඳරැස්ට ආදරය කරන අන්දම දකිද්දී මුහුණ නාළු කර ගැනීම නම් ඇය අත් නොහැරියා ය. "හරි කෝලං....
Sanda ganthera
දුලාජ් නැගණියගේ කාමරයට ආවේ ඇය නිදන්නට කලින් ය.මැදියම් රැයට ආසන්න වනතුරු පාඩම් කරමින් සිටි දුලන්‍යා අයියාගේ ඇමතීමට පුදුම වූවා ය. "නිදි නැද්ද අයියා?" ඈ ඇසුවේ පුදුමයෙනි. ඔහු රැකියාවට යන්නට ඇති හැම දිනකම මැදියමට පෙර නින්දට වැටේ. දුලාජ් අනවසරයෙන්ම නංගිගේ ඇඳෙන් අසුන් ගත්තේ ය. එහි වෙනදාට වඩා මෘදු සෙල්ලම් සතුන් වේ. ඔහුට...
Sanda ganthera
"ඔය වගේ මෝඩ දේවල් නිකංවත් හිතන්න එපා" දුලන්‍යා තර්ජනය කරන සුළු හඬකින් එසේ පැවසුවා ය. සැබෑවටම ඔහු සත්‍ය දැන ගත යුතු නොවේ. ඔහු සත්‍යය ගැන  යම් තරමකට හෝ සැක කරද්දි එය වහා නැවතීම පෙම්වතියක ලෙස තමන්ගේ වගකීම බව දුලන්‍යා සිතුවා ය. "ඔය වගේ හිතන එකේ වැරැද්ද සිද්ධවෙන්නේ චාන්දනී ආන්ටිටවත් කමල් අංකල්ටවත්...
Sanda ganthera
"අපි කොහෙ හරි යන්නවත් තියෙන්නේ" දුලන්‍යා එසේ යෝජනා කළේ සරසවියට යන අතරමඟදී ය. කාලාන්තරයකට පසු සඳරැස්ගේ මුහුණේ සිනාවක් ඇඳිණ. ඒ සිනාව ඒ තරම් හොඳ එකක් නොවේ. දුලන්‍යා අත්මිටි කර පහරක් ඔහුට ගැසුවේ ඒ හන්දා ය. "මොකද?" ඔහු අසන්නේ ද සිනාවෙනි.  "කොහෙ හරි යං කිව්වම මොකද අනේ හිනා වෙන්නේ" සන්තෝසයට බව කිව්වත් සඳරැස්ගේ අදහස දුලන්‍යාට...
Sanda ganthera
"මේ කතාව චන්දිගෙන් එළි නොවෙන්න මං වග බලා ගන්නවා.විහස් මේ ගැන දැනගන හිටියත් විහස් මේ ගැන මොකවත්ම නොකියන බවත් මම දන්නවා." එසේ නම් විය යුත්තේ කුමක්දැයි දුලාජ්ට පැනයකි. "සඳරැස්ව නැති කරලා දාන්න මට ඕනෑ වුණා. එහෙම නැත්තං සඳරැස්ව බාර ගන්න මට ඕනෑ වුණා.ඒත් චන්දි ඒ අදහස් දෙකම ප්‍රතික්ෂේප කරා." ඇය දරුවන්ට ආදරය...
Sanda ganthera
"දුලාජ්ට විසිටර් කෙනෙක්" ඒ පණිවිඩයට දුලාජ් අමුත්තන්ගේ ලොබියට පැමිණියේ ය. පැමිණ සිටින්නේ කවුදැයි ඔහුට වූයේ සැකයකි. හිත මිතුරන් ඔහු බලන්නට එන්නේ නිවසට ය. හිත මිතුරු කතාබහේ සිට මධුසාද දක්වාම නිවසේ පවත්වන්නට තාරුකාගෙන් බාධාවක් නැත. "අපේ තාත්තා යාලුවෝ එක්ක ගෙදර බොන එක අත් ඇරියේ මං නිසා. පව්." ඇය එහෙම පැවසූ දවසක් ඔහුට මතක...
Sanda ganthera
"අපි අදහන්නේ බුද්ධාගම තමයි පුතේ. වෛරයෙන් වෛරය සංසිඳෙන් නෑ කියලා ඔයාලා එකේ පන්තියේ ඉඳලා දහම් පාසලේදී ඉගෙන ගන්නවනෙ" පසුවදා සෙනසුරාදාවක් වීම නිසා ප්‍රමාද වී අවදි වී මුළුතැන්ගෙයට ආ සඳරැස්ට දුලන්‍යාගේ අම්මා පැවසුවේ කිරි තේ කෝප්පය අතට දී හිස අත ගාමිනි. සඳරැස් ඒ ස්පර්ශය දරා සිටියේ ය. අම්මම්මාත් තාත්තම්මත් නිසා ඔහුට...