සාගර තරංගා – 24

0
10979

සනුකිවත් වඩාගෙන දුරකතනය කනේ රඳවාගෙන තරංගා ඉස්පිරිතාලේ පඩිපෙලෙන් එලියට බහිනවා මේධංග දුටුවේය. ඔය කතා කරන්නේ ගාමිණී කිව්ව මිනිසාට වෙන්න හැකි බව මේධංගට නිකමට මෙන් සිතුණේය. මේධංග හෙල්මට් එක දාගත්තේ තරංගාට තමන්ව නොපෙනෙන්නය. මේධංග ඉන්න බවක් හෝ මෙහෙම දෙයක් කරන්නට ඉඩක් ඇති බවක් නිකමටවත් හිතුවෙ නැති තරංගා සාගර කිව්ව විදියටම පෙර දිනයක ඔහු තමාවත් සනුකිවත් පික් කල තැනට පයින් ඇවිදගෙන ගියේය. තරංගා දන්නෙ නැති උනාට මේධංගගේ දෙනෙත තිබ්බේම තරංගාගේ වත මත ය.

දරුවත් වඩාගෙන තරංගා පාර අයිනේ මදක් ඉස්සරහට ගොස් නතර වෙන අයුරුත් ගාමිණී කිව්ව ජාතියේ වාහනයක් විත් එතන නතට කරන අයුරුත්, හුරුපුරුදු තාලයට තරංගා සනුකි එක්කම ඒ කාරයේ ඉස්සරහ අසුනට නගිනවා දුටුවත් සමගම මේධංග බයිසිකලය ස්ටාට් කර හරවාගත්තේ අද දෙකෙන් එකක් බේරගන්නවා යන අදහසිනි.

සාගර වාහනය පණ ගන්වා ඉස්සරහට කරද්දිම වගේ මේධංගත් තමන්ගේ බයිසිකලය ඒ පිටිපස්සෙන් මෙහෙයවූවේය. තමන්ව ලුහුබඳින්න කිසිවෙකුට උවමනාවක් තිබෙන්නට හැකි බව නොහිතුව සාගරත් තරංගාත් වාහනය ඇතුලේ සුපුරුදු කතා බහක නිරත වූවේය.

“ඒ වගේ දෙයක් දැනගන්න ලැබෙන එක නම් ඇත්තටම හරිම සන්තෝසයක්. මං ඒකනෙ තරංගට කලිනුත් කිව්වෙ ඕටිසම් කියන්නෙ එහෙම මේ ලොකුවට කලබල වෙන්න ඕන, ජීවිතේම විනාස උනා කියල හිතන්න ඕන විදියෙ කන්ඩිශන් එකක් නෙවෙයි. ලෝකෙ අද හරි දියුණුයි. ඉස්සරත් ඕටිසම් වගේ කන්ඩිශන්ස් තිබුණ දරුවො ඉන්නැති. කොටින්ම කිව්වොත් තරංගා ඔයාලා අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ පංතිවල උන්නු සමහර ළමයි පවා පෙන්නුවෙ ඒ ඕටිසම් වගේ ගති ලක්ශණ නේද කියල මටත් තේරෙන්න පටන් ගත්තෙ මම මේ ගැන ස්ටඩි කරන්න පටන් ගත්ත මේ මෑත කාලයකදි.

ඒ ළමයින්ගෙ අම්මල පවා ඒ දරුවන්ගෙ කන්ඩිශන් එක ගැන දැනගෙන උන්නෙ නැති හන්ද මුකුත් ට්‍රීට්මන්ට් ලැබෙන්නෙ නැතුව සාමාන්‍ය වර්දනයක් පෙන්වන දරුවො එක්කම ඉගෙනගන්න ජිවිතේට පුරුදුවෙන්න දැම්මා. දැන් ඒ සමහර ළමයි අද වෙද්දි හොඳ තැන්වල ඉන්නව. ඉතින් එහෙම එකේ අද වගේ ටෙක්නොලොජි එක දියුණු කාලෙක ඔය වගේ දේවල් ටක්ගාලා අයිඩෙන්ටිෆයි කරගෙන ට්‍රීට්මන්ට් කරන එකේ ඔයා හිතන්න මේ දරුවන්ට කොච්චර දුර යන්න පුලුවන් ද කියලා.

