ඔබට ඇහෙනව නම්

සෞම්‍ය හා සිහිලැල් වූ හැන්දෑව කොනක සිට ගිනි වදිමින් තිබිණි. මහරගම පිස හමා ගිය සුළඟ, එගිනි නිවන්නට කොහෙත් ම සමත් වූයේ නැත. කුලාන් ගේ සුඛෝපභෝගී රිය තුළ මට කිසිදු පහසුවක් නො දැනුණ බව ඇත්ත ය. නමුත් මම ඒ සියලු සංවේදනා ඔහු ගෙන් වසන් කර ගෙන ශේෂ කන්දක් සේ නො...
මගේ කිසිදු පුද්ගලික ප්‍රශ්නයක් තාත්තා ට හෝ අම්මා ට නො පෙන්වා සිටීම මගේ අරමුණ වූයේ ය. මා නිසා ඔවුන් විඳවූවා දැටමත් වැඩි ය යන සිතිවිල්ලෙන් මිදීම මට පහසු වූයේ නැත. නමුත් මා සඟවා ගෙන හිඳින දුක තාත්තා දැක තිබිණි. "පුතාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද...අපි ට නොකියා ඉන්න...කසුන් ට හරි...ඔෆිස් එකට...
අහස සක්වල කම්පා වූයේ ය. ගුගුරා අක් වැහි වහින්නට විය. නිරිත දිග මෝසම සක්‍රිය වූයේ හද කෙත් බිම සෝදා පාළුවකට ලක් කරමිනි.මට කුලාන් ගේ කුටියට යාමේ අවසරයක් නො විණි. සියලු වැඩ කර ගත හැකි වූයේ කුෂ්ලානි හරහා ය. එය මට පමණක් නොව ආයතනයේ සමස්ත කාර්ය මණ්ඩලයට පොදු වීම තුළ...
 පුතා ට හුරු වෙන්නට කුලාන් ට කිසියම් කාලයක් ගත වූවා කියා සිතමි. ඔවුන් දෙදෙනා මිතුරු වීමෙන් පස්සේ පුතා ඔහු ගේ පස්සෙන් ම වැටී සිටියේ ය. ඔහු ව වඩා ගෙන කුලාන් පුතු ට සතුන් පෙන්වූයේ ය. මගේ හිතේ මුලින් වූ බර ගතිය මඳින් මඳ ලිහිල් වෙනවා මට දැනිණ. දිවා ආහාර සඳහා...
ගැහැනුන් කුමක් බෙදා හදා ගත්තත් ආදරය හෝ ආදරය කරන පිරිමියා ව බෙදා ගන්නට රිසි නො වන වග මම අසා ඇත්තෙමි. එය මටත් අදාල දැයි සිතන්නට තරම් මම දුර්වල ගැහැනියක නොවෙමි. මන්ද යත් කුලාන් පිළිබඳව සියලු අයිතිවාසිකම්, කුෂ්ලානි විසින් සපුරා ඇති බව මා දන්නා නිසාවෙනි. හිත පුච්චා ගෙන යන මේ...
බිල ගෙවා ඔහු රිසිට් පත දුන්නේ මගේ අතට ය. මගේ අත් සීතලෙන් මිදී, උගුර ගොළු වී තිබුණා ට හිත වින්දේ කිසි දා වචන වලට නැගිය නො හැකි ප්‍රීති ප්‍රමෝදයකි. ඔහු ගේ ඇස් වල ප්‍රීතිමත් මිනිසෙකු ගේ සතුටත්, ආදරණීය මිනිසෙකු ගේ ආදරයත් විය. දිගු කොරිඩෝරය දිග ඔහු ගේ සපත්තු ගැටෙන...
දුක වූ කලී වැඩ කරන්නට ජවය සපයන ඉන්ධනයට කියනා නමකි. අවිනිශ්චිත නො වුණත් අයිතියක් නැති දුකක් මගේ හදවත් කුටීර වල වන රුධිරයේ දිය කර ගෙන සිටියෙන්, මා ද ඒ දුක උහුලා ගන්නට වැඩ කළ යුතු ව තිබිණි. එහිදී මම පණ ඇති යන්ත්‍රයක් සේ වීමි. කසුන් කාර්යාලයට ඇවිත් කෑ කෝ ගැසීමත්,...
කුලාන් ගේ විධානය මත කසුන් ගේ ඉල්ලීම නොතකා හැරීම ගැන කිසියම් දෙගිඩියාවක් මට නො දැනුණා ම නොවේ. නමුත් ඒ විදිහට කසුන් ට බලා ඉන්නට හැරීම ගැන විකෘති සතුටක් ද මට දැනිණ. ඔහු වෙනුවෙන් වසර කීයක් නම් මම බලා සිටියෙම් ද? කසුන් හැසිරුණේ ඒ බවක් නො දැන සිටියා මෙනි. ඒ...
උදෑසන ම දිය නා වරලෙහි තෙත පෙරමින්  කාර්යාලයට ඇවිත් සිටි මම, ප්‍රබෝධවත් සිතින් අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු වල නියැළුණෙමි. සැලසුම් කොට තිබූ පුවත්පත් අලෙවි නියෝජිතයන් ගේ හමුව සහ අලුත් ගොඩනැගිල්ලෙහි ඔප්පු ලිවීම සම්බන්ධ විද්‍යුත් ලිපි දෙකක මුද්‍රිත පිටපත් ගෙන කුලාන් ගේ අත්සන ලබා ගන්නට ඔහු ගේ කියුබිකල් එක වෙත ගොස්...
මගේ ඇස් ඉදිමී තිබෙනවා මම කැඩපතින් දුටිමි. ඒ බව දැක අම්මා මගේ වත විනිවිද බැලුවත් කිසිත් ප්‍රශ්න නො කළා ය. මඳ හිසරදයක් දැනෙමින් තිබුණේ රාත්‍රියේ නින්ද අඩු වීම නිසා යයි මම නිගමනය කළෙමි. හිසරදය මත පිහිටා නිවාඩු දමා ගෙදර නවතින්නට නො සිතුණා ද නොවේ. නමුත්, කවර ගිලන් බවක් වූවත්...