සීත මාරුතේ

සීත මාරුතේ
අප දෙදෙනා ගැන මුණිවරගේ පමණක් නොව අපේ පවුල් දෙකේ සාමාජිකයන් ගේ ද බලාපොරොත්තු බිඳ වැටී තිබුණ වෙලාවක ය හදිසියේ ම යළි මගේ හිත හිරු දුටු මල් කැකුළක් සේ විකසිත වන්නට වූයේ.  මම මා ගැන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිතන්නට වීමි. එය වූ කලී තරුණ ගෑනු ළමයෙකුගේ සිතක් කරන්නා වූ විශ්ලේෂණයක් කියා...

සීත මාරුතේ -66

0
සීත මාරුතේ
'ගැහැනිය සෙවනැල්ල වැනි ය. පස්සෙන් එන විට පලා යයි; පලා යන විට පස්සෙන් එයි'  යනුවෙන් කියමනක් තිබේ. එය මගේ මනසේ රැඳුණේ, පාසලේ උසස් පෙළ පන්තියේ ඉදිරි බිත්තිය දිගට සවි කළ දිගු කළු ලෑල්ලේ ඉහළ ම තීරයේ වරින් වර එය ලියවී තිබි නිසා ය.  කළු ලෑල්ලේ ඉහළ තීරය කිසියම් වටිනාකමක් ඇති වාක්‍යයක්...

සීත මාරුතේ -65

0
සීත මාරුතේ
මම ඒ මුදුව ගෑරුප්පුවෙන් ගෙන,මේසය මත වූ කුඩා දිය බඳුනකට දැමුවෙමි. ඇඟිලි තුඩින් අයිසින් සෝදා හැර එය දෑගිලි වලින් දෑස් ඉදිරියට ගෙන බැලුවෙමි. එය සුදු ගල් අල්ලා හැඩ කළ රැජිනක ගේ ඔටුන්නක කුඩා අනුරුවක් දරන්නා වූ මුදුවකි.  මගේ ඇස් මුණිවර දෙසට හැරිණ. ඒ ඇස් දිළිසෙමින් තිබුණේ ය. ඔහු මුලින් ම...
සීත මාරුතේ
අදීශ් දුටු විට මුණිවර ගේ මූණ වෙනස් වේවියි මට සිතිණි. නමුත් එවැන්නක් පෙනෙන්නට තිබුණේ නැත. පුරුදු අහංකාරකමෙන් යුතුව ම රියෙන් බට හෙතෙම, පිටුපස දොර හැර ඉතා විශාල වූ මල් කළඹක් පිටතට ගත්තේ ය. ඒ දුටු මතින් මගේ මුහුණ මලක් සේ විකසිත වූයේ ය. අදීශ් ඉතා උවමනාවෙන් මගේ මුහුණ දෙස...
සීත මාරුතේ
ඒ වෙලාවේ මිස්ට් ෆීල්ඩ් වෙලා ගත් මන්දාරම් අඳුරක් වූයේ ය. මීට මොහොතකට පෙර වූ සූර්ය රශ්මි ධාරා හදිසියේ ම වලා පටල විසින් වලකා ලූවා සේ ය. කඳුකර කාලගුණය එහෙම ය. මොහොතක් ගානේ වෙනස් වන සුළු ය. මේ මන්දාරම් අඳුර විනිවිදගෙන තව මොහොතකින් අව් රැල්ලක් තැවරී ගන්නට වුව බැරි නැත. මම...
සීත මාරුතේ
 කෙල්ලන් ගේ සිනා හඬ පයිනස් කැලයට අරක් ගත් කුරුල්ලන් කලබල කරවා උන් ගේ කූජන කාලගෝට්ටියක් බවට පත් කරන්නට හේතු විය. අප ඒ නිදහසේ ඇවිදින්නට ආවේ ටික කලකට පස්සේ ය. එක පිට එක පැමිණි ප්‍රශ්න නිසාවෙන් නිදහසකට ඉඩක් අපේ හිත් වල වූයේ නැත. කසුනි පේර කපා මිරිස් කුඩු දමා අච්චාරුවක්...
සීත මාරුතේ
සුළි සුළඟකට පසුව පරිසරයේ ඇති වන්නේ දැඩි නිහඬ බවකි. සුනාමියකට පසු මඳ වෙලාවකට මුහුදු දිය සිඳී යන බව පැවසේ. මහ වැස්සකට පසු වුව හාත්පස ඇති වන්නේ ගුප්ත සන්සුන් බවකි. සොබා දහම එසේ ය. සියල්ල වහ වහා සමතුලිත කරන්නට කාරණා යොදයි. අපේ ජීවිත ද සන්සුන් වෙමින් තිබිණ. ඖෂධ සමග ටික දිනක්...
සීත මාරුතේ
මගේ අඳුරු හුදෙකලා ලෝකය තුළ තනි වී ගෙන, මුණිවර කියන්නට යන අශුභ ආරංචියෙන් සැඟවී ගන්නට මට ඕනෑ විය. එය තත්පර කිහිපයක අද්භූත මොහොතකි. නරක හීනයක් දැක කෑ ගසා ගෙන අවදි වූවා බඳු මොහොතකි. එය හැබෑවක් ද හීනයක් ද කියා නිශ්චිත කර ගත නො හැකිවා බඳු මොහොතකි. "සර්ව දැන් ඔපරේශන් එකට...
සීත මාරුතේ
සිනහ තෙපුල් ද ගීත ගායනා ද පරණ කතා හා විහිළු කතා ද අතරේ කාලය ගෙවෙමින් තිබිණ. නමුත් මගේ හදෙහි පහුරු ගෑමක ක්ෂුද්‍ර වූ තුවාල ද තැන් තැන් වලින් මතු වූ රුධිර බින්දුවක් දෙකක් ද තිබිණි.  ජීවිතයේ වූ කලී සුඛ විහරණයක් ම නොවේ. ධාරා ගේ ඉරණම, මේ මොහොතේ මා තුළ රිදුම්...
සීත මාරුතේ
ඒ වෙලාවේ පොද වැස්ස ද ශේෂ ව යමින් තිබිණ. මන්දාරම් බව නම් මුළුමනින් පරිසරය වෙලා ගෙන තිබිණ. මම සීතලට අත් පොරවා ගෙන සිටියෙමි. ලොකු තාත්තා සිය ජැකට් එකේ සාක්කු වල අත් දෙක ඔබා ගත්තේ ය. වැස්ස නැවතුණත් සීතල කටු තුඩු අනිමින් තිබේ.  "මේක මේ වෙලාවෙ ඕනම නැති දෙයක් කියලයි මන්නං...