Mini Stories

අනන්ත මගේ අත අත් හැරියේ කැමැත්තෙන් නෙවෙයි කියලා වැටහුණා. ඒත් මේ ගමන අනන්තගේ අතේ එල්ලිලා යන්න තරම් මට හය්යක් නැහැ. මම ආයෙම හැරිලා අනන්ත දිහා බැලුවා. " මං එන්නම් නිම්නාදී..." අනන්ත එහෙම කියන්න ඇත්තේ කීවෙනි වතාවටද මන්දා. මම හිස වැනුවා.  ලොකු හුස්මක් ගත්තා.  පික් මී මෝටර් රියක් මගේ ඉස්සරහ නැවතුණා.  "මිස් පික් මී...
" මොනවද ළමයො ඔය මිදුලේ දූවිලි අවුස්සන්නෙ ඔච්චර ? "  පද්මා මිදුලට බැස්සේ ඉමේශා මිදුල අතුගාන්න පටන් අරන් ටික වෙලාවක් යනකොට " ඒ හැටි දූවිල්ලක් නෑනෙ අම්මේ.පාන්දර වැස්සේ "  ඉමේශා උත්තර දෙනකොට පද්මා ආයෙම මූණ හකුල ගත්තා " වැස්සට වැඩක් නෑ.මගෙ නහයත් එක්ක දනවා.අනෙ මන්දා ගෙවල් වල කොහොම හැදුනද කියලා මිදුලක් අතුගා ගන්නවත්...
" වැස්ස කාලෙට ළමයි ඉස්කෝලේ එන්නේ නෑ.. එන්නේ නෑ නෙවෙයි, උන්ට එන්න විදියක් නෑ..." ලොකු සර් එහෙම කියනකොට චන්දිම ඒ ගැන තව දැනගන්න  උනන්දු වුණා. අලුත් පත්වීම අරගෙන චන්දිම අලුත් ඉස්කෝලෙට ආවේම වැස්සත් ඉස්සර කරගෙන. ඒ හින්දාම ඉස්කෝලේ ළමයි දකිනවට වඩා චන්දිමට දකින්ම වුණේ හිස් පුටු බංකු. "  මේ අවුරුදු දෙකක...
" අනුෂ්ක , කෑම හදලා තියෙන්නේ බෙදාගෙන යන්න හොඳේ. මට පරක්කු වෙනවා මම යනවා "  විද්‍යා එහෙම කියලා මේසය උඩ තිබුණ අත් බෑගය අරගෙන කඩිමුඩියේ ගෙදරින් පිට වුණේ අනුෂ්ක රැකියාවට යන්න ලෑස්ති වෙමින් ඉන්නකොට.  ඒ වෙලාවේ අනුෂ්කට මතක් උනේ විවාහ වුණ මුල් කාලයේ අනුෂ්ක ආසම කෑම වලින් පුරවපු කෑම පෙට්ටියයි ,...
"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර රෝස පාට මල් වලින් හදාපු මල් බොකියකුත් අතේ තියාන, මම වත්ත පල්ලෙහ පොකුණ පැත්තට වැටිච්ච පඩිපෙළ උඩ වාඩිවෙලා උන්නා. උන්නෙ තනියම උනාට එකපාරටම පිටිපස්සෙන් ඇහිච්චි කටහඬට මන් තිගැස්සුනේ නැත්තෙ, ඒ කටහඬ මට...
ලොකු දුවගේ උපාධි ප්‍රධානෝත්සවයට ලීලාවයි, කපිලවයි එක්කගෙන යන්න ඕනි කියලා කිව්වේ ලොකු  දුව. ලොකු දුව එහෙම කිව්වාම මම හිතාගන්න බැරුව ඒ දිහා බලාගෙන හිටියා. තිස්ස වුනත් ලොකු දුව දිහා පුදුමෙන් බලාගෙන ඉන්න බව මං දැක්කා. " පාස් දෙකයි නේද පුතේ ලැබෙන්නේ?" තිස්සට අහන්න මතක් වුණාට මට එහෙම දෙයක් විමසන්න මතක් වුණේවත්...
 "ඔයා අවුරුද්දට මොකද කරන්නෙ හිතාගෙන ඉන්නේ නිශාදි ? "  සංසකා ඇහුවේ කෑම පැයේදී. අවුරුද්දට තමන් ගෙදර අයට දෙන්න විසි තිස්දාහක තෑගි ගත්ත බව සංසකා කිව්වෙ මීට විනාඩි ගානකට කලින්. ඒ නිසාම නිශාදිගේ ඇස් වල වගේම හිතේ තිබ්බෙත් හිස් බවක් " බෝඩිමට වෙලා ඉන්නවා " නිශාදි කිව්වේ හැඬුමක් හිර කර ගෙන කියලා සංසකාට...
" ඔයා මහ ලොකු රස්සාවක් ද අයේෂා කරන්නේ ?. නිකන් මූනිච්චාව ...." චරක එහෙම කිව්වාම අයේශාට දැනුණේ තමන්ගේ කම්මුලට ගැහුවා වගේ. කවදාවත් නැති විදියේ අවලාදයක් එකපාරටම කඩාගෙන වැටුණම ඒකට මුහුණ  දෙන්න ඕනි කොහොමද කියලා අයේශාට වැටහුණේ නැහැ. අයේෂා චරක දිහා බලාගෙන හිටියා.  "ඇයි අම්මට කිව්වේ ඔයා බිසි නිසා නංගීව බලන්න බැරි...
ඔහුගේ මේසයේ කොනක ඉඩක් වෙනස් නොවීම කෙනෙකු වෙනුවෙන් වෙන්ව තිබීම මට මානසික වදයක් වෙමින් තිබුණි.අප හැඳිනගෙන අට වන මාසය ගෙවෙද්දි පවා ඔහු එවන චායාරූප වල ඒ කොන එහෙමම තිබීම මට ඉවසා සිටිය හැකි වූයේ නැත. ඒ කෙනා "ඇය" ලෙසින් හඳුන්වන ස්ත්‍රී ලිංගික නාම පදයක් වීම ඒ මානසික වදය දෙගුණ...
තමන්ගේ අතින් දැන හෝ නොදැන වුන වරදක් නිසා සිරගත වෙලා දඬුවම් විඳින කාන්තාවන් ගැන අපි පහුගිය ලිපි දෙකකින්ම කියෙව්වා. අද අපි කියවන්න යන්නේ, තමන්ගේ හදිසි තීරණ නිසා සිරගත වෙන එක පුරුද්දක් කරගෙන ඉන්න පුතුන් දෙදෙනෙක් නිසා විඳවන අම්මා කෙනෙක් ගැන. හැමදාම උදේට මම බස් එකෙන් බහින වෙලාවටම ඒ බස් එකෙන්...