මම මේ ලඟඳි ආටිකල් එකක් කියෙව්වා බර්බෙක් සහ යූසීල් එක, ලන්ඩන් යුනි එකත් එක්ක එකතුවෙලා අලුතෙන් ඩිවලොප් කරපු වෙයාරබල් බ්‍රේන් ඩිවයිස් එකක් ගැන. එයාලා අන්තිමටම හදපු ඒ වගේ ඩිවයිස් එකකින් පුලුවන් වෙලා තියෙන්නෙ එක වෙලාවෙ මොලයේ කොටස් එකක හරි දෙකක් අතර වෙන කමියුනිකේශන් ගැන හොයන්න විතරලු. ඒ උනාට මේ අලුත් ඩිවයිස් එකෙන් එක වෙලාවෙ සම්පූර්ණ බ්‍රේන් එකේම ඇක්ටිවිටිස් ගැන හොයන්න පුලුවන් කියල. ඉස්සර අපිට මොලේ ගැන හොයන්න තිබුන එකම ඩිවයිස් එක එම් ආර් අයි විතරනෙ. ඒකක් ඇතුලෙ විනාඩි තිහක්වත් ඉන්න ඕන හරි සෙන්ස් එකක් ගන්න වෙන දේ ගැන. අනික බබාලව එම් ආර් අයි ස්කෑන් එකට දාන එක ප්‍රැක්ටිකලුත් නෑ. දැන් මේ අලුත් ඩිවයිස් එක බබාලා ගොඩක් එක්ක ටෙස්ට් කරලා එයාලා අඳුනගෙන තියෙනව බබාලා මාස පහක වගේ ඉඳල එයාලගෙ වටේ සිද්ද වෙන දේවල්වලට මොලයෙන් ප්‍රතිචාර දක්වනවා කියල

ඒ නිසා අපිට බබා ගැන බයවෙන්න කිසිම දෙයක් නෑ තරංගා. අනික ඔයා වගේ කැපවීමෙන් ආදරෙන් දරුවෙක්ට කෙයා කරන අම්මා කෙනෙක් ඉන්නවා කියන්නෙ අපිට බය වෙන්න කිසිම හේතුවක් නෑ”

“තැන්ක්‍යු ඩොක්ටර්. ඇත්තටම මට මේක මාර ලොකු ගුඩ් නිව්ස් එකක් ඩොක්ටර්. මගේ දරුවාට කවදාවත් නෝමල් විදියට ලයිෆ් එකට එන්ටර් වෙන්න බෑ කියලා මගෙ හිතේ තියෙන බය ලොකුවටම නිදහස් කරන්න මේ ගෙවිච්ච ටික දවසට ඩොක්ටර් මට ලොකු සපෝට් එකක් දුන්නා. මං ඇත්තටම ඒක කවදාවත් අමතක කරන්නෙ නෑ. මට මේ කොළඹ මගෙ කියල කියන්න කවූරුවත් නෑනෙ. මට ඇත්තටම ඩොක්ටර් හොඳ යාලුවෙක් වගේ”

“ශහ් ඒක අහන්න ලැබිච්ච එකත් හරි ශෝක්. මගෙ සර්කල් එක ඇත්තටම හරි පොඩි. සර්කල් එකක් කියන්නත් බෑ හරියට ඩොට් එකක් වගේ. මං ගොඩක් කැමතියි නිස්කලංකෙ ඉන්න. ගොඩක් මිනිස්සු ඉතින් එහෙම නෑනෙ. එහෙම කාලෙක තරංගා වගේ මැචුවර්ඩ් යාලුවෙක් හම්බුවෙච්ච එක මටත් ලොකු දෙයක්”

සාගරත් තරංගාත් මේ විදියට කතා කරගෙන යද්දී සාගර වාහනය මෙහෙයවූවේ තරංගාගේ නවාතැන වෙත යන්නය. යන්නෙ කොහෙද කියා කිසිම අදහසක් තිබ්බෙ නැතත් මේධංග උන්නේ දිගටම සාගරගේත් තරංගාගෙත් වාහනය පස්සෙ බයික් එක මෙහෙයවන ගමන් ය. විටෙක ලංවී මුන් දෙන්න උකුලු මුකුලු කර කර යනවද කියා බලන්න උවමනාව තිබ්බත් ඕනවට වඩා ලං වෙන එකෙන් මේ ප්ලෑන් එක අවුල් යාවි කියන බය හන්දා මේධංග එහෙම කරේ නැත.

“තරංගා මං ඔයාට කියන්න ඉඳියෙ මේ අර්ලි ඉන්ටවෙන්ශන් ප්‍රෝග්‍රෑම් එකට එන අතරවාරයේම අපි බබාව දාමුද කියල ඕටිසම්, ඒඩීඑච්ඩී වගේ බබාල වෙනුවෙන් තියෙන ස්පෙශල් ස්කූල් එකකට කියලා. දැන් ඒවත් කින්ඩර්ගාර්ට්න් ලෙවල් එකේ ඉඳලම තියෙනවනෙ. සමහර විට ඔයා දැනටම එයාව ගොඩක් ඉම්පෘව් කරලා තියෙන හන්දා අපි ඒ වගේ දෙයක් කරොත් එයාට එයාගෙ වයසෙ බබාලා එක්කම නෝමල් විදියට ප්‍රී ස්කූල් යන්නත් පුලුවන් කමක් තියේවි කියල මට හිතෙනවා”

