හිරුනිට බබෙක් ලැබෙන්න කියලා දැනගත්තාම භාතිය කොච්චරක් සතුටු වුනත්, හිරුනි ඉන්නේ යම් අවදානමක කියලත්, මුල් සති කිහිපයම ඇඳෙන්වත් බහින්නේ නැතිව ඉන්න එක හොඳයි කියලා වෛද්‍යවරයා කියනකොට භාතියටත් කරගන්න දෙයක් නැති වුණා. උසස්පෙළට සති තුනයි. අවසාන සති දෙකේ පුනරීක්ෂණ වලින් එක පැයක්වත් අඩු කරන්න බැහැ. ගෙදර එනකොට කොහොමටත් රෑ දහය පහුවෙනවා....
තාරුකාට රැකියාවේ ලැබුණ උසස්වීම ගැන සහන් හිටියේ හරිම සතුටින්. ඒ උසස්වීම වෙනුවෙන් තාරුකා මොන තරම් මහන්සී වුනාද කියලා සහන් දන්නවා. ඒ නිසාම තාරුකා උසස්වීම අරගෙන ගෙදර එන දවසේ හවස සහන් වේලාසන ගෙදර ආවා. ඒ එන ගමන් ප්‍රසිද්ධ මල් වෙළඳ සැලකට ගිහින් ටියුලිප් මල් පොකුරක් මිලයට ගත්තා. කේක් එකකුයි, තාරුකා...
පාරමී දවස් කිහිපයක් ම කාමරෙන් එලියට බැස්සේ නැති තරමයි. නාගන්න කාමරෙන් එලියට ආවේ දවස් දෙකකට පස්සේ. කාමරේ හිටියත් කලේ ඇඳට වෙලා ගුලි වෙලා හිටපු එක. අම්මා බලෙන්ම කවපු බත් කටක් ඇරෙන්න තනියෙන් හිතලා වතුර උහුරක්වත් බොන්න පාරමීට ඕනෑකමක් තිබුණේ නැහැ.
ඉරිදා රෑ මුලු ලංකාවේ ඇස් යොමු වෙලා තිබුණේ දැවැන්ත ගායන...
ස්වර්ණා ගේ ජීවිතයේ අනිත් පැත්ත හැරුඅන නිමේශය ආවෙ හිතුවෙවත් නැති විදියට. ස්වර්ණාගේ වැඩිමහල් පුතා යාළුවොත් එක්ක මෝටර් සයිකල් වල ගමනක් යනකොට රිය අනතුරකට මුහුණ දීලා තිබුණා. මෝටර් සයිකලය පිටිපස්සේ වාඩිවෙලා ගියපු ස්වර්ණ ගේ වැඩිමහල් පුතා රිය අනතුර නිසා ඉතාමත් බරපතළ තුවාල ලබලා රෝහල් ගත කරන්න සිද්ධ වුනේ ස්වර්ණගේයි ,...
ගෙවෙන හැම තත්පරයක් ගානෙම, අපි ඇහි පිය හෙලන ඇසිල්ලෙන් පවා, ලෝකෙ බොහෝ තැන් වල විවිධ පීඩාවන්ට, දුක්ඛිත තත්වයන්ට, වේදනාවන්ට පත් වුන පුංචි දරු පැටවු ගැන ඔබ කතා අහල ඇති. එහෙම කතා නිසා හිත උණු වෙලා, ගත හිරි වැටිලා ගිහින් ඇති. අතිශය සංවේදී බිඳ වැටීම් වලට මුහුණ දීලා ඇති. අද...
“ඒ ළමයිව ආස්‍රය කරන්න එපා කියල කොච්චර කිව්වත් මේ මෝඩ ළමය අහන්නෙම නෑනෙ”
ඒ ඇහෙන්නෙ බලවර්ධන නෝනගේ කටහඬ. බලවර්ධන නෝන බලවත් නමට විතරක්ම නෙවෙයි. එඩ්වින් බලවර්ධන කියන්නෙ මාතර පැත්ත හොල්ලන් උන්න ව්‍යාපාරිකයෙක්. ඒ මනුස්සයගෙ නෝන මහත්තය විදියට බලවර්ධන නෝනටත්, සල්ලි ද, දේපලද, බලයද ඕන පදං තිබ්බා.
බලවර්ධන පවුලට උන්නෙ එක ළමයයි....
“පාරමී පැනල ගිහින්ලු නේද?”
උදේම මේ කිචි බිචිය ආවෙ ඉස්කෝලේ උසස්පෙල පංතියක කෙලවරකින්.
කතාව උනේ සුධාරියි,මලීශායි, ගෝතමියි අතරෙ. පාරමී කියන්නෙ මේ තුන් කට්ටුව හතරක් කරපු තව එක යාලුවෙක්. හැබැයි යාලුවෙක් කිව්වට දැන් නම් ඒක එහෙම නෑ වගේ තමයි.
“පැනල ගිහින් නෙවෙයි, එයා ඒ බෝයි එක්ක යන්න හදද්දි අම්මල අල්ලගෙන”
සුධාරි එහෙම කිව්වෙ ඔච්චමට...
අමාලි පුතාගේ හැසිරීමේ වෙනස දවස් දෙක තුනක ඉඳන් බලාගෙන හිටියා. කසුන් එක්ක ඒ ගැන කතා කරාට, කසුන් ට එහෙම වෙනසක් පෙනුනේ නෑ කියලා කිව්ව එක ගැන අමාලි හිටියේ හිත හොඳ නැතුව. ඒත් පුතා වෙනදාට උදෙන් ඇහැරෙන එක , තනියෙන් ඇඟ සෝදගෙන ලෑස්ති වෙන එක, තනියෙන් කෑම කන එක, කෑම...
නිර්මලා ගෙදර ආව වෙලාවේ ඉඳන් මූණ එල්ලගෙන ඉන්න හැටි සනත් බලාගෙන හිටියේ. වෙනදාට ළමයි දෙන්නා එක්ක හරි හරියට දොඬමළු වෙන, ඒ අතරේ තමන් ඉන්න දිහාවටත් ඇවිල්ලා මොකක්ම හරි කියලා යන නිර්මලාගේ නිහඬ බව සනත්ට වෙනසක් විදියටම දැනුණා. පහුවෙනිදා ට නියමිත ඇඳුම් ඇණවුම් ටික පාර්සල් කරලා ඉවර වෙනකනුත් නිර්මලා කාමරේ...
" උඹ ඔය කසාදේ කර ගත්තොත් එහෙම උඹට දේපළවලින් මුකුත් හම්බ වෙන්නේ නෑ තරංග. අන්න ඒක මතක තියා ගනින් "
සෝමවීර ගෙදර දෙවනත් වෙන්න කෑ ගහලා පුටුවකින් වාඩි වුණා. මාලනී ත් හිටියේ ඊට නොදෙවෙනි කෝපයකින්.
" එක එක්කෙනා මෙතන ඇවිල්ලා කියද්දී පුතා දෙමළ කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවා කියලා අපි විශ්වාස...