fbpx

Tag: emotionalstory

"ඒක මහා බයානක ඇක්සිඩන්ට් එකක්.ඔයාවයි මාවයි බේරෙයි කියලත් කවුරුවත්ම හිතලා නෑ." අම්මා ඒ කතාව නිතරම කියපු කතාවක්.මගේ තාත්තා ගැන මම අහන හැම වතාවකම අම්මා කියන්නේ එහෙම කතාවක්.මාව ලැබෙන්න හිටපු අම්මා සහ මගේ තාත්තා අනතුරට පත් වුණු හැටිත් ඊටත් පස්සෙ තාත්තා ජීවිතක්ෂයට පත් වුණු හැටිත් අම්මාත් මමත් බොහොම අමාරුවෙන් ජීවිතේ බේරා...
"මේ බ්‍රෑන්ඩ් එක මාරම ෂෝක්..බලන් ඉන්නකොට සුදු වෙන්නේ." වැඩ කරන අතරෙ ෆේස්බුක් යන එක අපේ කාර්යාල නීති වල  ඉහළම තහනමක් වුණත් හිමාලි කියන්නේ මහ හයියෙන්.පරිගණක තිරය අපේ පැත්තටත් හරවන ගමන්. "බ්ලීචින් ලොරියක් ඇති.අනේ ඕවා යූස් කරන්න එපා." තිසරි තමන්ට පුරුදු හංස ගමනින් හිමාලි දිහාට ඇවිදගෙන ආවා.ඇත් දළ පාට හම, ලස්සන කොණ්ඩේ එක්ක...
විකසිත වෙමින් තිබුන මල් කැකුළක් හිරු එළිය දකින්නත් කලින්ම මිලින වෙලා යනවා කියන්නේම මොන තරම් ඛේදාන්තයක්ද ?2015 වසරේ සිදුවූ ඒ ඛේදවාචකය ඔබට තවමත් මතක ඇති.අඳුරු රාත්‍රියකදි කාමාතුරයෙකුට හසුවී තටු සිඳී ගිය ඒ සමනලිය නමින් " සේයා සදෙව්මි " අවුරුදු 4 මාස 11 වූ සේයා ගැන ඇයගේ මව්පියන්ට දහසකුත් බලාපොරොත්තු තියෙන්නට...
ගර්භනී කාලය මට පහසු එකක් නොවෙද්දී මට අර්ජුන්ගේ ආදරය වැඩිවැඩියෙන් ඕනෑ වුණා. කන්නම බැරි වෙලාවකදී එයාට මට කවන්න පුලුවන් නම්, ඉදිමුණු කකුල් තවන්න පුලුවන් නම් මොනතරම් දෙයක් ද? "මට හරි මහන්සි අර්ජුන්.." මම සමහර වෙලාවට හරිම මහන්සියෙන් කියනවා. අර්ජුන් ඇස් උස්සලා බලන්නේ අපහාසයකින් "නිකං කකා බිබී ඉඳලා?? ප්‍රෙග්නන්සි එක මුවාවෙන් ඔයා කිසිම...
ඒ සුපිරි වෙළඳ සංකීර්ණයක හවස් යාමයක්. අත්තම්මා කෙනෙක් තමන්ගේ පුංචි මුණුබුරා සහ මිණිබිරිය එක්ක අත්‍යවශ්‍ය බඩු මිලදී ගනිමින් ඉන්නවා. ඇත්තටම අත්‍යවශ්‍ය බඩු මිස වෙන කිසිම දෙයක් ගන්න අත්තම්මා ළඟ සල්ලි නෑ. සල්ලි කියන්නේ ප්‍රවේසමෙන් පාවිච්චියට ගන්න ඕනෑ දෙයක් බව දරුවන්ට මතක් කරමින් ඇය භාණ්ඩ තෝරනවා. "අපි සීයට මොනවද ගන්නේ?" මිනිබිරියට හදිසියේ...
