fbpx

Tag: හේමන්ත සන්ධ්‍යා

ඇට්ටේරියා මල් සුවඳක් පා ව ආවේ ය. ඒ කැටිව ආ සුළඟ සුවදායක විණි. නිකිනි සිය දෑස් විවර කොට බැලුවා ය. ඒ මොහොතේත් ඈ ඉදිරියේ මහා පෞරුෂයක් ව සිට ගෙන සිටියේ විදත් ය. ඔහු ගේ ඇස් සිහින් වී එක එල්ලේ ඈ මත ම පතිත වී තිබිණි. ඔය බැල්මට වසඟ වී...
දුරකතනය දිගට ම හැඬවෙමින් තිබිණ. ගුවනි පසු වන්නේ දෙගිඩියාවක බව නිකිනි ට දැනුණේ ය. තමන් ඉදිරියේ මංජුල සමග දොඩමළු වීමේ අපහසු තාවයක් ඇය ට දැනෙනවා වන්නට පුළුවන.  "ඔයා කතා කරන්නකො...මං එන්නං" කියා ගෙන නිකිනි කාමරයෙන් නික්ම තනත්දී ම ගුවනි ඇගේ අත් ගොබයෙන් ඇල්ලුවා ය. "මිස් ඉන්න" එහෙම කියමින් ම ගුවනි ස්පීකර් ක්‍රියාත්මක කොට...
නිකිනි, පොත කියවමින් සිටි මේස ලාම්පුවේ එළිය අඩු කළා ය. ලා කහ පාට මන්දාලෝකයක් හාත්පස තැවරෙන්නට වූයේ ය. ඒ මළානික එළිය තුළ ඇගේ හද ගැස්ම ඇයට ම ඇහෙන්නට විය. "ඔයා යන්නෙ නැත්තං හොඳයි කියල දැං දැං මගෙ හිත කියන්න පටං අරගෙන"  පහළ ස්වරයෙන් හා  හැඟුම්බර පිරිමි හඬකින් කියැවුණ විදත් ගේ ඒ...
අප ආශා කරන, රස කරන තැන් ජීවිතයේ කොතෙකුත් හමු වේ. බොහෝ විට අප ඒවා විඳ ගන්නේ හදවතිනි. රහසිනි. ඒවා හිමි කර ගන්නට ගිය තැන යම් යම් ප්‍රායෝගික ප්‍රශ්න මතු වේ. හදවත ඇතුළේ අපට ගොඩ නැගිය හැකි ලෝකය හැබෑ ලෝකය මත්තේ ඉදි කිරීම පහසු නැත. "විදත් ප්‍රපෝස් කළොත්" යන සහස් ගේ...
වැස්ස උන් හිටි ගමන් දැඩි වුණේ ය. අකුණු ගසා ගොරවන්නට නම් එපා යි නිකිනි දෙවියන් ගෙන් ඉල්ලා සිටියා ය. එහෙම වුණොත් සැතපුම් දහස් ගණනක් ඈතින් සිටින විදත් ට මේ ආකාරයෙන් හෝ ලං ව සිටිය නො හැකි වනු ඇත. දුරකතනය ක්‍රියා විරහිත කොට දමා නිදන්නට ඇය ට සිදු වනු ඇත. "අපි...
ඈත ගොඩනැගිලි වලට මත්තෙන් රිදී බෝලයක් සේ හිරු දිළිහෙමින් තිබිණි. පසෙකින් පොත් කන්දක් ද ඉදිරියෙන් සිතුවමක් වැනි නාගරික දර්ශනයක් ද විද්‍යමාන වත්දී, ගුවන් සැතපුම් දහස් ගණනක් ඈත සිට නැගෙන ඉතා ම දයාර්ද්‍ර පිරිමි හඬක් නිකිනි ගේ සවන ළඟ ම මිමිණෙයි. මේ මොහොත තුළ කිසි යම් දිව්‍යමය ස්වභාවයක් වෙතැයි ඇය...
සිඩ්නි අහස පැහැදිලි නිල් පැහැයකින් බබලමින් තිබිණි. සුළඟ සෞම්‍ය වූයේ ය. සිය මං තීරුවෙහි විදත් ගේ රිය ඇදෙමින් තිබුණේ වේගයෙනි. නිදහසේ ඉගිල යන විහඟෙකු ගේ සැහැල්ලුව ඔහු අත් විඳිමින් සිටියේ ය.  සහස් ගේ ඇමතුම එත්දී හෙතෙම රියෙහි වේගය බාල කරමින් එය නවත්වන්නට සුදුසු තැනක් බැලුවේ ය. ඔහු කතා කරන්නට හේතුවක්...
නිකිනි ඔබේසේකර වූ කලී යමක් කමක් උපයා ගත් ව්‍යාපාරික පවුලක ඉපදුණු තැනැත්තියකි. උපන් දා සිට ඕනේ යි සිතුණ ඕනෑ ම දෙයක් ඇයට ලැබුණේ ය. අම්මා ඔවුන් දා ගියත් කිසිදු අඩු පාඩුවක් නො දැනුණේ ය. ඩෙස්මන් ලා ඈ සරණ පාවා දුන්නේ ද තමන් සේ ම ඈ රක්ෂා කළ හැකි යයි...
දින දෙක තුනක් ගෙවී යන තෙක් නිකිනි කාමරයට වැදී ගෙන ම සිටියා ය. ඈ පිටතට ආවේ ඩෙස්මන් ගේ බෙහෙත් සාත්තුව වෙනුවෙන් පමණකි. පාලිකා ගේ කට හොඳ නැති බව දන්නා නිසා සුමනා ආහාර පිසීමෙන් නිකිනි ව ස්වේච්ඡාවෙන් ම ඉවත් කළා ය.  එසේ කාමරයට වැදී ගෙන සිටියදී ඈ හිතත් එක්ක බොහෝ දේ...
සැමියා ගේ ගෙදර හැර දා ආවාය කියා ඔබේසේකර මැදුරේ ත් නිදහසේ සිටිය හැකි නො වනු ඇතැයි නිකිනි ට සිතුණේ ය. පාලිකා ට කවදත් නිකිනි පේන්නට බැරි විණි. සදිසා කුඩා කල පටන් ම නිකිනි ට හා බිනුරි ට එරෙහි ව පාලිකා ට කේලාම් කීවා ය. අම්මා කෙනෙකු වශයෙන් ඈ කළේ...



Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error: