පළිඟු මන්දිර

සඳක් තරම්, මලක් තරම් සිය ඇතුළාන්තයත් සිතිවිලිත් මොළොක් වූයේ කොහොමද කියා පළිඟු නො දැන සිටියා ය. නමුත් මේ ඉන්නේ අලුතෙන් ම උපන් පළිඟු කෙනෙක් බව ඇය ට සහතික ය. ආදරය ඉසියුම් ව හදවත පිරිමදිමින් තිබිණි. තනිව සිටියදීත් ඈ මුවග මඳහසක් නළියන්නට විය. ජීවිතය පිළිබඳව දැනෙමින් පැවතියා වූ සියල් පිරිපත...
කිසල් හිටියේ යහනේ උඩුකුරු ව වැතිර සිවිලිම දෙස බලා ගෙන ය. මකුළුවෙක් සිය පාද යුගල් හතර විහිදා ගෙන සිවිලිම දිගේ ඉක්මන් ගමනක් ගියේ ය. හදවතේ සීරුම් තුවාලයක් වනවා වැනි කීරි ගැසීමක් ඔහු ට දැනෙමින් තිබිණ. අර මකුළුවා සිය හදවත සූරා ලේ බොන්නට හදනවා ද කියාත් ඔහු සිතුවේ ය. කිසිත්...
ඇගේ හිස කේ උස් ව ගෙන ගැට ගසා තිබුණේ ය. සිහින් දෙතොල් මත මෙරූන් පැහැති තොල් ආලේපනයක් ගල්වා තිබූ අතර, කෘතිම රෝස පැහැයක් කොපුල් තලා වල විය. ඇස් මායින් කළු ඉරි වලින් සීමා සලකුණු කොට තිබිණි. හිස් මුදුණේ අව් කණ්ණාඩි යුලගය රැඳී තිබුණේ ය. ඒ සියල්ල කාලයක් තිස්සේ ක්‍රමික...
මහමෙරුව හදවත මත පැටවී ඇතිවා වන් බරක් වත්සලා ට දැනෙමින් තිබිණ. ඇය අමාරුවෙන් හුස්ම ගත්තා ය. මේ පපුවේ හිර වීම, ඔහු ගැන හිතනා බොහෝ අවස්ථාවන් හි ඈ අත්විඳින්නී ය. තව එක ම එක වතාවකට ඔහු ගේ සැප දුක විමසන්නට ඇයට උවමනා ය. නමුත් ඒ පණිවිඩය යවන්නට තරම් අතැඟිල්ල වාරු...
මීට පෙර කිසි දා ක දැක නැති ගස් වල පවා මල් පිපී ඇතිවා සේ පළිඟු ට දැනුණේ ය. ඒ මල් අතු පතර නෙක වර්ණ සමනලුන් සැරිසැරූහ. වෙල්ලෙයිකොලොම්බන් අඹ ගස කේන්ද්‍ර කර ගත් කුඩා තණ කොළ ගෙබිම පුරා අලුත් හිරු කිරණ ඉහිරී තිබුණේ වෙන කිසි දවසක නොවූ විරූ මිහිරකිනි. යතුරු...
ලෙඩුන් බලන හෝරාවේත් වත්සලා ව සැත්කම සඳහා ගෙන නො තිබිණ. වේදනාව තිබුණත් ඇය හිටියේ කිසියම් සැනසීමකිනි. ඒ වූ කලී රෝගයත්, ඊට හේතුවත්, එය නැති කර දැමීමේ මාර්ගයත් යන සියල්ල දැන ගැනීම නිසා ඇති වූ සැනසීමක් විය යුතු ය. "තනියම ඉන්නෙ කොහොමද පළිඟු රෑට..." වත්සලාට වූ ලොකු ම ප්‍රශ්නය එයයි.  "මොන තනියක්ද අනේ...මං...
මේ වෙලාවේ පළිඟු  මේ විදිහට අඬන්නේ ඇයි? අක්ෂි හෝ මොරීන් විසින් ඇය ව කිසියම් අපහසුතාවකට පත් කරන ලද්දේ ද? පෙර දා රාත්‍රිය වන තුරු ත් එවැන්නක් සිදු ව නො තිබූ බව කිසල් ට විශ්වාස ය. එසේ වී නම් ඇය මේ විදිහට හැඬිය යුත්තේ දැන් නොව ඒ වෙලාවේ ය. ඉතින්...
කිසල් මේ තරම් කෑ ගහන්නේ ඈ මහ ලොකු වරදක් කළා කියා හිතා නම්, ඒ වරදක් නොවේ කියා ඔහු ට කියා දෙන්නට පළිඟු ට උවමනා විය. නමුත් කියන්නට වචනයක් හොයා ගැනීම හිතූ තරම් පහසු වූයේ නැත. මේ කොහෙත් ම කලින් සූදානම් වී සිටි මොහොතක් නොවේ.  "මං උදව්වක්නෙ කරන්න ගියේ" තත්පර කිහිපයකට පස්සේ...
කිසල් ට ලං වීමේ හොඳ ම පාලම පළිඟු බව අක්ෂි වටහා ගත්තා ය. පළිඟු කියන්නේ පිටතින් නො පෙන්වූවාට සංවේදී තැනැත්තියකි. ඒ සංවේදීකම, කිසල් ට සමීප වීම සඳහා පාවිච්චි කරන්නට පුළුවන. "ඇයි ඔයා එදා කිව්වෙ කිසල් තාමත් මට ආදරෙයි කියල..." අක්ෂි එසේ ඇසුවේ එම සිදුවීම වී දින දෙකකට පස්සේ ය. පළිඟු ව්‍යාජ...
තමන් කළේ කුමක් දැයි පළිඟු තිගැස්සී ගියේ හොඳට ම ඉකි බින්දායින් පසුව ය. මහත් හිස් කමක් ඇයට දැනෙන්නට විය. සියල්ල ඒ කඳුළු ත් එක්කම හේදී ගියා මෙනි. තවමත් කිසල් අක්ෂි ට ආදරේ යයි ඇය කියූවා නොවේද? අක්ෂි යළි කිසල් වෙත යාම ඉක්මන් කරවන පාලම වීම ගැන අනුවණ ක්‍රියාවක් කරන්නට...