හිමගිරි අරණ

හිම කන්දක් සේ ගල් ගැසී සියල්ල දරා ගත් කාලය අවසන් කරන්නට හිමාෂාට කාලය එළඹිණ.ඉතා චාම් විවාහ උත්සවයකින් පසු ඇය රවිඳුගේ පතිනිය බවට පත් වූවා ය.බොහෝ කාර්යබහුලව වූ බොහෝ වියදම් සහිත වූ ඇගේ පළමු විවාහය හිමාෂාට සිහි වූයේ විවාහය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ය. "අන්තිමට අපේ අම්මා කිව්වා වගේම ඔයා පෝරුවට නැග්ගේ...
"බබා ගැන නොදන්න දේවල් නිතරම ඩොක්ටගෙන් අහන්න. හොස්පිටල් එකෙන් යන්න කලින් ඔයාට නොතේරෙන හැම දෙයක්ම එයාලගෙන් අහලා පැහැදිලි කර ගන්න.නොතේරෙන තැන් තියෙයි.ඔයාට බය හිතෙයි.ඒත් ඔයා හැමදාම අලුත් අම්මෙක් වෙලා ඉන්නේ නෑ.දූ හැමදාම ඔය ගාණට ඉන්නෙත් නෑ." දිනාරාට නංගි බලන්නට කුඩා බිළිඳිය දෝතට ගත් හිමාෂා මල්මි සමඟ පැවසුවේ අහිතකින් තොරව ය.අලුත්...
සහන් සිහින දකින ලෝකය දියණිය අතින් ඉටු වේදැයි හිමාෂාට සිතා ගන්නට නොහැක.නමුත් ඒ රාත්‍රියේම අලුත් නංගි බලන්නට යාමට දිනාරාට උවමනා විය.ඒ අලුත් දෙයක් දකින්නට කුඩා දරුවෙකුට ඇති ආශාව නිසා බව අමායා නම් සහතික කර පැවසුවා ය. "සහන් කියන කියන කෝලං පිළිගන්න ලෑස්ති වෙන්න එපා.පුංචි අය  කොහොමත් එක එක අලුත් දේවල්...
හිමගිරි අරණ
"එපා.එහෙම කියන්න එපා" හිමාෂාට වහාම එසේ කියන්නට සිත් විය.දිනාරාට අනාගතයේදී තෝරාගැනීමක් තිබෙන්නට ඉඩ ඇති බවට රවිඳු  පැවසූයේ දැනට පැය කිහිපයකට ඉහතදී ය.සමීප ඇසුරක් නොතිබිණ ද මේ පැමිණ සිටින්නේ දිනාරාගේ පියා ය.රවිඳුට තාත්තා කියන්නට පටන් ගත් අද මද්දහනට පෙර ඇය සෑම විටම තාත්තා අවශ්‍ය බව පැවසුවා ය. වඩා ප්‍රබල වන්නේ හදවතේ...
රවිඳු නික්ම ගිය පසු දිනාරාට දෙන්නට දහසක් පිළිතුරු සොයා ගන්නට හිමාෂාට සිදු විණ.ඇය හිඳින්නේ තාත්තා කෙනෙකු ලැබුණු සන්තෝසයෙනි.හැම තාත්තා කෙනෙකුම ගෙදර නොසිටින බවත් ඇතැම් තාත්තලා වෙනත් නිවසක ජීවත් වන බවත් දිනාරාට ඉගැන්වූ අතීතයට සමු දෙන්නට සිදු වීම ගැන හිමාෂාට දැනෙන්නේ සන්තෝසයකි. "ඒ වුණාට බබාටත් තාත්තව ඕන." ඒ ගැඹුරු කතාන්දර තෝරා ගන්නට...
හිමගිරි අරණ
විවාහයක් එපමණකට සරල වේදැයි හිමාෂා සිතුවා ය.අතීතයේ දවසක සහන් සමඟ විවාහ වන්නට මොනතරමට සැරසෙන්නට වූවාදැයි ඇයට අමතක නොවේ.නමුත් මේ වතාවේ එවැනි කිසිම සූදානමක් නොවේ. "අම්මා කෙනෙක්ගෙ අකමැත්තෙන් කසාදෙකට කැමැත්ත දෙන්න මට බෑ පුතේ.ලොකු දුවට කොහොමටත් දුක් දරාගෙන පුරුදුයි.ඔය දරුවා මේ අදහස වෙනස් කර ගත්තොත් මොකද?" එසේ අසන්නට හිමාෂාගේ අම්මාට සිදු වූයේ...
හිමගිරි අරණ
"අම්ම කෙනෙක්ගෙ හිතක් රිද්දලා දිනාගන්න කිසිම දේක වටිනාකමක් නෑ රවිඳු" රවිඳු අසත්‍යය පවසා තිබුණේ නැත.අම්මා මේ සම්බන්ධය තරයේ ප්‍රතික්ෂේප කිරීමේ පැහැදිලි සත්‍යය ඔහු හිමාෂාට පවසනවිට ඇය එසේ කිව්වේ එබැවිනි.එහෙත් රවිඳු එය අසා හුන්නේ මඳ සිනාවකිනි.සමහර දේ දරා ගන්නටම වෙන මොහොතකදී ඔහුගෙන් නැඟෙන්නේ මෙහෙම සිනාවක් බව ඇය දැන සිටියා ය. "මං කලින්...
හිමගිරි අරණ
"ඒ මේ රටේ ජනාපතිගේ දුව වුණත් කමක් නෑ." රවිඳුගේ අම්මා සුරම්‍යා ඉතා සාම්ප්‍රදායික අම්මා කෙනෙකුගේ වෙස් ගන්නට ගත වූයේ මිනිත්තු කිහිපයකි.අනතුරුව ඇය උස් හඬින් වැළපෙන්නට ද වූවා ය.රවිඳු අකම්පිතව බලා හිඳින්නට තීරණය කර තිබිණ.සියළු ආශිර්වාදය පිරිනමමින් අම්මා සන්තෝසයෙන් ඇලලෙනසුළු පුවතක් ඇයට දීමට නොහැකි වීම ගැන ඔහු තුළ කම්පාවක් නොවී ය.මේ...
මුහුදු රළ සරැළි නඟමින් වෙරළට ඇදී ඒ.නැවතුමක් සොයන කුඩා සිප්පි කටුවක් වැලි මත තබා නැවත සයුරට ඇදී යයි."ඉරිසියාකාර කේලමුන්" නැති තැනකට මුහුදු වෙරළ තෝරා ගන්නට සිත් වූ කාරණාව කුමක්දැයි හිමාෂාගෙන් ඇසීම රවිඳු කල් දැමී ය.නමුත් ඔහුගේ හදවත කියවා ගන්නට ඇයට එතරම් වෙලාවක් ගත නොවී ය. "දෝනි ලැබෙන්න ඉන්න කාලේ මට...
හිමගිරි අරණ
සමහර හැඟීම් බවට වචන බවට පත්වූ විට ඒවා නැවත ආපසු ගැනීම කළ නොහැක්කක් බව හිමාෂාට සිතෙද්දී ඇගේ හැඟීම් වචන වී අවසන් ය.ඇය ගල් ගැසී ගියේ එනිසා ය.ඇයට රවිඳුගේ මුහුණ බලන්නට අපහසු විය.ඔහු තමන්ගේ වචන ඕනෑවටත් වඩා තේරුම් ගන්නට ඇති බව ඇයට සහතික ය.ඉඳුරාම සහතික ය. "සමහර වෙලාවට අපට කරන්න වෙන...