අම්මේ.. තාත්තා ඉන්නේ කොහෙද?" හැම රාත්‍රියකම නින්දට පෙර අම්මාගෙන් එහෙම අසන පුරුද්දක් මට තිබිණි. තාරකා පිරුණු රාත්‍රියේ අහස දෙස බලා හිඳින මගේ හිස අත ගාමින් ඈ කතාන්දර කීවා ය. "අර දිලිසෙන තරුවේ ඉන්නේ තාත්තා.." අම්මා කියන්නේ තරුවක් පෙන්වමිනි.ඉතා දීප්තිමත්ව දැල්වෙන තාරකාව දෙස බලා සිටින මට ඉන්පසු අලුත් ආසාවක් ඇති වේ. "අම්මේ.. මට අහසට...
පූජා ඉන්දියාවේ කුඩා නගරයක "Milk centre" එකක් පවත්වාගෙන ගිය තරුණියක්.ලෝකය පුරා පැතිර යන කොවිඩ් වසංගතයේ අතුරු බලපෑමක් වන ආර්ථික ගැටළු ඇයට ද බලපාමින් තිබුණා. නමුත් ඇය ධෛර්යමත් ලෙස එයට මුහුණ දෙමින් සිටියා. පූජා පුවත්පත් දකින්නේ ඒ අතර."කොරෝනා වසංගතය බොහෝ දෙනෙකුට රැකියා අහිමි කරලා" එහි ඇත්තේ එවැනි කතාවක්.හදිසියේ පහළ වන සිතුවිල්ලක්...
අපේ අසල්වැසි නිවසට පදිංචිය පිණිස පවුලක් පැමිණ තිබිණි. ගමේ මුල් වැසියන් වූ අපට අසල්වැසි නිවසට "වෙනත් පළාතක පිරිසක්" පැමිණීම ගැන තිබුණේ අකමැත්තකි. "කොහෙන් එන මිනිස්සුද දන් නෑ." මගේ අම්මා අකමැත්තෙන් පැවසුවා ය. "මේ වගේ පිටිසර පළාතකට එන්නේ හැංගිලා ඉන්න කැමති මිනිස්සු" ඇගේ යෝජනාවට මට එකතු කරන්නට දේවල් විය. පියා සහ දියණිය සමඟ පැමිණ ඇත්තේ...
මම මගේ තාත්තාට කිසි දිනක ප්‍රිය නොකළෙමි. ඔහු ඉතා අසාර්ථක ය. දුප්පත් ය. විවිධ දෑ කරමින් මුදල් උපයන්නට වෙහෙස වූවා මිස ඔහුගේ දියුණුවක් තිබුණේම නැත. මගේ මිතුරන්ගේ තාත්තලා සමඟ ඔහු සැසඳීම පවා මට වේදනාවකි. මාසිකව ඔහු මට පොකට් මනි ලබා දුන්නේ ය. නමුත් ඒවාගෙන් කොටසක් මම ඒ මාසයේ ඉතිරි කිරීම්...
අමිත්, ඔහු වෘත්තියෙන් රූපවාහිනි සකසන්නෙක්. ඔහුට දිනක් සුන්දර කාන්තා කටහඬකින් ඇමතුමක් ලැබෙනවා. "අමිත් කරුණාකරලා හතට කලින් එන්න පුලුවන් ද?" ඔහු ඒ ඉල්ලීම ඉතා කාරුණිකව පිළි ගන්නවා. මාර්ගය ඉතා දුෂ්කර එකක්. දුර්ග සහිත මාවතේ පාලම් මතින් සීතල දරාගනිමින් අමිත් සහ ඔහුගේ ආයතනයේ රියදුරා ඒ රූපවාහිනි අලුත්වැඩියාව වෙනුවෙන් ගමනේ යෙදෙනවා. ප්‍රධාන මාර්ගයට ගසක් කඩා...



Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error: