පිනි සේල

අම්මා කාලයකට පසු සිටියේ සන්තෝසයෙනි. මා සති කිහිපයකට පසු නිවසට පැමිණීම සේම ගෙදර පාළුව නැති වන තරමට හිනා හඬ පැතිර යාම ඇයගේ හිත වසා ගත් අඳුරු වලාකුලු පහව යන්නට හේතු වන්නට ඇත. ඈ වේලු මාමාගේ බිරිඳ වූ මීනම්මා නැන්දා සමඟ ලහිලහියේ උයමනේ යෙදුණා ය. ඊෂා තේ පානය කළ සැනින් කළේ...
බොහෝ වෙලාවක් යනතුරු ම කාරය තුළ කිසිවෙකුත් වදනකුදු දෙඩුවේ නැත. ඊෂා මගේ අතකින් අල්ලා ගත්තා ය. හිතේ ආවේගය නිසා අමෝද අයියාට මලිඳු ගැන කියවාගෙන යාම ගැන ඈ ශෝකයෙන් පසු වන බව මට වැටහිණි.නමුත් මට කෝපයක් දැනුණේ නැත. ඒ ඇගේ අයියා ය. මා හඬන කාරණය ඔහුට හෙළි නොකර සිටියානම් එය...
අප එනතුරු වඩා දීප්තිමත් සිනාවක් පැළඳ සිටි දිනුක අපට එක් විණි.හිමල්ක නිවාඩු දින තුන අම්මා සමඟ ගමනක් යොදා ගැනීම නිසා ඔහු බැන වදිමින් එවන මැසේජ් කියවමින් ඊෂාත් දිනුකත් සිටියේ විනෝදයෙනි.ඊෂා පුදුමාකාර ප්‍රීතියකින් ඉපිලෙමින් සිටීම නිසාම මලිඳුට නොකියා හදිසියේ ගමේ යාම ගැන හිත හදා ගන්නට මට සිදු විණි. දිනුක සැබෑවටම කවුරුන්දැයි...
අමෝද අයියා අපේ ගම බලන්නට යා යුතු බව පැවසූ නමුත් එය වැඩිමනත් සිතිය යුත්තක් නොවන බව මම දැන සිටියෙමි. ඔහුට අපේ ගෙදර යනවාට වඩා කරන්නට ඕනෑ තරම් වැඩ ඇත. දින තුනක නිවාඩුවක් ඇති බැවින් මේ සිකුරාදාව ගෙදර යන්නට වෙන් කරන්නට මා සිතා ගත්තේ දින කිහිපයකට කලිනි. උදෑසනම ඇඳ පැළඳ...
අයියා ගෙදර ආවා විතරයි.ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ල කියන සමහර ගෑනු දූලා ඉස්සර කරගෙන එනවා.." හවස් යාමයේ ඊෂා මගේ කාමරයට එබුණේ නෝක්කාඩු මුහුණක් මවාගෙන ය. පැවැරුමක ගිලී හුන් මම ලැප්ටොප් තිරය නිවා දැම්මේ ඇයට සවන් දෙන්නට සිතමිනි. "විසිටර්ස්ලා ඇවිත්ද ඊෂා??" ඊෂාට දිගු පිළිතුරක් ඇති හැඩ ය. ඇය මගේ ඇඳ මතින් හිඳ ගත්තේ එනිසා ය. "ඔය ඇවිත්...
කලබල මධ්‍යම රාත්‍රියක් උදා විය. ඊෂාගේ අයියා ගෙදර ආවේ බ්‍රහස්පතින්දා රාත්‍රියක ය. වැඩි කලබලයක් නැතිව ඊෂාගේ තාත්තා සමඟ ගෙදර ආ ඔහු පිළිගන්නට ඊෂා පහත මාලයට දිව ගියේ දරා ගත නොහැකි තරම් ප්‍රීතියකින් ඔද වැඩී ය. වැඩිමහල් සහෝදරයෙකු හිඳීම මොනතරම් සතුටක් දැයි මට හදිසියේ සිතෙන්නට ගත් අතර අයියෙකු සිටියා නම් ජීවිතය...
ඒ සෙනසුරාදා දිනයකි. දේශන නොපැවැත්වෙන දිනක් වුව ඊෂාත් මමත් සරසවි පුස්තකාලයට ආවේ පැවැරුමකට පොත් කිහිපයක් සොයන්නට ය. දිනුක අප එනතුරු මඟ බැලුව ද හිමල්කට එන්නට නොහැකි බව දන්වා තිබිණි. උවමනා කරන පොතපත සොයා අවසන් වූ පසු උද්‍යාන බංකුවකට වී ඊෂාත් දිනුකත් දිගු කතාවකට මැදි වූහ. මට කරන්නට කිසිත් නැත....
දවස් ගෙවී ගියේ ය.ඊෂා පැවසූ ලෙස ම තනි වී නොසිට පිරිස සමඟ මුසු වීම නිසා මගේ හිත සැකසෙමින් තිබිණ. පුරුද්දට ගාථා කියූ මට අනිත්‍යයේ සැබෑ අරුත වැටහුණේ තාත්තා නික්ම යාම නිසා ය. ලෝකයේ පවතින කිසිවක් සදාකාලික නැති බව මගේ ජීවිතය වසා සිටි ලොකුම වීරයා කියා දී යන්නට ගියේ ය....
"කෝස් එක බැලුවද?" වචන තුනකි. මලිඳු හැරුණු විට මගේ ජීවිතයට වඩා සමීප පිරිමි යහළුවන් වූයේ දිනුක සහ හිමල්ක ය. හිමල්ක මටත් ඊෂාටත් වඩාත් සමීප ය. ඔහු අප දුකකින් හිඳින්නේ නම් හිනා උපදවන වීඩියෝ හොයමින් එවන, කෑවද බීවා ද විමසන, දකින දකින අලුත් මෝස්තරයේ ඇඳුම් වල සේයාරූ එවන මිතුරෙකි. චැට් කිරීමට...
ඉනික්බිති ඇරඹියේ කලබලකාරී දවසකි. ඊෂාට මා වහා කැටුව යාමට උවමනා වූ අතර ඇය අද පාන්දරම අපේ බෝඩිමට කඩා වදින විට මා අවදි ව සිටියේවත් නැත. යමක් සිතුණු විට එය හිතූ පමාවට කරන්නට සමතියක වූ ඊෂාට මගේ කලමනා පොදි ගසා ගැනීම මහ වැඩක් වූයේ නැත. "මෙහෙම යනවට අපේ නං කැමැත්තක් නෑ...