“ඩොක්ටර් හිතනවනම් ඒක හොඳ ඔප්ශන් එකක් කියල මම කැමති ට්‍රයි එකක් දීලා බලන්න. හැබැයි මට තියෙන අවුල එයා ඒ වගේ තැනක මම නැතුව ඉඳිවිද කියන එක”

“අපි දරුවන්ට පුරුදු කරන්නත් ඕන ඒක නේද තරංගා? අපි නැතුව ජීවත්වෙන එක තමයි මං හිතන්නෙ දරුවන්ට දෙන්න පුලුව ලොකුම ලයිෆ් ස්කිල් එක. ඔයාට කෑශ් ඉශූ එකක් නෑ නේද? මොකද නෝමල් කින්ඩර්ගාර්ට්න් එකකට වඩා මේ වගේ තැනක් පොඩ්ඩක් එක්ස්පෙන්සිව් නෙ. මම බැලුවා තැන් කීපයක්ම. මම දන්න ලේඩි කෙනෙක් කරන ටෙඩීස් කාසල් කියලා තැනක් තියෙනවා. ඔයා කැමති නම් මම එතනට කෝල් එකක් දීලා තව විස්තර එහෙම අහගන්නම්. නැත්තම් ඔයාට උනත් පුලුවන් කන්ටැක්ට් කරලා බලන්න”

“කෑශ් ඉශූ එකක් නෑ ඩොක්ටර්. මම ඉස්සර ජොබ් එකක් කරානෙ. ඒකෙන් මට ගොඩක් හොඳ සැලරි එකක් හම්බුනා. ඒක වියදම් උනේ නැති තරම්. එහෙමම ඉතුරු කරලා තිබුනෙ. දැනටත් මම ෆ්‍රීලාන්ස් වලින් හම්බුවෙන සල්ලි සතයක්වත් වියදම් කරන්නෙ නැතුව එහෙමම් ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දානවා කවදහරි බබාට ඉස්කෝලෙ යන්න වගේ වියදමක් කරන්න ඕන තැනකදි ගන්න කියලා. ඒ නිසා කෑශ් නම් ලොකුවට ගැටලුවක් වෙන්නෙ නෑ”

“හරි අපි එහෙනම් නෙක්ස්ට් වීක් එකේ පොඩ්ඩක් ගිහිල්ල බලමු. මම කලින් කෝල් එකක් දෙන්නම්. මම ඔයාට ඉස්සෙල්ලා එතන ලින්ක් එක එවන්නම් පොඩ්ඩ්ස්ක් රිසර්ච් කරලා බලන්න” කියමින්ම සාගර තරංගාගේ නවාතැන පිහිටි මාවතට රිය හරවා මදක් දුර ගොස් ගේට්ටුව ලඟ රිය නතර කලේය.

තරංගා වාහනයෙන් බහින්න සූදානම් උනත් සාගරයේ අතින් අල්ලගෙන උන් සනුකි නම් ඒ අත අතාරින්න එහෙම ලේසියෙන් කැමති නැති පාටය. “ආයෙ අංකල් එන්නම් බබීව රවුමක් එක්කගෙන යන්න හොඳේ, දැන් අම්මි එක්ක ගිහින් වොශ් දාලා කාල දොයිය ගන්න ගුඩ් බබී වගේ” දාහක් කතා කියා සියවරක්වත් කිරිකැටි මූණ ඉම්බයින් පස්සෙ පමණක් සාගරගේ අත අතාරින්න තරම් බටු ඇටේ දැන් පැහිලාය.

තරංගා සනුකිව වඩාගෙන සිනාමුසු මූණෙන්ම ගේට්ටුව වහන විදියත්, වාහනය ආපස්සට හරවගෙන යන්නට සූදානම් වෙච්ච සාගරගේ මූණෙ තිබ්බ හිනාවත් මේධංග දැක්කේය. ඒ වෙලාවේ හිත ඇතුලේ පිරී තිබිච්ච තරහා එලියට ගත්තා නම් මේ කොළඹම ගිනි තියන්න පුලුවන් බව මේධංග හිතුවේය. 

තරංගා ඉන්න තැන හොයාගත්ත එක ඇත්තකි. ඒත් ගමන මෙතනින් නතර නොවේ. “මේ වාහනයේ ඉන්න කසාද බැන්ද දරුවො ඉන්න ගෑණුන්ව ගෙවල් වලින් ඩ්‍රොප් කරන පාහරයාගේ” ගෙදර හොයාගන්න ඕන බවත් මේධංග ඒ ඇවිලෙන හිතට කිව්වේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here