ඔබට ඇහෙනව නම්

මගේ දකුණු අත පැත්තෙන් අශිකා ය. වම් අත පැත්තෙන් කුලාන් ය. ඉදිරියෙන් තෙරක් නැති සයුර ය. ඉහළින් අපරිමිත අහස ය. ඒ සියල්ල අතරින් මා හුස්ම ගත්තේ ඉතා ම හෙමිහිට, වැරදීමක් වේ යයි බියෙන් සැකෙන් මෙනි. නමුත් මගේ තුන් සිත ප්‍රීති සයුරක දිය බුං ගසන්නට වූයේ ය. ඔවුන් දෙදෙනා නොයෙකුත්  දේවල්...
ඒ විනෝද ගමන මට තනිකර ම සිහිනයකි. විදුලි කොටන පිරිමි ඇස් දෙකක්  මෑතක පායා තිබියදී ඒ තරම් දිගු ගමනක් මා ඒ ගියා ම ය. අධිවේගී මාර්ගය ඔස්සේ ඉක්මනින් ගමනාන්තයට එළඹුන ද මුහුදු තීරය අපට දිගු දවසකට ඇරයුම් කළේ ය. රිදී පැහැ හිරු කිරණ සයුරත් වෙරළත් සිඹ සිඹ හාදු දෙමින්...
කුෂ්ලානි ගේ මානසික ප්‍රතිකාර වෙනුවෙන් ටික දිනක් ලංකාවේ නතර වන්නට ඇගේ මාපියන් තීරණය  කොට තිබිණි. පුතු ගේ අයිතිය ඉල්ලා පැවරූ නඩුවේ ප්‍රථම උසාවි දිනය ද ඒ අතරේ එළඹියේ ය. සියලු තොරතුරු සලකා බැලූ විනිසුරුවරිය මාසයකට නඩුව කල් දැමුවා ය. නමුත් මගේ නීතීඥවරිය විශ්වාස කළේ ජයග්‍රහණය මුලුමනින් ම ඇත්තේ අපේ...
මහරගම අහස අරා පායා තිබූ සූර්යයා, උදේ කාලය වුණත් දැඩි රශ්මියක් විදා හළේ ය. නමුත් කුලාන් ගේ සෙවනැල්ල යට මට මුවහ විය හැකි හෙවනක් විය. කසුන් ගේ ඇස් ගිනි ගත්තේ ය. එදා මගෙන් නිදහස් වෙත්දී ඔහු ගේ ඇස් වල වූ අවඥාවට කුමක් වී ද?  "දැං මොකද්ද ඔයා කියන්නෙ..." කුලාන් ඍජු ව...
ඇස් පිය සලන පමාවට විදුලි එළියක දීප්තිය මට දැනිණ. එ්, මා ඉදිරියේ අසුනෙහි හිඳ ප්‍රශ්නාර්ථයෙන් මදෙස බලා ඉන්නා කුලාන් ගල්හේන ගේ ඇස් වල විදුලි කෙටීම නොව අහසෙහි පුපුරා ගිය අකුණක එළිය බව දැන ගන්නා විට, ඒ පිපිරුම් හඬින් මා තිගැස්සී ගොස් අවසන් ය. පුංචි කාලේ දී සේ ම මගේ...
වෛද්‍යවරිය විසින් කුෂ්ලානි ගැබිණියක නොවේ යි ප්‍රකාශ කිරීම අප තුළ ඇති කරන්නට ඇත්තේ වියවුල් සහගත බවකි. වෛද්‍ය පරීක්ෂණ වලින් ඒ බව ස්ථිර වී තිබිණි. "ඒ වුණත් ඩොක්ටර්...එයාට මෝනිං සික්නස් තිබුණා. ඔෆිස් ආවට පස්සෙ එයා වොෂ් රූම් ගිහිං වොමිට් කරනව මං දැකල තියෙනව" වෛද්‍යවරිය සමග මා තර්ක කළේ කුෂ්ලානි ඒ වගේ බොරුවක්...
කාර්යාල පරිශ්‍රය පිස වැස්සක් වහිමින් තිබිණි. මම කුටියේ වීදුරු කවුළුව ළඟ හිටගෙන අඳුරු ලලා වහින අහස දෙස බලා සිටියෙමි. වැස්සක් ව හෙලා අහස ඔය නිදහස් වන්නේ මොන තරම් කඳුළු බරකින් ද?  වැහි බින්දු පොළොවට ආනත රේඛා ඔස්සේ පතිත කරමින් සුළඟක් හමා ගියේ ය. වැස්ස දැඩි වන ලකුණු පෙනෙන්නට තිබිණි. සුළඟත්...
කසුන් ගේ කෑ කෝ ගැසීම නිසා කුලප්පු වූ අහල පහල සුනඛයෝ එක සීරුවට බුරන්නට වන්හ. බල්ලන්ගේ බිරුම නිසා කසුන් ගේ වචන වල පැහැදිලි බව නැති වී ද, ඔහු මෙසේ බීමතින් කෑගසන්නට මෙහි විත් තිබුණේ, පුතා ගේ අයිතිය ඉල්ලා මා පැවරූ නඩු ප්‍රකාර ව ඔහු ට ලැබුණ දැනුම් දීම මත...
කුලාන් ගේ රියෙන් ඔහු පමණක් නොව අශිකා ද බැස ගනු දුටු මගේ ඇස් විශ්මයෙන් ඇලලිණි. හවස එන ගමන් මම ඇය ව ගේ ළඟින් බස්වා ආවෙමි. දැන් ඈ කුලාන් ගේ රියෙහි කොයින් ද? "මොකද නිකං හොල්මනක් දැකල වගේ බයෙං මං දිහා බලං ඉන්නෙ..." අශිකා හඬ නගා හිනැහුණා ය. "නෑ මං මේ කල්පනා කළේ...
ආයතනයේ සේවක සමූහයා මා දෙස බලන්නට වූයේ, දඟ ගෙයට යැවිය යුතු වරදක් මගෙන් සිදු වූවා මෙනි. කුලාන් හා ශ්‍රීනාත් ගල්හේන ද එසේ සිතනවා විය හැක. ඇතැම් විට මා ව විනාශ කර දමනු වස් කවුරුන් හෝ මේ උගුල ඇටවූවා වන්නට පුළුවන. නමුත් මා එහි පැටළුණේ නැති බව මම දනිමි. මගේ...